Home / මවකගේ සිහිනය / ශ්‍රවණාබාධිත දරුවකුගේ සංවාදාත්මක හැකියාව

ශ්‍රවණාබාධිත දරුවකුගේ සංවාදාත්මක හැකියාව

2017-06-07 11:49:00       737
feature-top
 අධ්‍යක්ෂල වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයාතනය මිහිර වික්‍රමාරච්චි

පුද්ගලයන් වශයෙන් සමාජයේ ජිවත් වීමේදී එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීම අතිශය වැදගත් කාර්යයක්ග සාමාන්‍ය නිරෝගී ශ්‍රවණ මට්ටමක්ල එසේත් නැත්නම් කථන මට්ටමක් හිමි අයකුට අතිශය සරල ක්‍රියාදාමයක් වශයෙන් පුද්ගලයා අතර අදහස් හුවමාරු කර ගැනීම එසේත් නැත්නම් සන්නිවේදන කාර්යය පිළිබඳ අවබෝධ වුවද එහි තවත් නොදුටු පැතිකඩ ගණනාවක් පැවතිය හැකියිග

එනම් සාමාන්‍ය අයකුට මෙන් නොව විවිධ දුර්වලතා අබාධ තත්ත්ව සහිතව උපත ලද අයකුට එම ක්‍රියාවලිය අතිශයින්ම නුහුරු නුපුරුදු දෙයක් වනවා පමණක් නොව නිසි විධිමත් වෛද්‍යමය පසුබිමක් යටතේ ප්‍රතිකාර හෝ සාත්කාර සේවා සඳහා යොමු කර විය යුතු තත්ත්වයක් බව මූලිකවම හඳුනාගත යුතුයග

කුඩා දරුවකු මෙලොව එළිය දුටු මොහොතේ පටන් විධිමත් ආකාරයෙන් සමාජයේ අනෙකුත් පුද්ගලයන් සමඟ ගනුදෙනු කිරීමේදී මාපියන්ල ගුරුවරුන් පමණක් නොව වැඩිහිටි ඕනෑම අයකුගෙන් ඉගෙන ගත යුතුල අවබෝධ කරගත යුතු බොහෝ දේ පවතින බව අප කවුරුත් හොඳින්ම දන්නා කරුණක්ග

නමුත් ඒ දරුවා උපතින්ම යම් ආබාධිත තත්ත්වයක් සහිතව ඉපදුණු අයෙක් නම් පෙර පැහැදිලි කළ සමාජ අවබෝධයට අමතරව එවැනි දරුවකුට ලබා දිය යුතු විශේෂ අධ්‍යාපන කාර්යයක් තිබේග එම ඉගැන්වීම් කාර්යයේදී එහි ප්‍රමුඛතම පුද්ගලයන් බවට පත් වන්නේ අදාළ ආබාධිත දරුවාගේ මාපියන් හෝ භාරකරුවන්යග

මූලිකව තමාගේ දරුවාට උපතින්ම හිමි වූ ආබාධිත තත්ත්වයට පිළියම් යොදා සමාජගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් මාපියන් සතු විය යුතුයිග ඔවුන් එම වගකීම පිළිබඳ ඉතා හොඳ අවබෝධයකින් සිටිය යුතු වෙනවා පමණක් නොවේ හොඳ අවධානයකින් කටයුතු කිරීම ද ඉතා වැදගත්ග

එසේ නොවුණහොත් අනෙකුත් පුද්ගලයන්ට මෙන් සාමාන්‍ය ජීවන රටාවකට අනුගත වීමට මෙවනි දරුවකුට තිබෙන හැකියාව මොට කර ගැනීමක් සිදුවිය හැකියිග

කෙසේ වෙතත් ශ්‍රවණ ආබාධිත දරුවකු සතු ශ්‍රවණ හැකියාව දියුණු කිරිමේ විවිධාකාර ප්‍රතිකාරල ප්‍රතිකර්ම පැවතියත් දරුවකු යන්තමින් බහ තෝරන වයසේදී නිසි ශ්‍රවණයක් නොලැබීම විශාල ගැටලුකාරී තත්ත්වයකිග ඒ නිසා ආබාධිත තත්ත්වය කල්තබා හඳුනා ගැනීමල ඊට ප්‍රතිකර්ම යෙදීම වගේම දරුවාගේ කථන හැකියාව දියුණු කිරීම හරහා සංවාදාත්මක හැකියාවද වැඩි දියුණු කළ යුතුයිග

සංවාදාත්මක හැකියාව යනු තමන්ට ඇසීමට ලැබෙන දේ සඳහා නිසි ප්‍රතිචාරයක් දැක්වීමයිග නමුත් මේ පිළිබඳ විමසිලිමත් වන ඇතැම් අයගේ මතය වී ඇත්තේ සංවාදාත්මක හැකියාව යනුවෙන් හඳුන්වන්නේ දරුවා විසින් පාඩම් කරන ලද දෙබස් කට පාඩමින් පැවසීම යන්නයිග නමුත් එය මුළුමනින්ම වැරදි මතවාදයක්ග ඒ අනුව සංවාදාත්මක හැකියාව යන්නට පවතින නිවැරදිව අර්ථකථනය වන්නේ දරුවා විසින් යම් අයෙක් තමාගෙන් අසන ලද පැනයකට අදාළව ස්වාධීනව තමාගේ සිතුවිලිල අදහස් ප්‍රකාශ කිරීම ලෙසින් පැහැදිලි කළ හැකියිග මෙය ඉතාමත් ස්වභාවිකව සිදුවිය යුතු බව මූලික වශයෙන් අවබෝධ කරගත යුතුයිග

ඕනෑම දරුවකු තුළ සංවාදාත්මක හැකියාව දියුණු වන්නේ ඒ දරුවා ජීවත්වන පරිසරය ආශ්‍රයෙනිග විශේෂයෙන් වෙනත් බාහිර අයෙකු සමඟ කරන අදහස් හුවමාරු කර ගැනීමේදී හැසිරිය යුතු ආකාරය වගේම භාවිතා කළ යුතු වචන මොනවාද යන්න පිළිබඳ දරුවාට නිසි අවබෝධයක් ලබාදීම ඉතා වැදගත්ග මෙය සිදු කිරීම සඳහා ආබාධිත දරුවකුට විශේෂිත ක්‍රමවේදයක් භාවිතා කිරීමට සිදු වේග එම ඉගෙනීම දරුවාට තනිව සිදු කිරීම අපහසු වන අතර ඒ සඳහා පෙර පැහැදිලි කළ පරිදි විශේෂයෙන් මාපියන්ගේ සහයෝගය මෙන්ම ගුරුවරුන්ගේ සහයෝගය ලබාදීම ද අතිශයින්ම වැදගත්ග ශ්‍රවණ ආබාධිත දරුවකු නිවස තුළ තමාට හුරුපුරුදු පරිසරය තුළ තනිව හැඳී වැඩුණ ද පාසල තුළදී වගේම පෙර පැහැදිලි කළ ලෙස සමාජය තුළදී ස්වාධීනව කටයුතුඳූ කළ යුතුයිග

නුවන්ති කුලරත්න

curtesy :dinamina.lk

More News »