Home / මවකගේ සිහිනය / දරුසම්පත් හිමිකර දෙන ආයුර්වේද ප්‍රතිකාර

දරුසම්පත් හිමිකර දෙන ආයුර්වේද ප්‍රතිකාර

2017-12-14 09:19:00       193
feature-top
වර්තමානයේ අපවෙත පැමිණෙන බොහෝ විවාහක යුවල අතර පුරුෂ පාර්ශ්වයට ශුක්‍රානු ශක්‌තිමත් නොවීමට බලපා ඇති ප්‍රධාන හේතු වී ඇත්තේ අධික තරබාරුව නිසා මතුවූ දියවැඩියාව, මත්පැන් දුම්වැටි පානය නිසා ශුක්‍රානු අඩපණ වීම, අධික උෂ්ණත්වය සහිත පරිසරවල රැකියා කිරීම නිසා ශුක්‍රානු විනශ වීම ආදී කරුණුය. 
 
 දරුවො ඉන්න අම්මලා, තාත්තලා, දරු සුරතල් බලන කොට දරුවො නැති අඹු සැමියන් හදවතින් හඬා වැටෙන අවස්‌ථා බොහෝය.
 
 ඉස්‌සර නම් එක පවුලකට දරුවො හත් අට දෙනෙක්‌ හිටියා කියල වැඩිහිටියෝ උජාරුවෙන් කියන කොට අලුත් පරම්පරාවට ඒ හයිය ශක්‌තිය නැතිද කියලා සිතෙනවා.
 
 වෛද්‍යතුමියනි, දරුඵල නිසි කලට නොමැතිව මද සරු බවින් පෙළෙන අඹු සැමියන්ට ආයුර්වේදයේ තියෙන ප්‍රතිකාර මොනවාද?
 
 වර්තමානයේ බොහෝ කාන්තාවන්ට සහ පිරිමින්ට තියෙන ප්‍රධාන ගැටලුවක්‌ වී ඇත්තේ දරුවන් ලැබීම ප්‍රමාදය හෝ ලැබුණු දරුවා ආබාධ සහිත වීමය.
 
 අතීතයේදී අපට උරුමව තිබූ පාරම්පරික හෙළ වෙදකමට පිං සිදුවෙන්න මෙවැනි ගැටලු අවම කරගන්න පුළුවන් වුණා.
 
 දරු සම්පතක්‌ අහිමි වන්න හෝ ප්‍රමාද වන්න බලපාන හේතු රාශියක්‌ තියෙනවා. ස්‌ත්‍රියකගේ නම් රත්න ස්‍රාවය හෙවන් මාස්‌ ශුද්ධිය දින 28 ක්‌ හෝ 32 ක්‌ අතර කාලයකදී සිදුවිය යුතුයි. මෙය ප්‍රමාද වන විට ඇයගේ මාස්‌ ශුද්ධිය අක්‍රමවත් වෙනවා. එතකොට ඇයගේ ඩිම්බ කෝෂවලින් ඩිම්බයක්‌ පිටවන දිනය නිවැරදිව හඳුනාගන්න බැහැ.
 
 මෙයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඔවුන්ගේ වා පිත් දොaෂ කිපීමයි. එවිට ඔවුන්ගේ හෝමෝන ක්‍රියාවලිය අසමතුලිත වෙනවා. 
 
 මෙවැනි ස්‌ත්‍රීන්ට නිතර හිසරදය, ශරීරය පුරා වේදනාව, ඔසප් කාලයේ උදර වේදනාව, වමනය, මළ බද්ධය, පියයුරු වේදනාව, පියයුරුවල ගෙඩි හට ගැනීම, මුහුණේ කුරුලෑ ඇති වීම, යටි බඩ කොරවීම හා වේදනාව, තුනටිය හා කලවා වේදනාව, අධික නිදිමත බව, ඔසප් රුධිරය පිටවන දින ගණන අධික වීම, තරහා යැම, ක්‌ලාන්තය, කරකැවිල්ල, ඇඟ උණුකරවා යැම (ශ්වේත ප්‍රදරය) ආදී අපහසුතා මතුවෙනවා.
 
 මෙවැනි රෝග සඳහා නිසි ආයුර්වේද ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමු වුවහොත් මතුව ඇති අපහසුතා සුවපත් කර දරුඵල ලැබීම සඳහා ඇය සූදානම් කළ හැකියි.
 
 වෛද්‍යතුමියනි, පුරුෂයන් තුළ පවතින දුර්වලතා මොනවාද?
 
 ඔවුනට තියෙන ප්‍රධානම දුර්වලතාවය ශුක්‍රානු ශක්‌තිමත් නොවීමයි. ශක්‌තිමත් ශුක්‍රානු නැති විට ස්‌ත්‍රියකගේ ඩිම්බයක්‌ සමඟ එකතුවන්නේ නැහැ. එකතු වුවත් ඉන් නිරෝගී දරුවකු බිහි කරගන්න බැහැ.
 
 ඒ නිසා ඔවුන්ගේ ශුක්‍රානු ශක්‌තිමත් නොවීමට බලපා ඇති රෝග හදුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් ශක්‌තිමත් ශුක්‍රානු නිපදවීම ඇතිකර ගත හැකියි.
 
 වර්තමානයේ අපවෙත පැමිණෙන බොහෝ විවාහක යුවල අතර පුරුෂ පාර්ශ්වයට ශුක්‍රානු ශක්‌තිමත් නොවීමට බලපා ඇති ප්‍රධාන හේතු වී ඇත්තේ අධික තරබාරුව නිසා මතුවූ දියවැඩියාව, මත්පැන් දුම්වැටි පානය නිසා ශුක්‍රානු අඩපන වීම, අධික උෂ්ණත්වය සහිත පරිසරවල රැකියා කිරීම නිසා ශුක්‍රානු විනශ වීම ආදී කරුණුය. මේවාට ආයුර්වේදයේ සාර්ථක ප්‍රතිකාර තිබෙනවා. ඒ නිසා ඊට නිසි කලට යොමුවීමෙන් ඔවුන්ගේ දුර්වලතා මගහරවා ගත හැකියි.
 
 අද බොහෝ විට සිදුව ඇත්තේ ඇතැම් දෙනා සුදුසුකම් නැති වෛද්‍යවරු පසුපස ගොස්‌ තම කාලයත් මුදලුත් විනාශ කරගෙන දරුඵල සිහින බොඳකරගෙන කලකිරීමට ලක්‌ වීමයි. ඒ නිසා සුදුසුකම් සහිත වෛද්‍යවරයකු වෙත යැමට අවධානය යොමු කළ යුතුයි. එසේම බටහිර වෙදකමට වඩා අයුර්වේදයේ දරුඵල වෙනුවෙන් වෙනම ප්‍රතිකාර තිබෙනවා. ඒවා වසර දහස්‌ ගණනක්‌ පැරණි සාර්ථක ප්‍රතිකාර ක්‍රමයි. ඒ නිසා තමයි අපවැනි ආසියානු රටවල පවුල් හි දරුවන් හත් අට දෙනා සිටියෙ.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »