Home / මවකගේ සිහිනය / දරුඵල නැත්නම් මේ ලිපිය කියවන්න

දරුඵල නැත්නම් මේ ලිපිය කියවන්න

2017-07-30 10:39:00       669
feature-top
වර්තමානයේ සමාජය තුළ විශාල සෞඛ්‍ය ගැටළුවක්‌ව පවතින්නේ බෝ නොවන රෝගයි(Non communicable disease) ඒ අතර ප්‍රධාන තැනක්‌ හිමි කරගෙන තිබෙන්නේ අතිස්‌ථූල භාවයල දියවැඩියාවල කොලෙස්‌ටරෝල්ල හෘද රෝගල අක්‌මාවේ තෙල් තැන්පත් වීම වගේම අද වන විට මුළු රටේම හා ජාතියටම විශාල ගැටලුවක්‌ වන දරුඵල නොමැතිවීම මෙම බෝනොවන රෝග අතර ප්‍රමුඛ තැනක්‌ හිමි කරගෙන තිබෙනවාග මේ නිසාම දරුඵල නොමැතිවීම හා ඒ සම්බන්ධව ඇතිවන ගැටලු පිළිබඳ විශේෂ අවධානයක්‌ යොමු කරමින් පුවත්පත් පාඨක ඔබව දැනුවත් කිරීමත් ඒ සඳහා කළ හැකි ප්‍රතිකර්ම පිළිබඳවත් දැනුවත් කිරීමටත් අප බලාපොරොත්තු වනවාග

මෙම දරුඵල නොමැතිවීම සඳහා විවිධ හේතු කාරණා ඇති අතර ඒ සඳහා පිරිමින්ගේ මඳසරු භාවය බලපාන ආකාරය මීට පෙර කතාකළා ඔබට මතක ඇතිග මේ සතියේ සිට මදසරු බව සඳහා ගැහැණු පාර්ශ්වයේ ඇතිවන ගැටළු පිළිබඳව කතා කරමුග

මොකක්‌ද මේ කාන්තා පාර්ශවයේ මඳ සරු බව කියන්නේගගග

ඉතාම කාලෝචිත මාතෘකාවක්‌ග මොකද වෙනත් වෛද්‍යවරු කොටසක්‌ දරුඵල නැතිකිරීම සඳහා බලහත්කාරයෙන් එන්නත් ලබා දෙනවාග තව කොටසක්‌ පැලෝපීය නාල කපා ඉවත් කරන සැත්කම කරගන්න කියල බල කරනවාග හැමදේම මුදලට යටවුණ කාලයක තමයි අපිට මේ දරුඵල නොමැති අය සඳහා කළ හැකි පිළියම් පිළිබඳව කථා කරන්න වෙලා තියෙන්නෙග

මෙහිදී ඉතාම වැදගත්ම කොටස තමයි කාන්තාවන්ගේ මද සරු බව කියන්නේග ඒකට හේතුව දරු පිළිසිඳ ගැනීමකදී විශාලම කාර්ය සිදු කරන්නේ කාන්තාවග ඒ වගේම කාන්තාවකගේ මදසරු බව ඇතිවීමට විවිධ හේතු ගණනාවක්‌ම තියෙනවාග අපි ඒවා එකිනෙක වෙන වෙනම කතා කරමුග

මුලින්ම අපි හඳුනාගමු කාන්තා මඳසරු බව ඇති කරන හේතු මොනවද කියලග

ඟ ඩිම්බ කෝෂවල ඇතිවන ගෙඩි (PCOS)

ඟ ගර්භාෂ ගෙඩි  (Uterine Fibroid)

ඟ ගර්භාෂ පටක රෝග (Endometriosis)

ඟ පැලෝපීය නාල අවරෝධතා  (Tube Block)

ඟ ඩිම්බ නොමේරීම(Immature egg)

ඟ අධික තරබාරු බව  (Obesity)

ඟ හෝර්මෝන අසමතුලිතතාවය (hormone imbalance)

ඟ විස්‌තර කළ නොහැකි කරුණු

අපි මුලින්ම PCOS (Poly Cystic Ovarian Syndrome) හෙවත් ඩිම්බ කෝෂගත ගෙඩි පිළිබඳව කතා කරමුග

