Home / මවකගේ සිහිනය / ඇඟිලි උරන දරුවන්ට දිය යුතු සහ නොදිය යුතු දඬුවම් ගැන දැනගන්න

ඇඟිලි උරන දරුවන්ට දිය යුතු සහ නොදිය යුතු දඬුවම් ගැන දැනගන්න

2017-06-11 02:02:00       623
feature-top
වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම මව්කුස තුළ දරුවෙකුගේ හැසීරීම දැකගන්නට අද වන විට සෑම මවකටම අවස්ථාව උදා වෙනවාග අතපය විසි කරමින් දඟලමින් නිදහසේ මව්කුස තුළ සැරිසරන කිරිකැටියා විටින් විට තම ඇඟිල්ලක් මුව තුළ රුවා ගන්නා ආකාරය දුටු මව්වරුන් ද අපි අතර සිටිය හැකියිග අම්මලාගේ වචනයෙන් කියනවා නම් ”දරුවන්ගේ ඇඟිලි උරන නරක පුරුද්ද” ඇරඹෙන්නේ මව් කුස තුළ වැඩෙන අවධියේ සිටයිග

ළදරුවෙකු බිහි වී පළමු වසර ඇතුළත මූලිකවම ආස්වාදය පිළිබඳව දැනුවත් වන්නේ කටට දැනෙන රසවලට අනුවයිග මේ වයස් කාණ්ඩයේ දරුවන් අතට හසුවන සියලූ දේ මුව තුළට දමා ගන්නේ ඒ නිසයිග අතේ සෑම ඇඟිල්ලක්ම මුව තුළට දමා ගනීග ඇතැම් දරුවන් පාදයේ ඇඟිලිත් මුව තුළට යොමු කරගනීග එයට හේතුව වන්නේ මුඛය හරහා දරුවා මූලිකව දැනුමක් ලබාගැනීමයිග අන්න ඒ නිසාම දරුවෙකුගේ පළමු වසර තුළ එනම් ළදරු අවධියේදී මේ පුරුද්ද සාමාන්‍ය තත්ත්වයක් ලෙස හැඳින්විය හැකියග

කෙමෙන් කෙමෙන් දරුවා වැඩෙත්ම ඔවුන් වටපිටාව පිළිබඳව දැනුවත් වීම සඳහා වෙනත් ක්‍රම තෝරාගන්නා අතර වයස අවුරුදු 2 -4 කාලය වන විට සාමාන්‍යයෙන් මේ තත්ත්වය මග හැරී යන අතරම ඇතැම් දරුවන් දැතේ සියලූ ඇඟිලි වෙනුවට එක් ඇඟිල්ලක් පමණක් තෝරා ගැනීමට යොමු වේග වයස අවුරුදු 4 දක්වා කාල සීමාව තුළ මෙසේ අඟිලි ඉරීම අසාමාන්‍ය තත්ත්වයක් නොවුණ ද වයස අවුරුදු හය ඉක්ම වූ දරුවන් මෙම තත්ත්වය පෙන්නුම් කරයි නම් දෙමාපියන් ඒ පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍යය වේග

දිගින් දිගටම දරුවෙකු මෙසේ ඇඟිලි ඉරීම දරුවාගේ මානසික සෞඛ්ය හා සම්බන්ධ ගැටලූකාරී තත්ත්වයක් වීමට ද ඉඩ ඇතග එය එම දරුවාගේ ශාරීරික සෞඛ්ය හා සම්බන්ධ නොයෙකුත් ගැටලූකාරී තත්ත්වයන් ද ඇති කිරීමට හේතු විය හැකියග
ඇඟිලි උරන දරුවෙකුට ඇති විය හැකිය ශාරීරික සෞඛ්‍ය හා සම්බන්ධ ගැටලූකාරී තත්ත්වයන් ථ

    දන්ත විකෘතිතා ඇති වීම
    මේ පුරුද්ද දිගින් දිගටම පැවතීම නිසා ඇඟිලිවල විකෘතිතා ඇති විම
    දරුවා මිතුරන් ඉදිරියේ සමච්චලයට ලක්වීම
    වැඩිහිටියන්ගේ විවේචන හේතුවෙන් දරුවාගේ අත්මාභිමානයට කැලැල් වීම
    විෂබීජ කුස තුළට ඇතුළු වීම හේතුවෙන් රෝගාබාධ ඇති වීම
    නියපොතු යට විෂබීජ රුඳීම හේතුවෙන් Paronychia තත්ත්වය ඇති විය හැකිය

ලිපියෙහි පෙර සඳහන් කළ පරිදි පළමු අවුරුද්ද තුළ දරුවෙකුගේ ඇඟිලි ඉරීමේ තත්ත්වය සිය යහපත වෙනුවෙන් සිදුකරන සාමාන්‍ය දෙයක් වන අතරම වයස අවුරුදු හය සම්පූර්ණ වූ දරුවන්ගේ මෙම තත්ත්වයට යම් යම් හේතු තිබිය හැකියග ඇතැම්විට දරුවාගේ යම් මානසික පීඩාකාරී තත්ත්වයක් පිටතට පෙන්නුම් කරන ලක‍ෂණය වන්නේ ඇඟිලි ඉරීම විය හැකියග මෙහිදී ඇඟිලී ඉරීම කුඩා කාලයේදී නතර කොට සිටි දරුවෙක් නැවත එය ආරම්භ කළේ නම් අනිවාර්යයෙන්ම ඒ දරුවාට යම්කිසි පීඩාකාරී වටපිටාවක් ඇති වීම සම්බන්ධයෙන් එය සුවිශේෂී සාධකයකිග

