Home / මවකගේ සිහිනය / පෙර පාසැල් සිඟිත්තන්ගේ කෑම පෙට්ටිය සකසන්නට අම්මලාට උපදෙස්

පෙර පාසැල් සිඟිත්තන්ගේ කෑම පෙට්ටිය සකසන්නට අම්මලාට උපදෙස්

2017-06-13 12:42:00       620
feature-top
මව්පියන් සිය ජීවිතය කැප කරන්නේ තම ආදරණීය දරු පැටියන් වෙනුවෙනිග ඔවුන්ගේ අනාගතයල නිරෝගීකමල පෝෂණය මෙන්ම අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ඔවුන් දිවා රෑ නොතකා වෙහෙසෙයිග මේ තත්ත්වය යටතේ සෑම මවක්ම පියෙක්ම නිරන්තරයෙන් ඔවුන්ගේ සෑම කටයුත්තක් පිළිබඳවම දැනුවත් වීම අනිවාර්ය වනවා සේම බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයග දරුවාගේ කෑම පෙට්ටිය එතරම් දෙයැක්දැයි සිතා ඔබ කටයුතු කළද පෙර පාසැල් ගොස් නිවසට එන සිඟිත්තාගේ කෑම පෙට්ටිය දකින ඔබට සිතෙන්නේ ”දරුවා අදත් කාලා නෑනේ” යන්නයිග ඒ සිතිවිල්ලෙන් මිදෙන්නට මේ ලිපිය ඔබට උදව් වනු ඇතග

අද වන විට දරුවෙකු තම පෙර පාසැල් ජීවිතය අරඹන්නේ බෝහෝ විට අවුරුදු දෙකහමාර වයස් සීමාවේදීයග නිවසේ සුපුරුදු වටපිටාවෙන් මිදෙන දරුවා පය තබන්නේ ඔහුට නුහුරු නුපුරුදු අලූත් පරිසරයකටයිග මේ වයස් සීමාවන්වල පසුවන ඇතම් දරුවන් ඉතා ඉක්මණින් අලූත් වටපිටාවට හුරු වන අතරම ඇතැම් දරුවන් ඒ සඳහා හුරු විමට යම් කාලයක් ගනීග මේ අවධියේදී මවකට පැවරෙන වගකීම අකුරටම ඉටුකළ යුත්තේ අලූත් වටපිටාව තුළ දරුවා අත්දකින සියලූ දේ පිළිබඳව ඔහුටරැඇයට ධනාත්මක හැඟීම් සමුදායක් ඇති විය යුතු බැවිනිග එසේම පෙර පාසැලේ නවක පුංචි සාමාජිකයන්ට එම ස්ථානය සුන්දර කිරීමේ වගකීම පෙර පාසැල් ගුරුවරියන්ට පැවරෙන බව පැවසීමේ වරදක් නොමැතග නමුත් ඒ සඳහා මව්පියන්ගේ පූර්ණ සහයෝගය අවශ්‍ය බව සිහිතබගන්නග
පෙර පාසැලට යන ඔබේ සිඟිත්තාගේ බෑගය තුළල

    කෑම පෙට්ටිය
    වතුර බෝතලය
    අමතර ඇඳුමක්
    තොප්පියරැවැහි කබාය ඇතුළු අවශ්‍ය සියලූ දේ පිළිවෙළකට ඇසිරීම මවගේ කාර්යය භාරයේ කොටසකි

මෙසේ අත්‍යවශ්‍ය දේ අතරින් සිඟිත්තාගේ කෑම පෙට්ටිය පිළිබඳව ඔබේ අවධානය යොමු විය යුතු සුවිශේෂී කරුණු කිහිපයක් පිළිබඳව මේ ලිපිය හරහා මව්වරුන් දැනුවත් කිරීමටයි මේ සූදානමග
පෙර පාසැල් සිඟිත්තාගේ කෑම පෙට්ටිය

