Home / මවකගේ සිහිනය / දරුවන්ගේ හැසිරීම් හඳුනා ගැනීම

දරුවන්ගේ හැසිරීම් හඳුනා ගැනීම

2017-10-23 11:28:00       758
feature-top
දරුවකු විසින් කරනු ලබන එමෙන්ම නිරීක්‌ෂණය කළ හැකි ඕනෑම දෙයක්‌ හැසිරීමක්‌ ලෙස හැඳින්විය හැකිය.
 
 සිනාසීම, කථා කිරීම, පොතක්‌ ගැනීම, යමකට ගැසීම වැනි ක්‍රියාවන් හැසිරීමකි අනිකුත් අය මෙම ක්‍රියාවන්හී නිරත වනු ඇත. සියලු දෙනාටම දැක ගත හැකිය. ඒවා නිරීක්‌ෂණය කිරීමට නිවැරදිව විස්‌තර කිරීමට ද පුළුවන. කෝපය, ඊර්ෂ්‍යාව හෝ ආදරය වැනි හැඟීම් කිසිවක්‌ හැසිරීම් නොවේ, මේවා හැඟීම් ප්‍රකාශ කරන මාර්ගයක්‌ පමණකි.
 
 හොඳ හෝ නරක හැසිරීමක්‌ම ඉගෙන ගන්නා දෙයකි. සොරකම් කිරීම, රණ්‌ඩු කිරීම, බැණ වැදීම් යනාදීය ඉගෙන ගන්නා ආකාරයෙන්ම රූපවාහිනිය ක්‍රියාත්මක කිරීම සහ ප්‍රවාහන පහසුකම් පාවිච්චි කිරීම ද ළමයකු ඉගෙන ගනී.
 
 හැසිරීමකට අනතුරුව දරුවාට ප්‍රියමනාප යමක්‌ සිදුවීම හෝ අප්‍රියමනාප යමක්‌ සිදුවීම හෝ අප්‍රියජනක දෙයක්‌ ඉවත්කිරීම මගින් හැසිරීම සවිමත් කළ හැකිය.
 
 කිසියම් හැසිරීමකට අනතුරුව ප්‍රිය මනාප යමක්‌ සිදුවන්නේනම් එම හැසිරීම අනාගතයේදී නිරතුරුව සිදුවිය හැකිය.
 
 උදාහරණයක්‌ ලෙස කථා කරන්නට උත්සාහ කරමින් සිටින දරුවකුට බබා යෑයි පැවසූ විට එම දරුවාගේ මව සිපගනී. අම්මා විසින් සිප ගන්නවාට කැමැති නිසා දරුවා ඉදිරියේදී බබා යන්න කීමට ඉඩ කඩ වැඩිය.
 
 මෙසේ අප්‍රියජනක සිදුවීමක්‌ සිදුවූවානම් එනම්, දරුවා කියන ලද දේ ගණන් නොගෙන හිටියානම් හෝ ඊට හාත්පසින්ම මොනවද ඔය කියවන්නේ කියා ඇසුවානම් දරුවා අපහසුතාවට පත්වනු නොඅනුමානය.
 
 දරුවකුගේ හැසිරීම දියුණු කරගත හැකි ක්‍රම
 
 හැසිරීමකට අනතුරුව සිදුවන දෙය එම හැසිරීම ශක්‌තිය කෙරෙහි විශේෂයෙන් බලපානු ලබයි.
 
 එනම් හැසිරීමකට පසුව යම්කිසි අප්‍රසන්න යමක්‌ කිරීමෙන් හෝ ප්‍රසන්න යමක්‌ ඉවත් කිරීමෙන් හැසිරීමක්‌ දුර්වල කිරීමට හෝ ඉවත් කිරීමට හෝ පිළිවන.
 
 එහිදී දරුවකු විසින් තමාගේ සෙල්ලම් බඩු විසිකර තැන්තැන්වල දමන විට හැම සෙල්ලම්බඩුවක්‌ම අදාළ තැන්වල දරුවා ලවාම තැන්පත් කරවීමට කටයුතු කිරීම.
 
 දරුවා ලවාම කරවීම නිසා දරුවාට එහි පිළිවෙළ හා තිබිය යුතු ක්‍රමය අවබෝධ වෙන්නට පටන් ගනී. දිනපතා කරවීම තුළින් අනිවාර්යයෙන් දරුවාට පුරුද්දක්‌ බවට පත්වේ.
 
 විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණු
 
 ෆ එක්‌ ළමයකු සම්බන්ධයෙන් හැසිරීම වැඩි දියුණු කිරීමට යොදා ගන්නා දේ එනම් (ජනනාත්මක හෝ නිශේධාත්මක්‌ දේ) අනෙකුත් ළමයකුට ගැළපෙන්නේ නැතිවිය හැකිය. නැතහොත් හරියාකාරව නොයොදා ගැනීමෙන් ප්‍රති විරෝධි ප්‍රතිඵල අත් විය හැකිය.
 
 හැසිරීම් ඌනතා (අඩු බව) හැසිරීම් අතිරික්‌තතා (සීමාව ඉක්‌මවා යැම)
 
 හැසිරීම් ඌනතා යනු
 
 කිසියම් වයසකදී දරුවකු විසින් දැනගෙන තිබිය යුතු යෑයි අප සිතන දැ නොතිබීමය. එනම්,
 
 භාෂා දියුණුව, දෛනික කුසලතා, ශාස්‌ත්‍රීය දැනුම ආදිය අත්පත් කර ගැනීම යන අංශයන් හිදී මානසික දුබලතාවන්ගෙන් පෙළෙන්නවූන් ඌනතාවන් විශේෂයෙන් පෙන්නුම් කරනු ලබනු ඇත.
 
 මෙවැනි හැසිරීම් පවතින දරුවකු සිටීනම් කළ යුතුදේ
 
 ෆ දරුවාගේ හැසිරීම නිරීක්‌ෂණය කරන්න
 
 ෆ එම හැසිරීමට පළමුව සිදුවූ දේ සොයා බලන්න
 
 ෆ හැසිරීමේ ප්‍රතිවිපාක සොයා බලන්න
 
 ෆ එක්‌වරක දී එක හැසිරීමක්‌ පමණක්‌ අවධානය යොමු කරන්න
 
 ෆ නිරීක්‌ෂණය කරන අතරවාරවලදී වාර්තා සටහන් තබා ගන්නේ නම් ඉතා හොඳය
 
 ෆ එනම් වාර ගණන
 
 ෆ කාලය ආදීය යයි
 
 දරුවා පිළිබඳ තිබෙන ගැටලු හඳුනාගතහොත් පසුව ඊට සුදුසු පිළියම් යෙදීමට ඉතාමත් පහසු වනු ඇත.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »