Home / මවකගේ සිහිනය / නොමේරු සහ අඩු බර සහිතව උපදින දරුවන් නිරෝගී දරුවන්  කිරීම ගැටලුවක් නොවේ

නොමේරු සහ අඩු බර සහිතව උපදින දරුවන් නිරෝගී දරුවන්  කිරීම ගැටලුවක් නොවේ

2017-07-11 09:36:00       733
feature-top
 සෑම ගර්භණී කාන්තාවකගේම එකම බලාපොරොත්තුව වන්නේ නීරෝගී දරුවකු තම කුසින් බිහි කිරීමයග එහෙත් විවිධ හේතූන් නිසා ඇතැම් මවුවරුනට බරින් අඩු සහ නොමේරූ ළදරුවන් බිහි වනු දැකගත හැකියග මෙහිදි අඩු බර ලෙස දක්වන්නේ උපත් බර කිලෝග්රෑම් 2ග5 ට වඩා අඩු දරුවෝයග උපත් බර කිලෝග්රූම් 1ග5 ට වඩා අඩු දරුවන් ඉතා අඩු බරින් යුතු දරුවන් ලෙස ද කිලෝග්රෑම් 1 ට වඩා අඩු දරුවන් ඉතාම අඩු බරින් යුතු දරුවන් ලෙස ද හඳුන්වනු ලැබේග එසේම මවුකුස තුළ සති 37 කට වඩා අඩු කාලයක් සිටි දරුවන් නොමේරූ ළදරුවන් ලෙස හඳුන්වනු ලැබේග

එවැනි දරුවකු උපන් විට දරුවාගේ මවුපියන් මෙන්ම ඥාතීන් ද පත්වන්නේ ඉතා කනගාටුදායක තත්ත්වයකටයග එහෙත් දැන් එය එසේ විය යුතු නැතග ඒ එවැනි දරුවන් වෛද්‍ය උපදෙස් අනුවම ඉතා හොඳින් රැකබලා ගැනීමෙන් සාමාන්‍ය නිරෝගී දරුවකු බවට පත්කර ගැනීමේ හැකියාව ඇති නිසායග

මවුකුස තුළ සති 37 ක් පමණ කාලයක් ගත කළ දරුවන් නොමේරූ ළදරුවන් ලෙස සැලකුව ද සති 23 ක් වැනි කාලයක් මවුකුස සිටි දරුවන් වුවද නවීන වෛද්‍ය තාක්ෂණය නිසා බේරා ගැනීමට හැකියාව අද ඇතග සති 37 කට වඩා අඩු කාලයක් මවුකුස තුළ සිටි දරුවන් අඩු බරින් යුතු දරුවන් ලෙස මෙලොව එළිය දැකීමේ අවස්ථාව වැඩියග

ඇතැම් විටෙක සති 26 ක් පමණ මවුකුස සිටි දරුවකුගේ බර ග්රෑම් 500 ක් හෝ කිලෝ ග්රෑම් 1 ක් වුවද විය හැකියග එවැනි ළදරුවන්ට අඩු බර දරුවන්ට ඇතිවන ගැටලු මෙන්ම නොමේරූ ළදරුවනට ඇතිවන ගැටලු ද ඇති වේග

එවැනි දරුවන් බිහිවීමට හේතු ගණනාවක්ම බලපෑ හැකියග බරින් අඩු දරුවකු බිහිවීමට හේතුවන ප්‍රධානම සාධකයක් වන්නේ මවගේ පෝෂණ්‍ය අඩු වීමයග ඊට අමතරව ගර්භණී කාලය තුළ මව අධි රුධිර පීඩනය නිවැරැදි ලෙස පාලනය නොකිරීමල දියවැඩියාව වැනි හේතූන් නිසා ගර්භණී මවකට අඩු බරින් යුතු දරුවකු බිහි විය හැකියග

නොමේරූ සහ අඩු බරින් යුතු ළදරුවන් තුළ සාමාන්‍ය ළදරුවන්ට වඩා ගැටලු රාශියක් ඇතග එම ගැටලු නිවැරදි ලෙස හඳුනාගත යුතුයග නොමේරූ ළදරුවකු ලෙස මෙලොව එළිය දුටු ළදරුවකුගේ පෙනහලු නිවැරැදි ලෙස වර්ධනය වී නැතග එබැවින් එවැනි දරුවන්ගේ හුස්ම ගැනීමට අවශ්‍ය වන සාධකයන් අඩුයග

එම අවශ්‍යතාව වහා සැපිරිය යුතුයග එම නිසා එවැනි දරුවන් ඉපදුණු අවස්ථාවේ සිට ඔක්සිජන් ලබා දිය යුතුයග එහිදී කෘත්‍රිමව උපකරණ මඟින් ස්වසනය ලබාදිය යුතුයග දරුවා නිවැරැදි ලෙස හුස්ම ගන්නා තෙක් එය සිදු කළ යුතුයග

නොමේරූ ළදරුවකුගේ මූලිකවම සැපිරිය යුත්තේ හුස්ම ගැනීමේ අවශ්‍යතාවයිග නොමේරූ සහ අඩු බරින් යුතු දරුවන්ගේ ශරීර උෂ්ණත්වය අඩු වීමේ ප්‍රවණතාවයක් ද ඇතග එබැවින් එවැනි දරුවකු බිහි වූ විට එම දරුවන්ගේ ශරීර උෂ්ණත්වය අඩුවීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුයග දරුවාගේ හිස තොප්පියක් වැනි දෙයකින් වසා දරුවාට ඇඳුම් එකක් හෝ දෙකක් වුවද අන්දවා දරුවාට හොඳ උණුසුමක් ලබාදීම ඉතාම වැදගත්යග අප රටේ පරිසර උෂ්ණත්වය හොඳ මට්ටමක පවතින නිසා එවැනි දරුවන්ගේ ශරීර උණුසුම අඩු නොවෙතැයි මෙතෙක් සිතා සිටිය ද එම මතය වැරැදියග එබැවින් එවැනි දරුවන් හොඳින් උණුසුම්ව තැබිය යුතුයග එසේ නොවුණහොත් උණුසුම අඩුවීම නිසා ඇතිවන අපහසුතාවන්ට එවැනි දරුවෝ පහසුවෙන්ම ගොදුරු වෙතිග

එවැනි දරුවන් තුළ ඇතිවිය හැකි තවත් ගැටලු සහගත තත්ත්වයන් කීපයක් වන්නේ රුධිරයේ සීනි ප්‍රමාණය අඩුවීම සහ විෂබීජවලට පහසුවෙන් යොමු වීමයග එසේ වුවහොත් දරුවා මරණයට පත්විම පවා සිදුවිය හැකියග දරුවාගෛ් ශරීර උෂ්ණත්වය අඩුවීම වළක්වා ගැනිම සඳහා මවගේ උණුසුම හොඳින් දරුවාට ලබාදිය හැකියග එසේ නැතිනම් දරුවාගේ ශරීර උෂ්ණත්වය සාමාන්‍ය අතට පත්වන තෙක් ඪදජභඡචබධප උපකරණයක් තුළ දරුවා ටික දිනක් තැබිය යුතුයග නොමේරූ සහ අඩු බර දරුවන් තබන ර්‍ණවීදුරු පෙට්ටිය” ලෙස සාමාන්‍ය ජනයා හඳුන්වන්නේ එම උපකරණ්‍යයිග

අඩු බර සහ නොමේරූ ළදරුවන් තුළ පවතින තවත් දුර්වලතාවයක් වන්නේ කිරි උරාබීමේ හැකියාව අඩුකමයග ඇතැම් විටෙක ඒ සඳහා මවුකිරි දොවා බටයක් මඟින් දරුවාට දීමට සිදු වේග එසේ නැතිනම් නොමේරූ ළදරුවනටම නිර්දේශිත කිරිපිටි විශේෂයක් දීමට සිදු වේග එවැනි කිරි දීමට නොහැකි තත්ත්වයක දරුවා සිටී නම් දරුවාට සේලයින් විශේෂයක් දීමට සිදු වේග එවැනි දරුවන් වෙනුවෙන්ම නිෂ්පාදිත සියලු පෝෂක අඩංගු සේලයින් විශේෂයක් දැන් මෙරට රෝහල්වල ද භාවිතා වේග

එම සේලයින් විශේෂය දරුවාගේ ශරීරගත කරන්නේ දරුවාගේ ශිරාවන් හරහායග දරුවාගේ ආහාර මාර්ගය ක්‍රියාත්මක වීම පටන් ගත් විට මුඛයෙන් කිරි ලබාදීම ආරම්භ කළ හැකියග අඩු බර සහ නොමේරූ ළදරුවන්ගේ ආහාර මාර්ගය නිවැරැදි ලෙස වර්ධනය නොවීම සහ නිවැරැදි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා ආහාර නොදිරවන ස්වභාවයක් ඇතග

එවැනි දරුවන්ගේ ආහාර මාර්ගයේ බැක්ටීරියා ආසාදනයකට ලක්වීමේ අවදානම ද වැඩියග

නොමේරූ සහ අඩු බර සහිතව උපදින ළදරුවන් පරිසරයේ ඇති විෂබීජවලට නිරාවරණය වීමේ හැකියාව ඉතා වැඩියග එබැවින් මෙවැනි දරුවන්ගේ ශරීරය පුරා ඉතා වේගයෙන් විෂබීජ පැතිරේග මෙම ස්වභාවය හඳුනාගත් වහාම ප්‍රතිජීවක ලබා දී දරුවා සුවපත් කළ යුතුයග

එවැනි දරුවන් උපදින විට මොළයේ වර්ධනය වී ඇති ප්‍රමාණය ඉතා අඩුයග එහෙත් නිවැරැදි ලෙස පෝෂණය ලබා දුනහොත් මොළය සාමාන්‍ය තත්ත්වයට වර්ධනය කරගත හැකියග ශරීරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමල විටමින් කේ ඌනතාවය නිසා ද මොළයේ රුධිර වහනයක් සිදුව විය හැකියග එවැනි දරුවන්ගේ මොළයේ රුධිර වහනයක් සිදුවන්නේදැයි නිතර සොයා බැලීම වැදගත්යග එවැනි දරුවන් තුළ පවතින තවත් රෝගාබාධයක් වන්නේ ඇස් පෙනීමේ දුර්වලතාවයයග ඒ පිළිබඳව අවධානයෙන් සිටීමෙන් සහ අවශ්‍ය අවස්ථාවන්හිදී ලේසර් ප්‍රතිකාර ලබාදීමෙන් පෙනීම යහපත් මට්ටමට පත් කරගත හැකියග එබැවින් එවැනි දරුවන්ගේ දෑස් නිතර පරීක්ෂා කරවා ගැනීමට මවුපියන් වගබලා ගත යුතුයග

දෑස් පෙනීමේ අඩු බව විශේෂයෙන්ම නොමේරූ ළදරුවන්ට ඇතිවන රෝගී තත්ත්වයකිග ඒ තත්ත්වය නිවැරැදි ලෙස හඳුනා නොගෙන ප්‍රතිකාර පමා කළහොත් දරුවාගේ දෑස් සදහටම අන්ධ වීමට ද ඉඩ ඇතග

නොමේරූ සහ අඩු බර ළදරුවන්ගේ කන් ඇසීමේ දුර්වලතාවයන් ද ඇති වීමට ඉඩ ඇතග එබැවින් එම දරුවන්ගේ ශ්‍රවණ තත්ත්වය ද පරීක්ෂාවට ලක් කළ යුතුයග

මෙවැනි දරුවන් වෙතින් පෙන්නුම් කරන තවත් ලක්ෂණයක් වන්නේ සාමාන්‍ය දරුවන්ට වඩා ශරීරය කහ පැහැ ගැනීමයග එසේ වන්නේ එවැනි දරුවන්ගේ අක්මාව අඩුවන් වර්ධනය වී ඇති නිසායග එවිට අක්මාවෙන් නිපදවිය යුතු එන්සයිම වර්ග නිපදවීම අඩු වේග එවිට දරුවාගේ ශරීරය කහ පැහැ ගැන් වේග ඒ සඳහා ප්‍රතිකාරයක් ලෙස ර්‍ණලයිට් ඇල්ලීම” :ර්‍ථඩධබධ බඩඥපචනර- සිදු කරනු ලැබේග

රුධිරයේ සීනි ප්‍රමාණය අඩුවීම එවැනි දරුවන් මුහුණ දෙන තවත් ගැටලුවකිග එහි ප්‍රතිඵලයක් ලෙස වලිප්පුව :ෆිට් එක- වැනි තත්ත්වයක් මතු වේග රුධිරයේ කැල්සියම් අඩු වීම ද එවැනි දරුවන් තුළ මතුවන තවත් ගැටලුවකිග එහි ප්‍රතිඵලයක් ලෙස වලිප්පුව වැනි ස්වභාවයක් ඇති වීමට ඉඩ ඇතග ශරීරයේ කැල්සියම් අඩුවීමේ ප්‍රතිඵලයක් වන්නේ එම දරුවන් තුළ ර්‍ණරිකට්” වැනි රෝගී තත්ත්වයක් මතුවීමයග ර්‍ණරිකට්” යනු වැඩිහිටියන්ගේ අස්ථි පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන ර්‍ණඔස්ටියොපොරෝසිස්” වැනි රෝගයකිග මේ තත්ත්වය නිවැරැදි ලෙස හඳුනාගෙන ප්‍රතිකාර ලබා නොදුනහොත් දරුවාගේ දෙපා බකල ස්වභාවයක් ගත හැකියග රිකට් නම් මෙම රෝගී තත්ත්වය ඖෂධීය ප්‍රතිකාර මඟින් සුවකර ගත හැකියග

මෙවැනි දරුවන්ට ද අනෙක් දරුවන්ට මෙන්ම නියමිත දින වකවානුවලට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙනු ලැබේග ඒ පිළිබඳව මවුපියන් බිය විය යුතු නැතග

අඩු බර උපත් සහ නොමේරූ ළදරුවන් පිළිබඳව සඳහන් කළ යුතු විශේෂ කරුණක් ඇතග ඒ එවැනි දරුවන්ගේ ශරීරයට විෂබීජ ඇතුළු වීමේ හැකියාව වැඩි බවයග එබැවින් මෙවැනි දරුවකු අල්ලන විට මව පියා හෝ ඕනෑම අයකු දෑත් නිවැරැදි ලෙස පිරිසුදුකර ගැනීමෙන් අනතුරුව දරුවා ඇල්ලීම ඉතා වැදගත්යග එවැනි දරුවන් බැලීමට නිතර නිතර අමුත්තන් නොයන්නේ නම් වඩාත් සුදුසුයග යමිකිසි හෙයකින් යන්නේ නම් දරුවා ඇල්ලීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුයග

නොමේරූ සහ අඩු බර සහිතව උපදින දරුවන් ඉතාම පරිස්සමින් මාස 6 ක් පමණ ගතවන තෙක්ම රැකබලා ගත යුතුයග දරුවා නියමිත බරක් දක්වා වර්ධනය වන තෙක් පරිස්සම් කරගත යුතුයග

එවැනි දරුවකු රෝහලේ සිට නිවසට ගෙන යාමට ප්‍රථම නිවස දරුවාට ගැළපෙන අයුරින් සකස් කළ යුතුයග දරුවා තබන කාමරය ඉතා පිරිසුදු උණුසුම් සහිත තැනක් වීම ඉතාම වැදගත්යග දරුවා ගෙන යන නිවස පිහිටා ඇත්තේ නුවරඑළිය වැනි ශීතල ප්‍රදේශයක නම් දරුවා තබන කාමර උණුසුම්ව තැබීමට ක්‍රියා කිරීම වඩාත් සුදුසුයග

දරුවා සිටින කාමරයට පැමිණෙන ඕනෑම අයකු පිරිසුදු වී පැමිණීම ඉතාම වැදගත්යග එලෙස වුවමනාවෙන් සහ සුපරික්ෂාකාරීව රැකබලා ගතහොත් අඩු බර සහිතව හෝ නොමේරූ ළදරුවකු ලෙස මෙලොව එළිය දුටු දරුවකු වුවද නිරෝගී බුද්ධිමත් දරුවකු ලෙස හදා වඩාගත හැකිය

curtesy : dinamina.lk

More News »