    උසස් තත්ත්වයේ ප්ලාස්ටික් නිෂ්පාදනයක් තෝරාගන්න
    ප්‍රමාණයෙන් විශාල නොවිය යුතුය
    හැකි නම් කෑම පෙට්ටි දෙකක් තබා ගන්න
    කෑම පෙට්ටිය සිඟිත්තාට තනිව හෝ විවෘත කරගැනීමට පහසු එකක් වීමට වග බලාගන්න
    කෑම පෙට්ටිය ඔතන සර්වියට් එක දරුවාට පාලනය කරගැනීමට හැකි ප්‍රමාණයක් විය යුතුය

සිඟිත්තාගේ කෑම පෙට්ටියට පෝෂණයෙන් සපිරි විවිධ කෑම වර්ග විවිධත්වයකින් යුතුව එක් කිරීමට මෙන්ම ආහාරයේ රසයල වර්ණය පිළිබඳව ද ඔබේ අවධානය යොමු විය යුතුයිග ඇතැම් මව්වරුන් සිතා සිටින්නේ දරුවන් කුඩා නිසා ආහාරයේ පෙනුම පිළිබඳව ඔවුන් අවධානයක් යොමු නොකරනු ඇතැයි කියායග නමුත් වැඩිහිටි අපට මෙන්ම දරුවන්ට ද ආහාර දුටු විගස රුචිකත්වයක් ඇති වන්නේ ආහාරයේ පෙනුම නිසායග එසේම පෙර පාසැල් වයසේ දරුවෙකු ආහාරයට ගන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් නිසාම කෑම පෙට්ටිය පිරී ඉතිරෙන ලෙස ආහාර දැමීමෙන් වැළකිය යුතුයග එන්ද එය දරුවාට අප්‍රියජනක දසුනක් වනු නොඅනුමානයග එසේම එය දරුවාව විශාල අභියෝගයකට ලක්කිරීමකිග

එසේ රුචිකත්වයක් ඇති නොවන විට ආහාර ලබා ගන්නා වේලාව ළංවත්ම උදරයේ වේදනාවක් හෝ වෙනත් රෝගී තත්ත්වයක් පවසමින් කෑම වේල මග හරින්නට උත්සාහ ගන්නා සිඟිත්තන් මෙන්ම අනෙක් දරුවන්ගේ කෑම පෙට්ටිය දෙස දෙනෙත් යොමා සිටින සිඟිත්තන් ද අපට හමුවේග

මේ කරුණු මත සිඟිත්තාගේ ආහාර වේලට විවිධත්වයක් එක් කරන්නත් එය රසයෙන් හා පෙනුමෙන් උසස් ලෙස සකසන්නටත් නිසි සැලසුමක් තබාගැනීම මවකට පැවරෙන වගකීමකිග
ඔබේ සිඟිත්තාට විවේක කාලයෙදී ලබාදෙන්නේ බත් නම්ල

    එය මිශ්‍ර කර ගැනීමට පහසු ලෙස ලබාදෙන්න
    කටු ඉවත් කරන ලද මස්රැමාළු කුඩා කැබලි ලෙස ලබාදෙන්න
    සම්පූර්ණ බිත්තරය පිටින්ම යොදා හතරට හෝ කපා දමන්න
    කරපිංචා නටුරැකොළ ඉවත් කරන්න

ඔබ ලබාදෙන්නේ පාන් නම්ල

    සැන්විච් ලෙස සැකසුව ද බටර්රැජෑම් හෝ බටර්රැමාමයිට් තැවරුවද පාන් පෙත්තේ වැටි කපා කුඩා කැබලිවලට කැපීමෙන් දරුවාට තනිව එය ආහාරයට ගැනීම පහසු කරවයිග එවිට දරුවාට තම ආහාරය ඉතා පිළිිවෙළට හා පිරිසිදුවට ලබාගැනීමට ද හැකියාව ඇතග

ධාන්‍ය වර්ග ලබාදෙන්නේ නම්ල

    බටර්රැතෙල් යොදා තෙම්පරාදු කරන්න
    දරුවා කැමති නම් සිහින්ව ගාගත් පොල් සමග ලබාදෙන්න

