Home / මවකගේ සිහිනය / දරුවන්ගේ වර්ධනයට මල්ටි විටමින්

දරුවන්ගේ වර්ධනයට මල්ටි විටමින්

2017-07-03 10:13:00       250
feature-top
සෑම මවක්ම උත්සාහ කරනුයේ තම දරුවන්ට සමබල මෙන්ම පෝෂ්‍යදායි ආහාර වේලක් සෑම විටම ලබා දීමටයිග දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය සෑම පෝෂකයක්ම නියමිත මාත්‍රාවෙන් ආහාර වේලෙහි ඇති එළවලු පලතුරු සහ මාංශ වර්ග වලින් ලැබෙනු ඇතැයි බොහෝ මවුවරු විශ්වාස කරනු ලබනවාගසමබල ආහාර වේල් පිලිබඳ බොහෝ මවුවරුන් දැනුවත්ග  ඇතැම්විට ඔබේ ළමාරෝග විශේෂඥ වෛද්‍ය වරයාත් මේ පිළිබඳව දැනටමත් ඔබව දැනුවත් කර ඇතග

දරුවන් ඔවුන්ගේ ආහාර වේල් මගින් විටමින් සහ ඛනිජ ලවණ ශරීරයට ලබා ගත්තද බොහෝ මවුවරුන් දරුවන්ගේ වර්ධනයේ සුරක්ෂිතතාව වෙනුවෙන් ඔවුනට අතිරේක මල්ටි විටමින් වර්ග ලබා දේග දරුවන්ගේ මොලයේ වර්ධනයටල ශක්තිමත් අස්ථි පද්ධතියක වර්ධනයට මෙන්ම සුවබර දිවියකටද විටමින් සහ ඛනිජ ලවණ අත්‍යවශ්‍යයිග මේ නිසාම මල්ටි විටමින් ශරීරයට අත්‍යවශ්‍ය බව බොහෝ මවුවරුන් හඳුනාගෙන අවසන්ග

මෙයට අමතරව ආහාර ගැනීමට එතරම් රුචියක් නොදක්වන දරුවන්ටල ශරීරය හෝ මනස වෙහෙසා ක්‍රියා කරන දරුවන්ට මෙන්ම මාංශ හෝ කිරි සහිත ආහාර අනුභව නොකරන දරුවන් සඳහා වෛද්‍යවරයෙකුගේ මග පෙන්වීමක් සහිතව මල්ටි විටමින් ලබා ගැනීම අත්‍යවශ්‍යයිග

අද වන විට ශ්‍රී ලංකාවේ වෙළදපොලෙන්ද  Gummies මල්ටි විටමින් මිලදී ගැනීමට සෑම මවකටම පුළුවන්ග මෙයට මාස කිහිපයකට පෙර Gummies මල්ටි විටමින් දරුවන්ට ලබා දීමට නම් පිටරට සිටින කෙනෙකු හරහා එය ලංකාවට ගෙන්වා ගැනීමට සිදු වුනත් දැන් එය ලංකාවෙන්ද මිලදී ගැනීමේ හැකියාව පවතිනවාග ලංකාවේ බොහෝ ප්‍රධාන ෆාමාසි වල මෙන්ම කොළඹ 03 ලිබර්ට් ආකේඩ්හි පවතින vitawell ප්‍රධාන විකුණුම් මධ්‍යස්ථානයෙනුත් ඔබට මෙම gummies මිලදී ගන්නට හැකියිග

Gummies මල්ටි විටමින් ලංකාවට එතරම් හුරුපුරුදු නමක් නොවෙයිග ඇත්තෙන්ම ඒවා ඉතා පහසුවෙන් කෑමට හැකි කුඩා දරුවන් වඩාත් ආසා කරන දොඩම්ල රාස්ප්බෙරි සහ ලෙමන් රස වලින් යුක්ත කුඩා ටොෆි වැනි වර්ගයක්ග  මේවා පැහැයෙන් සහ රසයෙන් ලංකාවේ ප්‍රචලිත ජුජුබ්ස් වැනියිග කුඩා දරුවන් මෙවැනි රසකැවිලි සඳහා නිතැතින්ම කැමැත්තක් දක්වනවාග ඒ නිසාම Gummies  මල්ටි විටමින් සඳහාද කුඩා දරුවන් දක්වන්නේ ඉතා ඉහල කැමැත්තක්ග  පහසුවෙන් දරුවන්ට ලබාදිය හැකි මෙම Gummies දරුවන්ට අවශ්‍ය විටමින් නොඅඩුව ශරීරයට ලබා දේග විටමින් සිරප් සහ විටමින් පෙති දරුවන් ප්‍රතික්ෂේප කරත් මේ රසවත් Gummies දරුවන් කිසිදිනක ප්‍රතික්ෂේප නොකරනු ඇතග Gummies ලබා දීමෙන් පසු කට සේදීමට හෝ වතුර පෙවීමට අවශ්‍ය වන්නේත් නැතග

curtesy :parenting.lk

More News »