Home / මවකගේ සිහිනය / බිළිදාගේ දෑස් වෙත ඔබේ අවධානය වැදගත් වන්නේ මේ නිසයි

බිළිදාගේ දෑස් වෙත ඔබේ අවධානය වැදගත් වන්නේ මේ නිසයි

2017-06-15 12:58:00       622
feature-top
ඇස යනු ශරිරයේ ඉතා කුඩාම අංගයක් වුවච එය සංකීර්ණව සැකසුණු ඉන්ද්‍රියයකිග අපි ලෝකය දකින්නේ ඇසෙනිග දරුවන්ට ඇති විය හැකි අක‍ෂි ආබාධ පිළිබඳව මව්වරුන් දැනුවත් විය යුතු වන්නේ නොදැනුවත්කම දරුවන්ගේ ලෝකය අඳුරු කරන්නට මග විවර කරන බැවිනිග

දරුවන්ට ඇති වන අක‍ෂි ආබාධ තත්ත්වයන් සඳහා ජානමය බලපෑම ද හේතු විය හැකියග උදාහරණයක් වශයෙන් යම් දරුවෙකුගේ මවරැපියා කුඩා වියේදී ජානමය වශයෙන් ඇති වන යම් අක‍ෂි ආබාධයකට ගොදුරු වූයේද එය දරුවාට ද ඇති වීමට ඇති ඉඩ කඩ වැඩියග අන්න ඒ නිසාම දරුවන්ගේ ඇස් පිළිබඳව අවධානය යොමු කරමින් ගැටලූ සහගත තත්ත්වයන් ඇත්නම් වෛද්‍ය උපදෙස් කරා යොමු විය යුත්තේ මෙවැනි දුර්වලතා බොහොමයක් කුඩා අවධියේදී නිට්ටාවටම සුව කරගැනීමේ හැකියාව ඇති බැවිනිග

ළදරුවෙකු උපත ලබා සුළු මොහොතකින් වටපිටාව දැකිය හැකි වුවද දෙනෙත් හොඳින් විවර කර බැලීමට අපහසු වේග නමුත් මාස දෙක තුනක් ගත වන කල්හි තම වටපිටාව හොඳින් දැකගැනීමේ හැකියාව ලැබේග ශරීරයේ ප්‍රධාන පාලක මධ්‍යස්ථානය වන මොළය සහ ඇස අතර ස්නායු වර්ධනය වීම වසර දහයක් පමණ කාලයක් දක්වාම සිදුවන අතරම සාමාන්‍යයෙන් නම් දරුවකුගේ ඇස් නියමාකාරයෙන් වර්ධනය වීම සඳහා දරුවාට වයස අවුරුදු තුනක් පමණවත් සම්පූර්ණ විය යුතුයග
අලූත උපන් ළදරුවකුගේ දෙනෙත් ගැන මව්වරුන් බියපත් වන අවස්ථා

කඳුළුරැකබ ගැලීම ජ් ඇතැම් දරුවන්ගේ ඇසෙහි කබරැකඳුළු නාසය ඔස්සේ පිටකරන නාලය සම්පූර්ණයෙන් විවෘතව නොතිබීම නිසා මේ තත්ත්වය ඇති විය හැකියග වෛද්‍ය උපදෙස් මත බලපෑමට ලක් වූ ඇසේ කෙළවර ඇසේ කබ ස්‍රාවය වන ස්ථානය (Lacrimal Caruncle) සම්බාහනය කිරීමෙන් මේ තත්ත්වය මගහරවා ගත හැකග

සුදු ඉංගිරියාව පෙදෙස රත්පැහැ ගැන් වී තිබීම ජ් ප්‍රසූතියේදී ඇති වන පීඩනය හේතුවෙන් මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි අතරම එය දින කිහිපයකින් මඟ හැරී යයිග

ඇසි පිය ඉදිමීමරැසුදු ඉංගිරියා ප්‍රදේශය රතුවීමරැකඳුළුල කබගැලීම ජ් අසාදන තත්ත්තවයක් විය හැකියග අක‍ෂි වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්නග
මෙන්න මේ විදියට දරුවගේ ඇස්වල වෙනසක් තියෙනවද බලන්න

ඇසේ කලූ ඉංගිරියාව වෙත ආලෝකයක් යොමු කරන විට රත් පැහැයක් ගන්නේ නම් එය සාමාන්‍ය තත්ත්වයක් වන අතරම සුදු පැහැයක් ගන්නේ නම් අක‍ෂි වෛද්‍යවරයෙකු හමුවීම වැදගත් වේග
ළදරුවාගේ ඇස්වල දෝෂ තියෙනවද කියලා දැනගන්න මේ දේවල් කරන්න

ළදරුවන්ල අධික ආලෝක තත්ත්වයකදී ඔවුන් දෙනෙත් හකුලවාගන්නේ ඔවුන් සාමාන්‍යයෙන් ආලෝකයට සංවේදී නිසයිග වයස මාස දෙකක් තුනක් පමණ වන ළදරුවා සෙලවෙන දේවල් දිහා දෙස දෙනෙත් එහා මෙහා කරමින් බලයිග අලංකාර වර්ණවත් දේ පිළිබඳව ඔවුන්ගේ අවධානයරැකැමැත්ත  වැඩියිග බහුතරයක් දරුවන් තමන් දකින දේට මෙවන් ප්‍රතිචාර දැක්වුවත් ඇතැම් දරුවන් කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නේ නැතග ඒ ඇතැම් විට ඒ එම දරුවාගේ එක් ඇසක පෙනීමේ දුර්වලාතාවයක් තිබිය හැකි නිසායග

දරුවාගේ ඇස් මේ ආකාරයෙන් පරීක‍ෂා කරන්නග එක ඇසක් අතින් වසන්නල එවිට දරුවා හඬමින් අත ඉවත් කිරීමට උත්සාහ කරයි නම් එවැනි ප්‍රතිචාරයක් අනෙක් පස ඇස වැසූ විට නොමැති නම් ළදරුවාගේ එක් ඇසක යම් ආබාධයක් ඇති බව ඔබට වටහා ගත හැකියිග මෙවැනි තත්ත්වයකදී වහාම අක‍ෂි වෛද්‍යවරයෙකු හමුවී පරීක‍ෂාකරවා ගත යුතු අතරම ඔවුන්ගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වීම ඉතා වැදගත් වේග

ඇතැම් දරුවන්ගේ විටින් විට යම් වපරයක් වැනි ස්වභාවයක් ඔබ දැක ඇතිග නමුත් ළදරුවාට මාස හය සම්පූර්ණ වූ පසුවත් මේ තත්ත්වය දැකගත හැකි නම් වහාම අක‍ෂි වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්නග මන්ද ඇසේ වපරය පෙනීමේ දුර්වලතා මත මෙන්ම පෙනීමේ දුර්වලතා මත ඇසේ වපරය ඇති වීම ද සිදු විය හැකි බැවිනිග

    සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ පුහුණු වෛද්‍ය මහේෂ් කුඹුකගේ මහතා සමග සකසන ලද ලිපියකිග

curtesy : parenting.lk

More News »