නුඩ්ල්ස්රැපැස්ටා ලබාදෙන්නේ නම්ල

    එළවළුරැබිත්තරරැමස් හෝ මාළු එක්කර තෙම්පරාදු කර ලබාදීමෙන් පෝෂණ ගුණය සුරැකෙනවා සේම සුවඳ සහ පෙනුම නිසා දරුවා ආහාරයට රුචියක් දක්වයිග

සමපෝෂරැඅග්ගලා වැනි දෙයක් ලබාදෙන්නේ නම්ල

    දරුවාගේ විවේක කාලය වන විට වියළි තත්ත්වයට පත්නොවී තිඛෙන අයුරින් සකසාගන්න
    දරුවාට අල්ලාගෙන කෑමට පහසු ප්‍රමාණයේ කුඩා බෝල සකසන්න

පළතුරුරැඑළවළු ලබාදෙන්නේ නම්ල

    හොඳින් තම්බා කුඩා කැබලිවලට කපා අසුරා දෙන්නග
    එය ආහාරයට ගැනීම සඳ හා ආරාක‍ෂාකාරී ගෑරුප්පුවක් ලබාදෙන්න
    සුපිරි වෙළඳසැල්වල පලතුරු කපා අසුරා ඇති රිජිෆෝම් පලතුරු අසුරුම් විවේක කාලය සඳහා එවීමෙන් වළකින්න

පාන වර්ග

    සැමවිටම හොඳින් උතුරවා නිවාගත් පිරිසිදු ජලය පමණක් පානය සඳහා ලබාදෙන්නග එක් එක් වර්ණයන්ගේ රසයන්ගේ බීම වර්ග ලබාදීමෙන් වළකින්නග වතුර බෝතලය සැමවිටම දරුවාට තනිව විවෘත කරගැනීමටත් වැසීමටත් හැකි ආකාරයේ එකක් වීම වඩාත් පහසුවක් වනු ඇතග

ජ් සැලිකිය යුතුයි ජ්

    දරුවා පෙර පාසැලට යැවීමට පෙර උදෑසන ආහාර වේල ලබාදීමට සැලකිලිමත්වන්න එවිට පෙර පාසැලේදී ආහාරයට ගැනීම සඳහා කෙටි ආහාරයක් ලබාදීමේ වරදක් නොමැතග
    බත්රැනූඩ්ල්ස්රැපැස්ටාරැපළතුරුරැඑළවළුරැධාන්‍ය වර්ග ලබාදීමේදී හැන්දක් හෝ ගෑරුප්පුවක් දරුවාට ලබාදීමෙන් ආහාර ගැනීමේදී එය විශාල පහසුවක් වනු ඇතග නමුත් මෙහිදී සැලකිලිමත් විය යුතු වැදගත් කරුණක් වන්නේ පුංචි දඟකාරයන් වන පෙර පාසැල් වයසේ සිඟිත්තන්ට ස්ටේන්ලස් ස්ටීස් ගෑරුප්පු දීමෙන් දරුවාගේ හෝ අනෙක් දරුවෙකුගේ හෝ ඇණනහොත් තුවාල සිදුවිය හැකි බැවිනිග මේ සඳහා උසස් තත්ත්වයේ ප්ලාස්ටික් ගෑරුප්පුවක් යොදාගත හැකි නම් එය වඩාත් යෝග්‍ය වේග

වළකින්න

    සීරියල්රැකෝනෆ්ලෙක්ස් කිරි සමග මිශ්‍ර කොට එවීමෙන් වළකින්න
    දරුවාට පාලනය කරගත නොහැකි ප්‍රමාණයේ අත්පිස්නා එවීමෙන් වලකින්න :එය දිනපතා පිරිසිදු කිරීමටත් කල්පනාකාරී වෙන්න-
    දිනපාතා කෙටි කෑමහල් වෙතින් ලබාගන්නා කෙටි ආහාර වර්ග දිනපතා එවීමෙන් වළකින්න

    පෙර පාසැල් ආචාරිනී ක්‍රිස්ටීන් ෆ්‍රැන්සිස්කා ද සිල්වා මහත්මිය සමග සකසන ලද ලිපියකි

curtesy :parenting.lk

More News »