Home / මවකගේ සිහිනය / ඇඟිලි ගැනලා ගනන් හදන අනාගත ගණන්කාරයෝ

ඇඟිලි ගැනලා ගනන් හදන අනාගත ගණන්කාරයෝ

2017-06-27 11:35:00       675
feature-top
ඇඟිලි ගනිමින් ගණන් හදන දරුවන් දැක්කාම අම්මලා ආවේශ වෙන්නේ බොහොම ලොකු වැරැද්දක් කරනවා වගේග

හැමදාම මං කියනවා නේද ඔය ඇඟිලි වලින් එකතු කරන්න …ගඅඩු කරන්න පුරුදු වෙන්න එපා කියලා…අතේ ඇඟිලි මදි වුනාම…ගඅම්මා ඇහුවාග

ඇයි කකුලේ…ග

පුතාටත් උත්තර තියෙනවාග

එකක් කිව්වාම දහයක් කියන්න නම් දන්නවා…ළමයි වුනාම කියන දේ අහන්නගඔය ඇට ජාති ළගින් තියෙන්නේ ඒවාට තමයි…අම්මා කිව්වාග

මට පුරුදු ඇගිලි වලින් විතරයිග

පුතා පුරුද්ද අත්අරින නැති හැඩයිග

හිතුවක්කාරකම බලමු ආයෙ හෙම ඇඟිලි ගැන්නොත් …ගගහනවා මතක හිටින්නගඅපි ඉස්කෝලෙ යද්දි ඇඟිලිවලින් ගණන් කරන්න දුන්නෙම නැහැග කෙලින්ම වේවැල තමාගග

ඒත් මේ සංකල්පයෙන් අම්මලා තාත්තලා දැන් මිදෙන්න කාලය ඇවිත්ග ඉස්සර කාලයේ බොහොම දෙනාගේ අදහස වුනේ ගණිතය වැනි විෂයන්හිදී එකතු කිරීම සහ අඩු කිරීමට ඇගිලි යොදා ගත්තොත් අනාගතයේදී ගණිතය වෙනුවෙන් මනෝමය හැකියාව නැති වෙන බවයිග

ඒත් මේ වෙනුවෙන් අධ්‍යනයක යෙදුන ඇමරිතා එත්සත් ජනපදයේ ගෝලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කියන්නේ ගණිත සංකල්ප වෙනුවෙන් ඇඟිලි භාවිතයේ යෙදෙන දරුවන්ගේ සංජානන හෙවත් මෙම සංකල්ප හඳුනා ගැනීමේ හැකියාව ඉතා විශිෂ්ට බවයිග ඔවුන්ගේ මෙම අධ්‍යනය වෙනුවෙන් වයස අවුරුදු 8 සිට 13 අතර දරුවන් 39 දෙනෙක් සම්බන්ධ කර ගත්තාග මේ දරුවන්ට අඩුකිරීම සහ ගුණ කිරීම වැනි ගණිත ක්‍රම ලබා දුන් අතර ඒ වෙනුවෙන් දරුවන් යොදා ගන්නා ආධාර පිලිබඳව නිරීක්ෂනය කරනු ලැබුවාග සමහර දරුවන් ඇට වර්ගත් තවත් පිරිසක් අතේ ඇගිලිත් යොදා ගත්තාග

මෙම කටයුතු අතරවාරයේ දරුවන්ගේ මොළයේ ස්කෑන් ඡායාරූප ලබා ගත්තාග එම ඡායාරූප අධ්‍යනයේදී පෙනී ගියේ ඇඟිලි ආධාරයෙන් අඩු කිරීමේ කටයුතුවල නිරත වෙන විට මොළයේ  somatosensory  කලාපය බෙහෙවින් ක්‍රියාත්මක තත්වයේ පැවැති බවයිග මොලයේ මෙම somatosensory  කලාපය පීඩනයල වේදනාවලඋණුහුම වැනි සංවේදන පාලනය කිරීමේදී ප්‍රධාන මෙහෙයක් ඉටු කරනු ලබනවාග දරුවන් ඇඟිලි ගැනීම නවතා පිලිතුර බලාපොරොත්තුව සිටින තෙක්ම මෙම කලාපයේ ක්‍රියාකාරිත්වය පර්යේෂකයන්ට දැනගත හැකි වුනාග

එයින් අනතුරුව ඇඟිලි ආධාරයන් සිදු නොවුන ගුණ කිරීමේ ගණිතක්‍රම වෙත දරුවන් යොමු වුන පසුව නැවත ස්කෑන් ඡායාරූප ලබා ගත්තාග එහෙත් ඇඟිලි යොදා ගෙන ගණිත කර්ම සිදු වෙන විට දරුවන්ගේ මොළයේ somatosensory කලාපයේ ක්‍රියාකාරිත්වය පෙර පරිදි දැක ගන්න ලැබුනේ නැහැග දරුවන්ට ඇති වෙන පීඩනය වැනි සංවේදන මෙම කලාපයෙන් පාලනය වෙන නිසා එහි ක්‍රියාකාරිත්වය ඉතා වැදගත්ග

මෙම අධ්‍යනයේ ප්‍රධාණී ඉලරියා බර්ටෙල්ටි උපකල්පනය කරන්නේ ඇගිලි භාවිතයෙන් ගනිත කර්ම සිදු කරන දරුවන්ගේ ගණිතමය හැකියාව ඒ වයසේ පසු වෙන සෙසු කණ්ඩායමට වඩා සංවර්ධනය වුන මට්ටමක පැවැතුන බවයිග ඇමරිකා එක්සත් ජනපදයේ ගෝලන්ඩ් විශ්ව විද්‍යාලයේ  පර්යේෂකයන්ගේ මෙම වාර්තාව ” The wall street  ර්‍ණසඟරාව මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවාග

කාලය සමග අධ්‍යාපනයේ නව සංකල්ප සහ ක්‍රමවේදයන් ලෝකයට එක් වෙනවාග මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ දරුවන්ට පීඩනයක් නැති විදිහට අධ්‍යාපන කටයුතු ඉදිරියට කර ගෙන යෑමයිග ඉගෙණුම දරුවාට අමිහිරි අත්දැකීමක් වුන තැනදී එය නැවත ඇති කිරීම එතරම් පහසු නැහැග

ගණිතය පිලිබඳවත් දරුවන් අතර තිබෙන්නේ එතරම් සුබවාදී ආකල්පයක් නොවෙයිග සමහර දරුවන්ට නම් ගණිතය කිරි කජු වුනත්ල තවත් පිරිසකට එය වහකදුරු වගෙයිග මේ දෙපැත්තටම බොහෝ විට ඔවුන් බාලකාලයේ ලබන අත්දැකීම් බලපානවාග

යාන්තම් හය හතර තේරෙන විට ගණිත කර්ම කරන්න ගියාම ඇගිලි යොදා ගැනීමෙන් පටන් ගන්නා හබය නිසාම දරුවන්ගේ පසුගාමිත්වය ඉතා බරපතල විදිහට බලපානවාග අද නම් දරුවන් වෙනුවෙන් දඬුවම් බොහෝ දුරට පාසලෙන් ඉවත්ව ඇති නිසා මේ තත්වය ඇති නොවුනත් අතීතයේදී ඇගිලි යොදා ගැනීම දැක්කේ බරපතල වරදක් විදිහටයිග

මේ නිසා එදා බොහෝ දරුවන් ගණිතයේදී මහත් අසහනයට වගේම පසුගාමිත්වයට පත් වුනාගඅදටත් සමහර දරුවන් ඇගිලි යොදා ගෙන ගණිත කර්ම කරද්දී අම්මා තාත්තා විදිහට ඔබ ඒ වෙනුවෙන් උරන හිත් හදා ගන්න එපා…ගබළළා මැටියෙන් වුනත් මීයන් අල්ලනවා වගේ මේ ගණිත විසඳුම් ලබා ගැනීමට හැකියාව ඇති තාර්තික ක්‍රමයකින් නිවරැදි පිළිතුර ලබා ගන්නවා නම්ල  ඒ වෙනුවෙන් ඔහු භාවිතා කරන්නේ ඇගිලි වුනත් ඔබ වෙහෙසට පත් විය යුතු නැහැග ඒ ඇයි කිව්වොත් ඇඟිලි ගනිමින් ගණන් හදන දරුවන් බොහොම දක්ෂයන් විය හැකි බවට දැන් පිලිගෙන තිබෙන නිසා ඔබටත් හිත නිදහස් කර ගැනීම අපහසුවක් නැහැග

curtesy :parenting.lk

More News »