මොකක්‌ද මේ PCOS කියන්නේ

    Poly Cystic Ovarian Syndrome  ලෙස හඳුන්වන මෙම රෝගයේ දී කාන්තාවන්ගේ ඇතිවන හොර්මෝන අසමතුලිත තාවය නිසා ඩිම්බ හෙවත් බීජ මේරීම හා ඩිම්බ පිටවීමේදී සිදුවන දෝෂ ප්‍රධානව දැකිය හැකියිග මෙය අතිස්‌ථුල කාන්තාවන්ට මෙන්ම වැඩිවිය පත්වූ ගැහැනු දරුවන්ටද ඇතිවිය හැකග ශරීරයෙන් නිපදවන හෝර්මෝන මගින් ඩිම්බ මේරීම හා පිටවීම පාලනය කරයිග එහිද මූලික වන්නේ ඊස්‌ට්‍රජන්ල ප්‍රෝජෙස්‌ටරෝන්ල LH, FSH හෝර්මෝනයිග මෙම හෝර්මෝනවල සිදුවන අඩු වැඩිවීම් හා ආයුර්වේදානුකූලව ධාතු දූෂණය මීට හේතුවයිග මෙවැනි විවිධ රක්‌ත දෝෂ හේතු කොටගෙන මෙම රෝගී තත්ත්වයන්හට ගනීග දරුඵල ප්‍රමාදය සඳහා යොමුවන රෝගීන්ගෙන් බොහෝ ප්‍රමාණයක්‌ අපට හමු වන්නේ මෙවැනි රෝගී තත්ව සමඟයිග මීටඅමතරව ඔසප් චක්‍රය අක්‍රමවත්ල අධික තරබාරු ගැහැණු දරුවන්ටද මෙම රෝගී තත්ත්වය තිබිය හැකියිග

හොර්මෝන වෙනස්‌වීම සමඟ ඔසප් චක්‍රයේ ඇතිවන වෙනස්‌කම් ඩිම්බ සෑදීමල පිටවීම පිළිබඳව දැක්‌වෙන රූප සටහනක්‌ හා ගෙඩි සහිත ඩිම්බ කෝෂයක රූපසටහන් පහතින් දක්‌වා ඇතග

මොනවද මේ PCOS වල රෝග ලක්‍ෂණ

01ග දරුඵල නොමැතිවීම

02ග ඔසප්චක්‍රය නැවතී තිබීම හෝඅක්‍රමවත් වීම

03ග ශරීරය අනවශ්‍ය ලෙස මහත්වීම :අධික ලෙස මේදය තැන්පත්වීම-

04ග අනවශ්‍ය ලෙස රෝම ඇතිවීම :මුහුණල ගෙල ප්‍රදේශවලල දෙපාවල-

05ග බෙල්ල දෙපස හා කිහිලි කලුවීම

06ග සමෙහි මාංශමය ඉන්නන් (Skin tag) ඇතිවීම

07ග අලස බව වැඩිවීම

08ග කුරුලෑ ඉස්‌සොරි හා මුහුණේ තෙල් ගතිය වැඩිවීම

09ග ශ්‍රෝණි ප්‍රදේශයේ ඇතිවන වේදනාව

10ග පසුකාලීනව දියවැඩියාව හා හදවත් රෝග ඇතිවීමේ අවදානම වැඩිවීම

මේවා මෙහි ප්‍රධාන රෝග ලක්‍ෂණ වේග

ඒ කෙසේ නමුත් මුල් අවස්‌ථාවේදී ඉහත දැක්‌වෙන රෝග ලක්‍ෂණ නොපෙන් වුවද මෙම රෝගය තිබිය හැකග එනම් සිහින් ශරීරයක්‌ ඇති අක්‍රමවත් ඔසප් චක්‍රයක්‌ තිබෙන අයද මේ අතර අපට හමුවේග මේ සඳහා බලපාන හේතු මොනවාදැයි සොයා බලමුග මෙහි ප්‍රධාන හේතුව වන්නේ හෝර්මෝන අසමතුලිත බව හා ශරීරයේ ධාතු දූෂණයයිග

01ග වැරැදි ආහාර රටාව එනම් නිතර නිතර අධි පෝෂණීය කෑම ගැනීම

02ග ව්‍යායාම අඩුකම

03ග ක්‍ෂණික ආහාර

04ග විවිධ කෘතීම රසකාරක යෙදූ ආහාර

05ග විවිධ බීම වර්ග

06ග කෘතීම ඖෂධ වර්ග :හෝර්මෝන හා විටමින් වර්ග අධිකව ගැනීම-

07ග රූපලාවන්‍ය සඳහා ගන්නා විවිධ ඖෂධ වර්ග

08ග මානසික අසහනකාරී බව දිගටම තීබීම

09ග ජීවත්වූ පරිසරය දීර්ඝ කාලයක්‌ වෙනස්‌වීම

10ග ජානමය හේතුද මේ සඳහා බලපායි

මේ රෝගය හඳුනා ගන්නේ කෙසේදරෑ ඉහත රෝග ලක්‍ෂණ ඔස්‌සේ මෙම රෝගය හඳුනාගත හැකි අතර ULTRA SOUND ස්‌කෑන් පරීක්‍ෂාවක්‌ මගින් තහවුරු කරගත හැකග

මේ සඳහා ඇති ප්‍රතිකාර මොනවා දැයි සොයා බලමුග

ඉහත ලක්‍ෂණ හඳුනාගත් විට තරුණ වියේදී හෝ විවාහ වී ඇතිවිට හෝ ඉතා ඉක්‌මණින් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත යොමු වී ප්‍රතිකාර කිරීමෙන් මෙම රෝගයන් ඉතා පහසුවෙන් සුව කරගත හැකි වෙනවාග

නොමිලේ විස්‌තර උපදෙස්‌
0114278589ල 077 6224293

ලබන සතියේ තවත් කොටසක්‌


Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »