Home / මවකගේ සිහිනය / අති උතුම් මව් සෙනෙහසට දරුවෙකු පෝෂණය කරන්නත් පුළුවන්

අති උතුම් මව් සෙනෙහසට දරුවෙකු පෝෂණය කරන්නත් පුළුවන්

2017-07-28 02:50:00       639
feature-top
ජ් අගෝස්තු 1 සිට 7 දක්වා යෙදෙන ජාත්‍යන්තර මව්කිරිදීමේ සතිය නිමිත්තෙනි ජ්
මව්කිරට පණ ඇති බව ඔබ දන්නවදරෑ

උත්තරීතර මව් සෙනෙහස නිසාම මෙලොවට බිහි කරන කිරිකැටියා පෝෂණය කිරීමට මවගේ පියයුරෙහි නිපදවෙන මව්කිරි ජීවී දියරයකිග රුධිරයේ අන්තර්ගත රක්තාණු හැර සුදු රුධිරාණු සහ අනෙකුත් ජීවි ෙසෙල මව්කිරේ අඩංගු වෙනවාග කුස තුළ ගෙවූ දස මස මවගෙන් පෝෂිත දරුවා මෙලොවට බිහිවීමත් සමගම මව්කිරෙන් සිය පෝෂණය ලබයිග උපතින් පැය භාගයක් පමණ ගත වන විට මව්කිරි දීම අරඹන අතරම මවගේ පියයුරට ළං කළ විගස දරුවා කිරි උරා බීම අරඹයිග එවිට මවගේ මොළයට යන පණිවිඩය හරහා පියයුර උත්තේජනය වී :මවගේ මොලයේ පිටියුටරි ග‍්‍රන්ථියේ අපරභාගයෙන් නිපදවෙන පෝලැක්ටින් හෝමනය ශ‍්‍රාවය වීම හේතුවෙන්ෆ කිරි නිපදවීම ඇරඹේග මාස හයක් පුරා දරුවා මව්කිරෙන්ම පමණක් පෝෂණය කිරීමට අවශ්‍ය කිරි ප‍්‍රමාණය නිපදවීමේ හැකියාව මවක් සතුයග අමතර ආහාර සඳහා සිරුර සැකසෙන තෙක් දරුවා පෝෂණය වන්නේ මව්කිරෙන් පමණිග උස ජ් මිටිල සිහින්- තරබාරු භේදයකින් තොරව දරුවෙකු බිහිකරන සෑම මවකටම මව්කිරි නිපදවීමේ උපරිම හැකියාව ඇතග සැබවින්ම මෙය ආදරයේ ප‍්‍රාතිහාර්යයක් බඳුයග

අලූත උපන් දරුවාට කිරි පෙවීමේදීල

    දරුවා නිවැරදි ඉරියව්වේ තබාගන්න
    දරුවාගේ මුව තුළට තන පුඩුව පමණක් නොව පියයුරේ කලූ පැහැති කොටස ද :ඇරියෝලාව- ඇතුළු කරන්න
    දරුවාගේ නිකට පියයුරේ ස්පර්ශ වී මුව හොදින් විවර වී යටි තොල පිටතට පෙරලී තිබේ දැයි පරීක්‍ෂා කරන්නග :එසේ නම් දරුවා නිවැරදිව පියයුරට සම්බන්ධ සිටීග-

මව්කිරේ පෝෂණය ථ

කොලස්ට‍්‍රම් ජ් පියයුරෙන් මුලින් ස‍්‍රාවය වන ලා කහපැහැති ඝනකම ස‍්‍රාවයයිග එහි මවගේ ප‍්‍රතිශක්තිකරණ ප්‍රෝටීනවලින් අන්තර්ගතයග එසේම විටමින් ් බහුලයග කොලස්ට‍්‍රම් ස‍්‍රාවය වන්නේ ඉතා සුළු ප‍්‍රමාණයක් වුවද එමගින් දරුවාගේ  ප‍්‍රතිශක්තිය වඩවමින් රෝගවලින් රැකගනීග

    නොමේරූ ආන්ත‍්‍රය මත ආස්තරයක් ලෙස පැතිරී උදරයට ඇතුළු වන බැක්ටීරයා විනාශ කරයි
    කුස තුළ විරේකයක් ලෙස ක‍්‍රියාත්මක ඉක්මණින් මිකෝනියම් :කලූ පැහැති මලෆ බැහැර කිරීමට - උදව් වේ
    එවිට දරුවාගේ සිරුරට පිත්ත ලවණ අවශෝෂණය කරගැනීමට ඉක්මණින්ම අවස්ථාව සැලසේ
    දරුවා කහ පැහැවීමේ අවදානමද මග හරවයි

දරුවා හොඳින් කිරි උරා බොන විට ථ

    කිරි නිපදවීමද හොඳින් සිදුවේ
    කිරි ගලා ඒමද වේගවත් වේ
    සැමවිටම කුස පිරුණු දරුවා ප‍්‍රබෝධමත්ය
    නිරෝගී දරුවා දිනකට වාර හත අටක්ම කිරි උරා බොයි
    දිනකට වාර හත අටක්වත් මුත‍්‍රා පිටකරයි

මව් කිරි වල සංයුතිය

කොලස්ට‍්‍රම් අවසන් වූ පසුව නිපදවෙන ඝණත්වයෙන් අඩු අවර්ණ ද්‍රාවණයක් බඳු කිරෙහි 90‍්‍ර ක්ම දරුවාට අවශ්‍ය ජලය අන්තර්ගත වේග එමගින් දරුවාට අවශ්‍ය ජල ප‍්‍රතිශතය ලැබෙන අතරම මුත‍්‍රා පිටවීම හොඳින් සිදු වේග ඉන් පසුව ශ‍්‍රාවය වන කිරි ඝණකමින් වැඩි සුදු පැහැයකින් යුතුයග එමගින් නිසි පෝෂණයට අවශ්‍ය ප්‍රෝටීන් මේද සංඝටක දරුවාට හිමිවේග වෛද්‍ය උපදෙස් අනුව එක් පියයුරක කිරි අවසන් වනතුරුම දරුවාට ඉරීමට අවස්ථාව සැලසිය යුතුවන්නේ මේ නිසයිග
මව්කිරිවල අන්තර්ගත සුදු රුධිරාණු

    දරුවාගේ කුසට ඇතුළු වන බැක්ටීරියා විනාශ කරයි
    රෝගවලින්න් දරුවා රැකගනී
    බඩවැල් මේරීමට උපකාරී වේ
    ආසාත්මිකතා මග හරවයි
    ජීරණ අපහසුතා මගහරවයි
    ජීරණය පහසු කරවයි

කොළඹල පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසැල් සහ නව යොවුන් සෞඛ්‍ය ඒකකයේ ලේඛකාධිකාරී ප‍්‍රජා වෛද්‍ය එස්ග ජේග සේනානායක මහතා සමග සකසන ලද ලිපියකි

curtesy :parenting.lk

More News »