Home / මවකගේ සිහිනය / කුඩා දරුවන්ට හැදෙන ආත්‍රයිටිස්‌
රෝගයට ගුණ දෙන කසායක්‌

කුඩා දරුවන්ට හැදෙන ආත්‍රයිටිස්‌
රෝගයට ගුණ දෙන කසායක්‌

2017-07-02 12:40:00       179
feature-top
ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගයේ විවිධ ස්‌වභාවයන් ගැන පසුගිය සතිවල අප ඔබ සමඟ සාකච්ඡා කළා. ඒ අතර මේ ලිපි කියවන අපේ පාඨකයන් දුරකථනය මගින් අපෙන් විමසීමක්‌ කළා. කුඩා දරුවන්ට වැළඬෙන ආත්‍රයිටිස්‌ රෝගය සුව කළ හැකිද කියලා. මෙය අපට අලුත් අත්දැකීමක්‌. කුඩා දරුවන්ටත් ආත්‍රයිටිස්‌ හැදෙනවද?

වෛද්‍ය වසන්ත උදයජීව - මෙහිදී මුලින්ම කිව යුතුයි, ලෙඩ රෝගවලට කුඩා දරුවා කියලා සමාවක්‌ නැති බව. ඕනෑම ලෙඩක්‌ කුඩා දරුවන්ට ඇති විය හැකියි. ඒ වගේම තමයි ආත්‍රයිටිස්‌. කුඩා දරුවන්ට හැදෙන ආත්‍රයිටිස්‌ රෝගය අප හඳුන්වන්නේ Juvenile idiopathic arthraitis කියන නමින්. මෙය වයස අවුරුදු 16 ට පෙර දරුවන්ට හැදෙන රෝගයක්‌. මෙය Juvenile arthraitis කියන්නේ වයස අවුරුදු 16 දක්‌වා ළමයින් බාල වයස්‌කාරයන් ලෙස සැලකිල්ලට ගැනීමේ තත්ත්වය තුළයි. මෙය ඉබේටම හැදෙන ලෙඩක්‌ ලෙසයි පිළිගන්නේ.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 1 සිට 6 දක්‌වා අතර වයසේ දරුවන්ට මේ රෝගය වැළඬෙනවා. එහෙත් දරුවන්ට මෙය කියා ගැනීමට බැරි පසුබිම තුළදී හරියාකාරව රෝග නිශ්චය කරන්නට බැරි වෙනවා.

ප්‍රශ්නය - මේ රෝගය වැඩිහිටියන්ට වැළඬෙන ආත්‍රයිටිස්‌ රෝග තත්ත්වයට වෙනස්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - බැලූ බැල්මට වෙනස්‌ ලෙසයි පෙනෙන්නේ. එහෙත් පොදුවේ ගත්තාම වැඩිහිටියන්ගේ ආත්‍රයිටිස්‌ රෝගයේ ව්‍යුහය සහ මෙහි ව්‍යුහය අතර වෙනසක්‌ නැහැ.

ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවද?

වෛද්‍ය වසන්ත උදයජීව - අලස බව, ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම, කුසගිනි නැතිවීම තමයි ප්‍රධාන රෝග ලක්‍ෂණ ලෙස මතුවෙන්නේ. ඊළඟට දරුවා පාද බිම අද්දවමින් ඇවිද යනවා නම් සහ ඇවිදින විට පාද රිදෙන බව කියනවා නම් එයත් රෝග ලක්‍ෂණයක්‌. මීටත් අමතරව සමහර දරුවන් නිතර උණ රෝගයේ ලක්‍ෂණ පෙන්නුම් කරනවා නම් ඒ තත්ත්වයත් රෝග ලක්‍ෂණයක්‌ හැටියට සලකා කටයුතු කළ යුතුයි. ඊළඟ අවස්‌ථාවේදී දරුවාගේ දණහිස, විලුඹ, මැණික්‌ කටුව යන තැන ඉදිමෙන්නට පටන් ගන්නවා. ඊට සමාන්තරව අතැඟිලි සහ පා ඇඟිලි රිදෙනවා. ඉදිමෙනවා. මේ සන්ධිවල ඉදිමුම බලා ගැනීමට පුළුවන් වුණාම මේ රෝගයේ තවත් අවස්‌ථාවක්‌ වශයෙන් කොඳුඇට පෙළ, උරහිස්‌, ඉඟටිය, හකු, උකුල මධ්‍යයෙහි තිඛෙන සන්ධි (Sacroiliac Joints) යනාදිය ඉදිමෙනවා. ඒත් ඒවා හඳුනා ගන්නට MRI හෝ ස්‌කෑන් පරීක්‍ෂණයක්‌ කළ යුතුමයි.

දරුවන්ට වැළඬෙන ආත්‍රයිටිස්‌ රෝගයට කසායක්‌

සුදුලූනු, උළුහාල්, තොටිල පොතු, ඛෙලිමුල්, පාවට්‌ටා මුල්, සූදුරු කලං 2 බැගින් වතුර කෝප්ප 8 කට දමා 1 කෝප්පයකට සිඳ සීනි, මී පැණි දමා වරකට කෝප්ප භාගය බැගින් උදේ සවස දින 6 ක්‌ (කසාය හැලි 6 ක්‌) පානය කළ යුතුයි. ඒ අතර කුඩා දරුවන්ගේ ආත්‍රයිටිස්‌ වේදනාව නැසීමට කොත්තමල්ලි, පත්පාඩගම්, වෙනිවැල්ගැට සම සමව ගෙන තම්බා සීනි දමා උදේ සවස පානය කරන්න දෙන්න. මෙය දිනපතාම කළ යුතුයි.

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »