Home / මවකගේ සිහිනය / පොඩි එවුන්ට මොන විනෝදංශද?

පොඩි එවුන්ට මොන විනෝදංශද?

2017-07-04 01:05:00       621
feature-top
පොඩි එවුන්ට මොන විනෝදංශද…ගරෑ විටෙක ඔබ මෙහෙම හිතනවා ඇතිග පුංචි කාලයේ හොඳට ඉගෙන ගන්නවා මිසකල විනෝදයට හිත යොදවන්න ඕන නැහැග අම්මා තාත්තා මේ විදිහට හිතනවා නම් ඇත්තටම ඔබ වැරැදියිග අතීතයේදී නම් දරුවන්ට අමුතුවෙන් විනෝදාංශ අවශ්‍ය වුනේ නැහැග ඇලේ දොලේ දුව පැන නටමින්ල පොල්පිති ගොනුන්ල කරත්ත දක්කමින් දවස පුරා කෙළි දෙලෙන් ගෙවපු දරුවන්ට තිබුන මානසික සැහැල්ලුව අද දරුවන්ට ඇත්තේම නැහැග මේ නිසා මනසට කුමන අන්දමකින් හෝ සතුටක් ලබා ගැනීමට නම් විනෝදාංශයක් අවශ්‍යම බව අවධාරනයෙන්ම කියන්න වෙනවාග

විනෝදාංශයකින් දරුවන්ගේ මනසට ලැබෙන සතුට නිසා නිතරම ජීවිතය දෙස ධනාත්මකව බැලීමට දරුවා හුරු පුරුදු වෙනවාග ඉගෙනුමෙන්ම සියල්ල සපුරා ගන්න බැහැග දිනපතා පාසල් අධ්‍යාපනය වගේම අතිරේක සහ උපකාරක පංති නිසා ඇති වෙන වෙහෙසකර බවට හොඳම පිළියමක් ලැබෙන්නේ විනෝදංශයකින් නිසා දරුවා වෙනුවෙන් විනෝදාංශ කටයුතු අකැප යැයි මව්පියන් විදිහට ඔබ නොසිතිය යුතුයිග

විනෝදාංශ කටයුතු නිසා දරුවා තුළ නිර්මානශීලිත්වය වර්ධනය වෙන්නේ ඔබත් නොදැනමයිග සමහර දරුවන් අත්වැඩ වෙනුවෙන් කාලය යොදනවාග තවත් දරුවන් විනෝදාංශ විදිහට ඉවුම් පිහුම් එහෙම නැත්නම් මැහුම් ගෙතුම්වල යෙදෙනවාග ඒ වෙලාවට දැන් ඕවා කරල හරියන්නේ නැහැග විභාග වෙනුවෙන් කටයුතු කරන්න තිබෙන වෙලාව නාස්ති කරනවා යැයි ඔබ උදහස් වුනත් ල විනෝදයට කරන මෙම කටයුතු නිසා දරුවාගේ නිර්මානශීලිත්වය නොදැනම දියුණුවට පත්වෙනවාග

විනෝදාංශයක් නිසා ආත්ම විශ්වාසය ගොඩ නැගෙනවාග මට මේ දෙය කරන්න පුළුවන්…යන අදහසින් දරුවා පන්නරය ලබනවාග සරුංගලයක පට්ටමක් හදා ගත් දරුවා එය කොළ අලවා සරසා ගන්නවාග මෙම අවසාන නිර්මානය දකින විට තමාට යමක් කළ හැකිය යන විශ්වාසය නොදැනම ගොඩ නැගෙනවාග ප්‍රායෝගිකව ලබන මෙම දැනුම ජීවිතයටත් ආලෝකයක් ලලබා දෙනවාග

දරුවාගේ විනෝදාංශ තීරනය කළ යුත්තේ ඔබ නොව දරුවාමයිග මේ වෙනුවෙන් ඔබට යම් දායකත්වයක් ලබා දීමට පුලුවන්ග ඒ අතරම දරුවාගේ විනෝදාංශ වෙනුවෙන් සහයෝගය ලබා දෙන්නග මුද්දර එකතු කරන දරුවාට ඔබට හැකි ලෙසින් ඔහුගේ මුද්දර සංඛ්‍යාව පමණක් නොව එහි විවිධත්වය ඇති වෙන අන්දමට මුද්දර සොයා ගැනීමට උදව් වෙන්නග

ඇතැම් මව්පියන් දරුවාගේ විනෝදාංශ වෙනුවෙන් දැඩි සීමා බන්ධන පනවා ඇතග මේ සියල්ල කරන්නේ විනෝදාංශවලට යොමු වෙන දරුවා  තමන්ගේ අධ්‍යාපනයෙන් දුරස් වෙනු ඇතැයි වූ මිථ්‍යාව නිසායග මේ තත්වය නිසා දරුවාට තම විනෝදාංශය සිදු කළ යුත්තේ හොර රහසේයග
බනින්නෙපා පොඩි දෝණිට…ගහන්නෙපා…ග
හාල් මිටක් දුව අරගෙන ඇත්තේ…සෙල්ලම් බත් උයන්නයිග

හාල් මිටක් නාස්ති කළා යැයි විනෝදාංශයක නිරත දරුවාට ඒ වෙනුවෙන් චෝදනා කළ යුතු නැත මේ කටයුත්තේන් පුංචි මනසට ලැබෙන වින්දනය ආර්ථික කෝදුවෙන් තක්සේරු කළ නොහැකියිගග ගැහැණු දරුවන් බෝනික්කන්ට ඇඳුම් මසන විට නොදැනුවත්කමට වටිනා රෙදි කපා නාස්ති කිරීම වැනි කටයුතු සිද්ධ වෙනවාග මේ ගැන විවෘතව කතා බහ වෙනවා නම් දරුවාට නොබියව ඔබගෙන් අදහස් විමසා සිටින්නට පුලුවන්ගඒත් මෙ බෝනික්කන් සමග ලබන විනෝදය නිසා ගැහැණු දරුවන් අනාගතයේදී ගෘහ පාලනයල දරුවන් නඩත්තුව ගැන බොහෝ දේ ඉගෙන ගන්නවාග ඉස්සර කාලයේ කඩදාසි බෝනික්කන් මුල් කර ගෙන :පේපර් ඩෝල්- ඔවුන්ට ඇදුම් නිර්මානය කළ දැරියන් කාලයත් සමග ඉතා දක්ෂ ඇඳුම් මෝස්තර නිර්මානය කිරීමට හැකියාව ලබා ගත්තාග

මව්පියන් හා දරුවන්ගේ විනෝදාංශ මුල් කර ගෙන ඔවුන් දෙපාර්ශවය අතර සන්නිවේදනය අවශ්‍යයෙන්ම තිබෙන්න ඕනග එසේ නොමැති විට දරුවාගේ ආත්මානුකම්පාවත් ඔවුන්ගේ මානසිකත්වයට බලපානවාග විසිතුරු මල් සහ පත්‍ර වගාවට කැමැත්තක් දක්වන දරුවෙකුට ඒ වෙනුවෙන් අවශ්‍ය පැල පොහොර සහ වෙනත් පහසුකම් නොලැබෙන්නේ නම් දරුවා මහත් අසරණතාවයට පත් වෙනවාග ” මට කවුරුත් උදව්වට නැහැ …” යන පසුගාමීබවෙන් තදින්ම පීඩාවට පත් වෙනවාග

ඒ වගේම විනෝදාංශ ගැන අවතක්සේරුවෙන් කතා නොකරන්නග මෙය ඔබට නොවටිනා වුනත් දරුවාට බොහෝ වටිනා දෙයකිග

හොඳට ඉගෙන ගන්න දක්ෂතාවය තිබෙන දරුවන් එකපාරටම බොහොම පසුගාමීත්වය විතරක් නොවෙයි මානසිකවත් යම් යම් ගැටළුවලට පත් වෙනවාග මේ වෙහෙසකර හෝර්මෝන හෙවත් මානසික වෙහෙසකර තත්වයට දරුවන් පත් වීම එතරම් සුබ තත්වයක් නොවෙයිග පමණට වඩා කාර්යබහුලත්වය සහ මනසට විවේකයක් නොමැතිවීම නිසා ඇති වෙන වෙහෙස කල්යන විට දරුවා මානසික රෝගීයෙක් බවට පත් කරනවාග මේ නිසා දරුවන්ට විනෝදාංශයක නිරත වෙන්න අවස්ථාව සලසා දෙන්නග ඒ වගේම ඔහු නිරත විනෝදාංශයක් වේ නම් එය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය සහයෝගයත් මව්පියන් විදිහට ඔබගෙන් ලැබීම දරුවාට විශාල ශක්තියක් වෙනවාග

විනෝදංශය නිසා දරුවන්ගේ ජීවිතයේ පසුගාමීත්වයක් ඇති වෙතැයි සිතන වැරැදි ආකල්පයෙන් මව්පියන් ඉවත් වීමට දැන් කාලය එළැඹ ඇතග ලෝකය දිනා ගත් චරිත දෙස ඔබ බලන්නග ඔවුන් හැම දෙනෙක් වෙනුවෙන්ම කුමන හෝ විනෝදංශයක් තිබී ඇතග 2016 වසරේ ලෝකයේ ප්‍රබලයා වූයේ රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පූටින්යග ඔහුගේ විනෝදාංශය ජූඩෝ ක්‍රිඩාවයිග ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ස්පයිඩර් මෑන් සහ හාස්‍යමය කථාන්දර කියවීමට බෙහෙවින් ප්‍රිය කළේයග ඉන්දීය ව්‍යවසායකත්වයේ ඉහළ පෙලම සිටින විධායක නිළධාරී අනිල් අම්බානීගේ විනෝදාංශය දිවීමයිග ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලොස් සර්කෝසිගේ විනෝදාංශය මුද්දර එකතු කිරීම වූ අතර අදටත් ඔහු එම විනෝදාංශයෙන් ඉවත්ව නැතග රිචඩ් බ්‍රැන්ඩ්සන් යනුවෙන් හැඳින්වෙන ලෝක ප්‍රකට ව්‍යාපාරිකයා සරුංගල් ඇරීම විනෝදාංශයක් ලෙසින් සිදු කරන ලද්දෙකිග විනෝදාංශය නිසා මේ කිසිම කෙනෙකුගේ ජීවිත ආපස්සට ගියේ නැත ඔවුන් තම ජීවිතය ජයගත්තා පමණක් නොව ලෝකයටම ආදර්ශ සපයා දුන් උදවියයි

curtesy : parenting.lk

More News »