බියල තමාට නුහුරු ස්ථානයකදී නුහුරු පිරිසක් ඉදිරියේදී නොසන්සුන් වීම හේතුවෙන් දරුවන් යොමු වන මෙම ඇඟිලි ඉරීමේ තත්ත්වය කුඩා කාලයේදී මෙන්ම වයසින් මුහුකුරා යද්දීත් දරුවෙකු සිදුකරන්නේ තමා යම් වටපිටාවක් තුළ නොසන්සුන් වීම හේතු කරගෙනයිග වයස අවුරුදු හය සම්පූර්ණ දරුවෙකු මේ පුරුද්දට යොමු වීම පිළිබඳව දෙමාපියන් කල්පනාකාරී විය යුත්තේ ඒ හේතුව නිසයිග
ඇඟිලි උරන පුරුද්ද නතර කරන්නට මව්වරුන් නොකළ යුතු දේ ථ

    දරුවා විවේචනයට ලක්කිරීම
    ඇඟිලි වල යම් යම් දේ ආලේප කිරීම
    අත්වැසුම් යෙදීම

ඇඟිලි උරන දරුවා එයින් මුදවා ගැනීමට මව්වරුන් කළ යුතු දේ ථ

    ඇඟිලි උරන අවස්ථාවේදී වැඩිහිටි ඔබ දරුවා මගහරින්නග උදාහරණයක් ලෙස කතාන්දරයක් කියාදෙන අවස්ථාවක දරුවා ඇඟිලි උරයි නම් ඔබ ඒ කතාව කියාදීම නතර කර ඉවත්ව යන්නග කිසිදු අවස්ථාවකදී ඇඟිලි ඉරීම සම්බන්ධයේ දරුවාට දඬුවම් කිරීමෙන් වළකින්නග හැමවිටම ඔබේ අවධානය ඒ කෙරේ යොමු කිරීමෙන් වළකින්න
    ඇඟිලි ඉරීම සිදු නොකරන අවස්ථාවලදී දරුවා පැසසුමට ලක්කරන්නග වර්ණනා කරන්නග දරුවා එසේ නොකරීම පිළිබඳව ඔබ ඉතා සතුටට පත්වන බව පවසන්නග හැකි තරම් දරුවා සතුටට පත්වන ආකාරයට කටයුතු කරන්න

ඇඟිලි උරන ඔබේ දරුවා

    බියපත්ව සිටීද රෑ
    බියපත් සිහින දැක රාත්‍රියේ අවධි වෙනවාද රෑ
    හිටිහැටියේ තිගැස්සෙනවාද රෑ
    ඇඳ තෙත් කරනවාද රෑ
    නිතරම මවගේ සමීපයටම වී සිටින්නට උත්සාහ කරනවාද රෑ

දරුවෙකු මෙවැනි ලක‍ෂණ පෙන්නුම් කරනවා නම් එම දරුවා ඇඟිලි ඉරීම සිදුකරන්නේ තමා සැහැල්ලූ වීම සඳහා විය හැකියිග එවිට දරුවාට පවතින ගැටලූකාරී තත්ත්වයන් හඳුනා ගනිමින් නිදහසේ කාලය ගතකිරීමට අවැසි වටපිටාව සකස් කරදීමට වැඩිහිට ඔබට හැකියිග ඒ සඳහා ඇඟිලි ඉරීම වෙනුවට වෙනත් විකල්ප හඳුන්වා දිය හැකියිග
දරුවා නොසන්සුන් වූ විට ඇඟිලි ඉරීම වෙනුවට වෙනත් ක්‍රම කියාදෙන්න

    පපුව පිරෙන්න ලොකු හුස්මක් අරගෙන හිමින් හිමින් පිටකරන්න දරුවාට කියාදෙන්න
    එකේ සිට පහට ගණන් කිරීමට දරුවාව යොමු කරන්න
    පන්ති කාමරයේදී නම් ගුරුවරිය වෙත යාමට උපදෙස් දෙන්න

මෙවැනි සරල ක්‍රම හරහා දරුවන් මෙවැනි තත්ත්වයන්ගෙන් මුදවා ගැනීමට බොහෝ අවස්ථාවලදී හැකියාව ලැබේග මෙහිදී එය නිවස තුළ විශාල ගැටලූකාරී තත්ත්වයක් බවට පත්කර ගැනීමෙන් වැලකීම ඉතාම වැදගත් වේග පෙර මෙවැනි පුරුදු නොමැතිව සිටි දරුවෙක් අලූතින් මෙවැනි පුරුද්දකට යොමු වූයේ නම් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව මව්පියන් සිහිතබාගන්නග එසේම දරුවා වයසින් වැඩෙත්ම මේ පුරුද්ද නතර කරගැනීමට හෝ මේ තත්ත්වයට හේතුව සොයා ගැනීමට හෝ වැඩිහිටි ඔබට නොහැකි නම් ළමා මනෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් කරා යොමු වීම ඉතා වැදගත් වේග

    වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
    කථිකාචාර්යල ළමා සහ යොවුන් මනෝ වෛද්‍ය විද්‍යාවල
    වෛද්‍ය පිඨයල කැලණිය විශ්ව විද්‍යාලයල රාගම

curtesy :http://www.parenting.lk

More News »