Home / මවකගේ සිහිනය / ඔබේ දරුවා අධික ලෙස රූපවාහිනිය නැරඹීමට පුරුදු වී සිටියිද?

ඔබේ දරුවා අධික ලෙස රූපවාහිනිය නැරඹීමට පුරුදු වී සිටියිද?

2017-08-24 02:03:00       609
feature-top
1993 මහා බ්‍රිතාන්‍යයේ දස හැවිරිදි ළමුන් දෙදෙනෙකු කෙරෙහි ලොව පුරා අවධානය ලැබුනේ ප්‍රකට ජේම්ස් බුලගර් සිද්ධිය නිසායගජේම්ස් නම් කුඩා දරුවෙකු මරා දැමීම සිදු කර ඇත්තේ භීතිය දනවන වීඩියෝ පටයක් නරබා  ඒ අනුව බවට මත පල වී තිබිණිගමෙය එක් නිදසුනක් පමණිගජර්මනියේ වයස අවුරුදු 12ක දරුවන් දෙදෙනෙක් වීඩියෝපට නැරබීමට පුරුදු වී සිටි අතර ඔවුන් බැලු එක් වීඩියෝ පටයක් අත්හදා බලමින් අසල්වැසි දරුවෙක් ඒ ආකාරයට මරා දැමු බව ඔවුන් පිලිගෙන තිබුණිග

ජපානයේ ළමයින් 276ක් යොදා ගෙන කරනු ලැබූ සමීක්ෂණයකින් හෙළි වුයේ රූපවාහිනිය සහ විද්‍යුත් උපකරණ කෙරෙහි ඇති අධ්ක ලැදියාව මොලය ෙසෙල වලට  හානිදායක බවයිගවැඩි කාලයක් රූපවාහිනීය නැරබීමට හුරු වූ ළමයින්ගේ මොලයේ ෙසෙල වල යම් ආකාරයක වෙනස් ලක්ෂණ පෙන්නුම් කල හැකි බවයිගඑම්ගආර් ස්කෑන් පරික්ෂණය මගින් මේ කරුණු සොයා ගෙන ඇතගකුඩා දරුවන්ගේ මොලයේ ක්‍රියාකාරිත්වය අසමබර වීම කෙරෙහි රූපවාහිනිය කරන බලපෑම් පිලිබදව බෑරැරුම්ව සිතා බැලිය යුතුයග

රූපවාහිනිය හා ළමයා අතර ඇත්තේ ඉතා සමීප සම්බන්ධතාවයකිග මුළු ලොවම දරුවන් දවසකට වැඩි වේලාවක් රූපවාහිනීය ලග සිටින බව පර්යේෂණ මගින් හෙළි වී ඇතගරූපවාහිනිය ළමයින්ට කරන යහපතට වඩා අයහපත වැඩියගනුතන පවුල තුළ ළමයා උපදින්නේම රූපවාහිනියේ කොටස්කරුවෙකු බවට පත් වෙමිනිගඅද වෙන විට රූපවාහිනිය නැතිවම බැරි මෙවලමක් බවට පත් වී ඇතග

රූපවාහිනිය බැහැර කළ විට ළමයාට සිය විවේකය ගත කිරීමට විවිධ කාර්යයන්හි යෙදෙන්නට අවකාශය තිබේගපාසල ඇරි එන දරුවෙක් හැන්දෑ වරුවේ නිවසෙන් එලියට බැස සෙල්ලම් කිරීමට කැමති වෙතිගරූපවාහිනිය විසින් ළමයාගේ ස්වාභාවික චර්යාව වෙනස් කර ඇතගඔවුන් අද කල්පනා කරන්නේ සවස් වරුවේ කාටූන් වැඩසටහන්හි දී කුමක් නැරබිය හැකිද යන්න පිලිබදවයිගබොහෝ රූපවාහිනි වැඩසටහන්හි හුදු හාස්‍ය මුසු වී ඇතගමුළු ලොවම හොදින් දන්නේ කොකා කෝලා යන වචනයයිගසෙල්ලම් කරන්නේ පිස්තෝලයක් සමගයිගහින්දි නළු නිළියන්ගේ පින්තුර විනෝදයක් ලෙස එකතු කරයිග

රූපවාහිනි හරහා සිදු වන අවාසනාවන්ත සිදුවීමක් වන්නේ පුංචි දරුවන් බලා ගැනීමේ කාර්යය ද මව්වරුන් රූපවාහිනියට බාර කිරීමයිගමව්වරුන් සිය නිවසේ වැඩ කටයුතු නිම කරන තෙක් දරුවා බලා කියා ගන්නා රූපවාහිනියට  දරුවා අකාර්ශනිය වන අතර එය බිලිදාගේ මුල්ම ගුරුවරයා බවට පත් වී ඇතගමවගෙන් ලැබෙන උණුසුම් සෙනෙහස නොමැති වුව ද රූපවාහිනීය දරුවා හොදින් බලා කියා ගනීගදරුවා රූපවාහිනීයට අධික ලෙස ඇබ්බැහි වීමට ප්‍රධාන වශයෙන් වග කිය යුත්තේ දෙමවුපියන්යගවිශේෂයෙන්ම  කුඩා දරුවන් එක අරමුණක රදවා ගැනීමට යොදන උපක‍්‍රමයක් ලෙස බොහෝ වැඩිහියන් රූපවාහිනීය යොදා ගැනීම සුලභයග

ර්‍ණඅම්මා ගෙදර වැඩ ටික කරනකම් පුතා ටීවී බලන්නකෝ”

දරුවන්ට දෙමවුපියන්ගේ අවධානය අවශ්‍ය වුව ද එකී අවධානය ලබා දීම දෙමවුපියන් විසින් බාලගිරි දෝෂය මෙන් කල් දමයිගමේ කුඩා අතපසුවිම දරුවා රූපවාහිනීය ඇබ්බැහි වීමට දීර්ඝකාලීන බලපෑම් කරයිග

ළමයා යනු තමන්ගේ චරිත ලක්ෂණ සකස් කර ගනිමින් සිටින ජීවියෙකිගරූපවාහිනිය විසින් ඉදිරිපත් කරන සෑම දෙයක්ම ළමයාගේ චරිත ලක්ෂණ වලට උරා ගනියිගමෙම චරිත ලක්ෂණ ළමුන්ගේ ජිවිතයට හානිකරයගඑහෙත් වැඩිහිටියන්ට ඒ බව තේරෙන්නේ නැතගමේ සියල්ල නිසි ලෙස තේරෙන්නේ රූපවාහිනී වැඩසටහන් කළමනාකරුවන්ටයගඔවුහු නියම ලෙස ළමයින්ගේ නිල අල්ලා රූපවාහිනී වැඩසටහන් සම්පාදනය කරයිගමෙම රූපවාහිනී වැඩසටහන් වලට ඔබේ දරුවා අධික ලෙස ඇබ්බැහි වී සිටි නම් මේ මොහොතේ සිටම ඔබේ දරුවා වෙනත් බාහිර ක්‍රියාකාරකම් වලට යොමු කිරීමට වග බලා ගන්නගඑසේ නොවුනහොත් ඔබේ ළමයා සමාජයට පිවිසෙන විට ප්‍රචණ්ඩ පුද්ගලයෙකු බවට පත් වීමට බොහෝ ඉඩකඩ ඇතග

curtesy :parenting.lk

More News »