Home / මවකගේ සිහිනය / මොකද්ද මේ Hand-foot and Mouth Disease කියන්නේ…

මොකද්ද මේ Hand-foot and Mouth Disease කියන්නේ…

2017-07-13 10:43:00       188
feature-top
Hand-foot and Mouth Disease සිංහලෙන් අත්-පා-මුඛ රෝගය ලෙස හැඳින්වෙන රෝග තත්ත්වය එන්ටෙරෝ වෛරස (Enterovirus) මගින් ඇති වේග මෙම රෝගය අත් පා මුඛ රෝග ලෙස නම් කර ඇත්තේ එම ස්ථානවල බහුලව මේ තත්ත්වය හටගන්නා නිසායග සාමාන්‍යයෙන් මෙම වෛරස ආසාදනය දක්නට ලැඛෙන්නේ වයස අවුරුදු පහට අඩු දරුවන් අතරයග වැඩිහිටිවියට පත්වීමත් සමගම වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය සිරුර තුළ සැකසුනත්ල කලාතුරකින් වැඩිහිටියන් අතර ද අත් පා මුඛ රෝගය හට ගත හැකග

අත් පා මුඛ රෝග තත්ත්වය ඇති කරන වෛරසයේ බීජෞසන සමය දින 3 ජ් 7ක් අතර කාලයකිග රෝගය බෝ වීම සිදුවන්නේ රෝගී දරුවෙකුගේ මලපහරැකෙලරැසෙම්රැසොටු මෙන්ම හටගන්නා බිබිලි පිපිරී පිටතට එන ශ්‍රාවයන් නිරෝගී දරුවෙකුගේ තැවරීමෙනිග
අත් පා මුඛ රෝගය වැළදුණු දරුවෙකු පෙන්නුම් කරන රෝග ලක‍ෂණ වන්නේ ථ

    තද උණ
    සම මත අවර්ණ වතුර බිබිලි ඇති වීම
    උගුරේ ආසාදන
    කෑම අරුචිය
    දරුවා අලසවරැඅප්‍රාණිකව කාලය ගත කිරීම

මෙම රෝගි ලක්ෂණ සියල්ල එකවර පෙන්නුම් නොකෙරෙන අතරල සමහර අවස්ථා වලදී රෝග ලක්ෂණ නොපෙන්වූවත්ල එම දරුවාගෙන් තවත් දරුවකුට රෝගය බෝ විය හැකග

දරුවාගේ සිරුරේ දණහිසරැවැලමිටරැතට්ටමරැපිට මෙන්ම උගුරරැමුඛය වැනි ස්ථානවල සාමාන්‍යයෙන් මෙම බිබිලි හටගන්නා අතර ඇතැම් විට ඒ බිබිලි මතුවීමට පෙර කුඩා රත්පැහැ බිබිලි සමූහයක් හටගන්නා අවස්ථාද දැකගත හැකියග මෙසේ ඇති වන බිබිලි තරමක් විශාල වී වතුර බිබිලි බවට පත්වන අතරම දින පහක් හයක අවෑමෙන් පිපිරී ගොස් ඒ මත කබොල්ලක් හටගනීග මෙම බිබිලි වේදනාකාරි නිසාල දරුවාට ආහාරපාන ගැනීමේ අපහසුතා ඇති විය හැකග කෙසේ වුවද ඕනෑම වෛරස රෝගයක් සිරුරෙන්ම ඉවත් යන තුරු කළ හැකි එකම ප්‍රතිකාරය වන්නේ උණ සහ සිරුරේ වේදනාව අවම කිරීම සඳහා දරුවාගේ බරට සරිලන පැරසිටමෝල් මාත්‍රාව වෛද්‍ය උපදෙස් අනුව ලබාදීමයිග
අත් පා මුඛ රෝගයෙන් පෙලෙන දරුවෙකු ථ

    විජලනයෙන් රැකගැනීම සඳහා සාන්ද්‍ර බවින් අඩු සහ ආම්ලික නොවන දියර වර්ග ලබාදෙන්න
    සැමවිටම මද උණුසුම් ජලය පානයට ලබාදෙන්න
    උගුර සෝදා පිටතට දැමීමට හැකියාව පවතින දරුවෙකු නම් මද උණුසුම් ජලයට ලූණු ස්වල්පයක් එක්කර උගුර සේදීමට ලබාදෙන්නග
    බිබිලි පිපිරී තුවාල ඇතිවීම නිසා වෙනත් ආසාදන මතුවිය හැකිබැවින් සැමවිටම දරුවා පිරිසිදුව තබාගන්නග ඒ සඳහා මද උණුසුම් ජලයෙන් පිරිසිදු කර තෙත මාත්තු කරන්නග වෛද්‍ය උපදෙස් මත ලබා දෙන ආලේපනයක් ගැල්වීමේ වරදක් නැතග

මව්පියනිල

මෙවැනි බෝවන රෝගයක් හටගත් ඕනෑම අවස්ථාවක ඔබ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව විටින් විට අපි ඔබව දැනුවත් කර ඇත්තෙමුග මෙම රෝගය ඉතා ඉක්මනින් බෝ වන බැවින්ල එසේ වීම වැලැක්වීමට

    දරුවා රෝගය සුව වන තුර පෙරපාසැල්රැපාසැල්රැදිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යැවීමෙන් වළකින්න
    දරුවා පොදු ස්ථානවලට රැගෙන යාමෙන් වළකින්න
    දරුවාගේ මලපහ ක්‍රමවත් ආකාරයකට බැහැර කිරීමට වගබලාගන්න
    කිවිසීමේදී ලේන්සුවක් ආධාරයෙන් මුව වසා ගැනීමට දරුවාට කියාදෙන්නග
    සෙල්ලම් බඩු වැනි දරුවන් නිතර පාවිච්චි කරන භාණ්ඩ රෝගි හා නිරෝගි දරුවන් අතර වෙන් කර තබන්නග
    නිවසේ අනෙක් දරුවන් වෙන්කොට තැබිය හැකිනම් ඒ පිළිබඳව සැලකිලිමත්වන්නග
    නිරෝගි දරුවන්ට නිතරම අත් සේදීමට පුරුදු කරන්නග

    කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ  ක්ෂුද්‍ර ජීවී විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය  එම්ග එන් ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි

curtesy :parenting.lk

More News »