Home / මවකගේ සිහිනය / මවු පදවිය අපේක්‌ෂාවෙන් සිටින ඔබ ගැබිනි සමයේ අවධානය යොමු කළ යුතු දේ පිළිබඳ දැනුවත්ද?

මවු පදවිය අපේක්‌ෂාවෙන් සිටින ඔබ ගැබිනි සමයේ අවධානය යොමු කළ යුතු දේ පිළිබඳ දැනුවත්ද?

2017-11-21 12:15:00       147
feature-top
වඩාත් සුරක්‌ෂිතව ඔබේ කිරි කැටියාව මෙළොවට බිහිකිරීම උදෙසා, සෑම මාස 3 කට වරක්‌ ස්‌කෑන් පරීක්‌ෂණයක්‌ සිදුකිරීම වඩාත් නුවණට හුරුය.

ෙත්‍රෙමාසික අතිවනි ස්‌කෑන් පරීක්‌ෂණයේ (Trimester Scan) වැදගත්කම, මවක වීමට සිටින ඔබ දන්නේද?

පළමු ෙත්‍රෙමාසික ස්‌කෑන් පරීක්‌ෂණය:

Ö ඔබේ වෛද්‍යවරයාට, ඔබේ බිළිදා ගර්භාෂයේ පිහිටා සිටින අයුරු හා බිළිදාගේ හෘද ස්‌පන්දනය සහ අපේක්‌ෂිත උපන් දිනය නිශ්චය කරගත හැක.

Ö ඔබේ ගර්භාෂයේ එක්‌ ළදරු කලලයකට වඩා ඇති දැයි දැනගත හැක.

Ö ඔබට සුළු හෝ තද රුධිර ගැලීමක්‌ ඇති වුවහොත් එයට හේතුව නිසැකව නිශ්චය කරගත හැක.

දෙවන ෙත්‍රෙමාසික ස්‌කෑන් පරීක්‌ෂණය:

Ö බිළිදාගේ වර්ධන වේගය

Ö අවයව වල වැඩීම

Ö ගර්භාෂය තුළ බිළිදාගේ පිහිටීම

Ö කලලාවාරික දියර ප්‍රමාණය (amount of amniotic fluid)

අවසන් ෙත්‍රෙමාසික ස්‌කෑන් පරීක්‌ෂණය:

Ö බිළිදාගේ වර්ධන ශීඝ්‍රතාව

Ö බිළිදාගේ හෘද ස්‌පන්දනය

Ö බිළිදාගේ චලනය

Ö හිසේ සහ උදරයේ වට ප්‍රමාණය

Ö සුරක්‌ෂිත ප්‍රසූතියක්‌ සඳහා දරුවා ගර්භාෂය තුළ නිවැරදිව පිහිටා ඇති ද යන්න.

ෙත්‍රෙමාසික ස්‌කෑන් පරීක්‌ෂණයට පෙර කළ යුතු සහ නොකළ යුතු දේ:

Ö පළමුවෙන්ම ඔබට කුමන වර්ගයේ අතිවනි පරීක්‌ෂණයක්‌ සිදුකරන්නේ ද යන්න දැනගත යුතුය. ගැබ් ගෙන මද කාලයක්‌ ගත වී ඇත්නම් උදරය හරහාත් (transabdominal) නැතහොත් ගැබ්ගෙන අලුත නම් යෝනි මාර්ගය හරහා ද (transvaginal) සිදුකෙරේ.

Ö උදරීය අතිවනි ස්‌කෑන් පරීක්‌ෂණයක්‌ නම්, පරීක්‌ෂණයට පැයකට පෙර, වතුර වීදුරු 3 - 4 පානය කරන්න.

Ö යෝනි මාර්ගය හරහා මුත්‍රා පිටකර සූදානම් වන්න.

නොකළ යුතු දේ :

Ö සිරුරට තද සහ අපහසු ඇඳුම් ඇඳීමෙන් වළකින්න.

Ö සිරුරට වේදනාකාරී වන අයුරින් මුත්‍රා පිට නොකර සිටීමෙන් වළකින්න.

Ö කුස තුළ සිටින බිළිදාගේ පින්තූරය රැගෙන යැමට අමතක නොකරන්න.

මවු පදවිය වනාහි ලොව ඇති උත්තරීතර පදවියයි. එම විශ්මය ජනක මොහොතට ඔබ මුහුණදෙන තෙක්‌ ඔබ කොතරම් නොඉවසිලිමත්වේද? දැන් ඔබේ සිතේ ඒ පිළිබඳ කිසිදු කුකුසක්‌ ඇති විය යුතු නොවේ. බ්ලූ ක්‍රොස්‌ මෙඩිකල් සෙන්ටර් (Blue Cross Medical Centre) වෙතින් ඔබේ අනාගතය අදම දකින්න.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »