Home / මවකගේ සිහිනය / දරුවන්ට රාත්‍රි ආහාරය කලින් දෙන්න

දරුවන්ට රාත්‍රි ආහාරය කලින් දෙන්න

2017-07-14 12:09:00       173
feature-top
ඉස්සර කාලයේ අම්මලා තමන්ගේ දරුවන්ට රාත්‍රි ආහාරය ගත් විගසම නින්දට යන්න අවසර දුන්නේ නැහැග ඔවුන් ඒ දවස්වල කිව්වේ බත් ඇට කූරු අස්සේ යන නිසා රෑට ආහාරය ගත් විගසම යහන්ගත වෙන්න අවසර දුන්නේ නැහැග ඔවුන්ට රාත්‍රි ආහාරය සමග වූ නින්ද ගැන විද්‍යාත්මක අවබෝධයක් නොතිබුනත් කුමක් හෝ අයහපත් දෙයක්ය යන අදහස හිතේ තිබුනාග

ජපන් ජාතිකයන් රාත්‍රි ආහාරය සන්ධ්‍යා කාලයේදීම බුත්ති විඳින අතර අපේ රෝහල්වල වුනත් රාත්‍රි ආහාරය ඉතාම වේලාසන දෙනවා ඔබ දැක ඇතිග සරල ජීවන රටාවක් තිබුන යුගයක අපි හුරු පුරුදුව සිටියේ රාත්‍රි ආහාරය හවස 7 සිට 8 අතර කාලයේදී ලබා ගන්නයිග එයින් පසුව රාත්‍රි දහය පමණ වෙන තෙක් යම් යම් කටයුතුවල නිරත වෙන අපි ඒ නිසාම ආහාරයෙන් ලැබෙන ශක්තිය දහනය වුනාග නමුත් අද තත්වය මීට හාත්පසින්ම වෙනස්ග උදේ හයට විතර නිවසෙන් පිටත්ව යන දරුවන් නැවත නිවසට එන්නේ රාත්‍රි හත අට පමණ වේලාවකග ඒ ඇවිත් අම්මා මොනවා හරි යමක් පිලියෙල කරල දරුවන්ට කන්න දුන්නත් මේ වෙද්දී දරුවන් හොඳටෝම හෙම්බත් වෙලාග ඒ නිසා ලැබෙන දේ කොහොම හරි ආහාරයට ගෙන එසැනින්ම නින්දට යෑම ඔවුන්ගේ සිරිතයිගදවසේ කාර්යභාරය සමග මෙය සාමාන්‍ය සිද්ධියක් වුනත් රාත්‍රි ආහාරය ගත්ත ගමන් නින්දට යැමේ  ආදිනව බොහොම තිබෙනවාග මෙතෙක් අපි මේ ගැන දැන සිටියේ කාපු ගමන් නින්දට ගියොත් ආහාර දහනය පිළිබඳ ගැටලු ඇති වෙලා සිරුරේ අනවශ්‍ය ලෙසින් මේද ගබඩා වීම සහ තරබාරුව ගැන විතරයිග ඒත් අද ඒ ගැන දැනගත යුතු දේ බොහොමයිග
ඇමරිකාවේ වෛද්‍ය තිමොති මොගෙන්තලාගේ අදහස මොකක්ද බලමු

ඇමරිකාවේ වෛද්‍ය තිමොති මොගෙන්තලා සඳහන් කරන අන්දමට සෝස්ල මිරිස් යෙදූ ආහාර වගේම ක්ෂනික ආහාර හොඳම නැහැග ඒත් අද අප් අම්මලා හැන්දෑවට ගෙදර එන්නේ නයිට් කඩ වන්දනා කරගෙනයිගමෙම කඩවල තිබෙන අධික ඇසිඩ් වර්ග යෙදූ ආහාර නිසා පපුවේ දැවිලි ස්වභාවය වගේම ගැස්ටරයිටිස් රෝග තත්වයට දරුවා ඉතා පහසුවෙන් ගොදුරු වෙන්න පුලුවනිග මේයෝ චිකිත්සාගාරයේ සිදු කරන ලද චිකිත්සාගාර අධ්‍යනයන් මගින් පෙන්වා දෙන අන්දමට මෙම ආහාර කුඩා දරුවාගේ පටන් කොයි කාටත් වයස් භේදයක් නොමැතිවම අහිතකර අන්දමට බලපාන බවයිග
ඇමරිකාවේ ජාතික සංගමයේ අදහස

පවා අනුදැන වදාලේ රාත්‍රි ආහාරය අපේ පැවැත්මට අත්‍යවශ්‍ය නොවන නිසා වෙන්නැතිග අද මේ ගැන අධ්‍යනයේ යෙදෙන වෛද්‍ය විශේෂඥයන්ගේ අදහසට අනුව අධික කැලරි ශක්තියකින් ආහාරයට ගතහොත් තරබාරුවට මග කියන බවයිග ඒ වගේම බොහෝ දෙනෙකුට නිරාහාරව නින්ද නොයන තත්වයෙන් පීඩා විදින්නට සිද්ධ වෙනවාග මේ නිසා වෛද්‍ය පර්යේෂකයන්ගේ  උපදෙස් වන්නේ රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගැනීම ඉතා වැදගත් බවයිග ඒ වගේරාත්‍රි ආහාරය හතට පමණ ගැනීම වඩාත් යෝග්‍ය බව වෛද්‍ය විශේෂඥයන්ගේ අදහසයිග

The food you crave ර්‍ණග්‍රන්ථයේ කර්තෘ  කියන විදිහට

The food you crave ර්‍ණග්‍රන්ථයේ කර්තෘ  කියන විදිහට  රාත්‍රි ආහාරය පිලියෙල කිරීමේදී අධිශක්තිය  දහනය නොවී සිරුරට එකතු වෙනවාග මේ නිසා අනවශ්‍ය ලෙසින් තෙල් සහ ලුණු සිරුරට එක් වීමටත් රාත්‍රි ආහාරය ගත් සැනින් නින්දට යොමු වීම බලපානවාග

curtesy :parenting.lk

More News »