Home / මවකගේ සිහිනය / සිඟිති දරුවන්ට ගායනය හුරු කරමු

සිඟිති දරුවන්ට ගායනය හුරු කරමු

2017-11-06 12:08:00       74
feature-top
පුද්ගලයකුගේ මානසික පෝෂණය සඳහා සංගීතයෙන් ලැබෙන්නේ නොමඳ සහයකි. ගීත ගායනය මෙන්ම ගීත වලට සවන්දීම විනෝදාංශයක් ලෙසද සැලකිය හැකිය.

කුඩා දරුවෝ ගීත ගායනය ඉතා ප්‍රිය කරති. එය ඔවුන්ගේ ස්වභාවික ගති ලක්ෂණ අතරින් එකකි.

එමෙන්ම දරුවාගේ ආශාව හා හැකියාව පිළිබඳව සිතා ඔවුන් එම අංශයෙන් ඉදිරියට යැවීමට කටයුතු කරන දෙමාපියෝද සිටිති.

ඕනෑම පුද්ගලයකුට ජන්මයෙන්ම පැමිණෙන ගතිගුණ හා හැකියාවන් තිබේ. ගායන හැකියාවද ඒ අතර වේ. නමුත් සිඟිති දරුවන් පිළිබඳව සලකා බලන කල හැකියාව ඇති නැති යැයි කොටස් කිරීම සුදුසු නැත. සිඟිති දරුවන් අතරින් ගායන හැකියාව නොමැති අය සිටී නම් ඒ සියයට 1 ක් 2 ක් පමණ ඉතා ස්වල්ප ප්‍රමාණයකි.

දරුවන් බොහෝ දෙනෙකුට ගායන හැකියාව තිබෙන අතර  නිවැරදිව දරුවන් ඒ වෙත යොමු කිරීම ගුරුවරයාගේ කාර්යභාරය වේ.

සිඟිත්තන්ට ගීත උගන්වන විට ප්‍රථමයෙන් වචන උගන්වා අනතුරුව තාලයට ගායනා කිරීමට හුරු කරන අවස්ථා තිබේ.

එවිට සිදුවන්නේ දරුවන් විසින්ම ඒ සඳහා තාලයක් නිර්මාණය කර ගැනීමය. එමනිසා එම ක්‍රමය සුදුසු නොවන අතර සුදුසු ක්‍රමය වන්නේ මුලින් වචන ඉගැන්වීමක් හා වචන කටපඩම් කීරීමක් නොකර ගීතය දරුවන්ට ඇසෙන්නට ගායනා කිරීමය.

දරුවන්ට ගැලපෙන ආකාරයට ශ්‍රෑතිය සකස් කර ගැනීමද ඉතාම වැදගත්ය. ආරම්භක ස්වර වලින් පටන්ගෙන මධ්‍ය ස්වර වලින් ගීතයක තනුව සකස් කර ගත යුතු වේ. උච්ඡ ස්වර යොදා ගැනීම සිඟිති දරුවන්ගේ ගීත සඳහා සුදුසු නැත.

එමෙන්ම දරුවකුට ගායනා කළ හැකි පරාසය හඳුනාගෙන එම පරාසය වෙත දරුවා ගෙන ඒමද ගුරුවරයාගේ දක්‍ෂතාවය හා වගකීම වන අතර හැකියාව වැඩිපුර ඇති දරුවන් ඉදිරියට ගැනීමට උත්සාය කිරීම නොකල යුතු බවද විශේෂයෙන් කිව යුතුමය.

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »