Home / මවකගේ සිහිනය / අහිමි දරුඵල හිමිකර ගන්න සරළ පිළියමක්‌

අහිමි දරුඵල හිමිකර ගන්න සරළ පිළියමක්‌

2017-12-18 10:16:00       264
feature-top
දොයි දොයි දොයි දොයිය බබා·
 තොටිල්ල සැම සුව පිරි
 පැද්දෙයි තාලෙට සරි
 අසමින් ගී සුමිහිරි
 නිදන්න පුත රන්කිරි
 
 පැරණි ළමා ගීතය කුඩා වුවත් එහි අරුත මෙන්ම ලියා ඇති දේට වඩා කියෑවෙන දේ බොහෝය. කුඩා දරුවකුට සැම සැපම - සතුටම දෙන්නට දෙමාපියන් කැපවී සිටිති.
 
 දරුවන් ඇති අම්මලා
 දරු සුතල් පෙන්නාලා
 දරුවන් නැති අම්මාලා
 නිකා සිටිති බුම්මාලා
 
 දරුවන් ඇති කාන්තාව ලොව ඉහළම සතුට ලබා සතුටින් ඉල්පී සිටින අතර, දරුවන් නොලද කාන්තාව මානසිකව පීඩාවට පත්ව දුක්‌ විඳිනා ආකාරය අපි හොඳින්ම දනිමු. ජ්‍යෙතිෂවේදීන් හමුවට එන විවිධ තරාතිරමේ පුද්ගලයන් අතර, විවාහ වී දරුවන් නොමැති වේදනාවෙන් පෙළෙන අඹුසැමියන් ද දිනපතා හමුවේ. අතීතයටත් වඩා දරුවන් නොලැබ දුක්‌විඳින අඹුසැමි සංඛ්‍යාව වර්තමානයේ වැඩි බව පැහැදිලියි.
 
 "පුංචි පවුල රත්තරන්" යන සංකල්පයක්‌ මෙයට දසක ගණනාවකට පෙර ශ්‍රී ලංකාව පුරා ජනප්‍රිය වීමෙන් සිදුවූයේ යහපතක්‌ නොව අයහපතක්‌ බව වර්තමාන ජන සංඛ්‍යා විශ්ලේෂණය කිරීමෙන් පැහැදිලි වේ. එදා වුවමනාවෙන් ම දරුවන් පාලනය කළ ද වර්තමානයේ වුවමනාවෙන් වුවත් දරුවන් ලබා ගන්නට නොහැකිව වෛද්‍යවරුන් හමුවන්නටත්. ජ්‍යෙdතිෂවේදීන් සහ ගුප්ත විද්‍යා ශිල්පීන් හමුවන්නටත් බොහෝ දෙනා යන ගමන ඇත්ත වශයෙන්ම වේදනා ගෙන දෙන සුළුය. අවශ්‍යතාවය ඇතත් දරුවකුට සැප දෙන්නට හැකියාව පැවතියද දරුවෙක්‌ නොලබන කාන්තාවන් විඳින මානසික වේදනාව පීඩනය දන්නේ ඔවුන්ම පමණි. සමාජයෙන් ඔවුනට එල්ලවන අපවාද නිමක්‌ නොමැති පවුලේ සාමාජිකයන්ගෙන්a ලැබෙන රැවුම් ගෙරවුම් අනන්තය. යහළු යෙහෙළියන්ගේ සරදම් කොපමණ දිනක්‌ විඳ දරාගත හැකිද? මානසික පීඩාව කෙනකුට පෙනෙන්නේ නැත. අඬන්නට බැරිව සිනාසෙන බිරින්දැවරුන් මෙන්ම ස්‌වාමිපුරුෂයන් ද බොහෝය. ඔවුන් සනසන්නට නොව ඔවුන්ට සිනාසෙන්නට නම් ඕනෑ තරම් පිරිස්‌ ඇත. ගැහැනියක ලබන උතුම්ම පදවිය මවු පදවියයි. මහ රැජනක වෙනවාටත් වඩා "අම්මා" කෙනකු වීම උතුම්ම පදවියයි. නිවස පුරා කිරි සුවඳ විහිදෙන දිනය කවදා ඒ දැයි ඇඟිලි ගනිනා අඹු සැමියන්ට මේ ලිපිය සිසිලක්‌. සුවයක්‌ වේවායි පතමි.
 
 දරුඵල නොලබන්නට හේතු කිහිපයක්‌ම ඇත. බොහෝ දෙනා දරුවන් නොලැබීම ගැන කාන්තාවන්ට පමණක්‌ චෝදනා එල්ල කරති. එය වැරදි මතයකි. දරු ඵල නොලැබීමට කාන්තාවන් මෙන්ම පුරුෂයන් ද හේතු වේ. වඳ ස්‌ත්‍රීන් මෙන්ම වඳ පුරුෂයන් ද සිටී.
 
 බොහෝ දුරට වෛද්‍ය පරීක්‍ෂණවලට ලක්‌වන්නේත් ගුප්ත විද්‍යාත්මකව ශාන්තිකර්ම සිදු කරන්නේත් ස්‌ත්‍රීන් පමණි. එහෙත් භාර්යාව මෙන්ම ස්‌වාමිපුරුෂයා ද වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමත් ශාන්තිකර්ම සිදු කර ගැනීමත් වැදගත්ය.
 
 දරුඵල නොමැතිවීමට කුමන කාරණයක්‌ හේතු වේ දැයි නිවැරැදිවම සඳහන් කරන්නට අපහසුය. ඒත් පහත දැක්‌වෙන කාරණා අතරින් එකක්‌ හෝ කිහිපයක්‌ නිසා දරුඵල නොමැති විය හැක. සමාජයේ සියලුම වයස්‌ කාණ්‌ඩවල පුද්ගලයන් පුවත්පත් කියවන නිසා මේ ලිපියේ ඇතැම් කරුණු සඳහන් කළ නොහැකි වැඩිහිටි අය මෙන්ම දරුවන් ද පුවත්පත් ලිපි කියවන නිසා අප සදාචාරය පිළිගත යුතුය. ඒ නිසා මේ ලිපියේ ඇති දේවලට වඩා විද්‍යාත්මක අංශයන් ද ඇති බවත් සිතා ගන්න.
 
 පොදුවේ ගත් කල දරුඵල අහිමිවීමට හේතුවන කරුණු කිහිපයක්‌ පවතී.
 
 1. දෙදෙනාම හෝ දෙදෙනාගෙන් එක්‌ අයෙකුගේ ශරීර ශක්‌තිය දුර්වල වීම
 
 2. වැරදි ආහාර රටා
 
 3. වියපත් බව
 
 4. කාන්තාවන්ට වැළඳී ඇති කළුකුමාර දොaෂය
 
 5. පිරිමින්ටද අමනුෂ්‍ය දොaෂ පැවතීම
 
 6. පෙර කරන ලද අකුසල කර්ම
 
 7. ජන්ම පත්‍රයේ පස්‌වන රාශියේ සහ පස්‌වන රාශිය අධිපතියා දුර්වල වීම 
 
 8. දැනට පවත්නා ග්‍රහ තත්ත්වය හා මහ දසාව හා අන්තර් දසාව නුසුදුසුවීම.
 
 9. ශරීරයේ පවතින අධික උෂ්ණත්වය
 
 10. විකෘති හැසිරීම්
 
 11. අන්‍යයන් විසින් කරන ලද අනවින ආදිය
 
 12. පාරම්පරික ගැටලු
 
 13. පස්‌වන රාශියේ පාප ග්‍රහයන් බලවත්වීම.
 
 14. විවාහයෙන් පසු සිතාමතා ඖෂධ භාවිත කොට දරුඵල පමා කිරීම.
 
 15. ඇතැම් දිගු කල් පවත්නා රෝගාබාධවලට ඖෂධ දිගුකලක්‌ භාවිත කිරීම
 
 16. මත්පැන්, මත්ද්‍රව්‍ය, සිගරට්‌ ආදිය භාවිතය
 
 17. කාන්තාවන්ගේ ගර්භාෂයේ ඇති දුර්වලතා
 
 18. පිරිමි/ කාන්තා මද සරු බව
 
 19. පොරොන්දම් වෘක්‍ෂ පොරොන්දම දුර්වල වීම
 
 මෙවැනි සහ මෙයට අමතර දොaෂ දරු ඵල අහිමිවීමට බලපානු ලැබේ.
 
 දරුඵල අහිමිවීම සහ දරුඵල පමා වීම යනු හේතු දෙකකි. ඇතැම් කාන්තාවන්ට සහ පුරුෂයන්ට කිසිදු හේතුවක්‌ නිසා දරුඵල අහිමිවීමක්‌ ඇත්තේ නම් ජ්‍යෙdතිෂය හෝ වෛද්‍ය උපදෙස්‌ ගත්තද දරුවන් ලබා ගැනීම සිහිනයක්‌ පමණි. එහෙත් "දරුඵල පමා වීම" ඇත්නම් ඊට විසඳුම් සොයාගත හැක. උදාහරණ ලෙස කළුකුමාර දොaෂය ඇත්තේ නම් ඒ දොaෂය ඉවත් කිරීමෙන් දරු ඵල ලබාගත හැක. කෙනකු විසින් කරන ලද වින බන්ධනයන් නිසා දරුඵල අහිමි නම් ඒ දොaෂය ඉවත් කිරීමෙන් පසු දරුඵල ලබාගත හැක.
 
 ග්‍රහ දොaෂ නිසා දරුඵල අහිමි වී නම් ග්‍රහ දොaෂ ඉවත් කිරීමෙන් පසු දරුවන් පිළිබඳ සිහිනය සැබෑ කර ගත හැක.
 
 ඔබ කුඩා දරුවනට ආදරය කරන්න. කුඩා දරුවනට උදවු උපකාර කරන්න. තමාගේ දරුවනට මෙන් අන් දරුවනට ද ප්‍රේම කරන්න. දරු සුරතල් කරන්න. ඔබගේ සිතේ ආදරය කරුණාව දයාව උපදවා ගන්න. අනුන්ගේ දරුවනට වෛර කරන අයට අනුන්ගේ දරුවනට ද්වේශ කරන අයට දරුඵල හිමි නොවේ. සෑමවිටම කරුණාවෙන් දයාවෙන් අන් දරුවන් දෙස බලන්න. බුදුන් සරණ යන්න දහම් සරණ යන්න. සඟසරණ යන්න.
 
 අන්‍ය ආගමික බැතිමතුන් ද ඔබගේ අදහස්‌ ධර්මය විශ්වාස කරන්න.
 
 දරුඵල අහිමි වූවන් පළමුව නිවැරැදිව තමාගේ සහ සහකරුගේ ජන්ම පත්‍ර පරීක්‍ෂා කරන්න. එසේ කොට ඇති දොaෂය හඳුනා ගන්න කළුකුමාර හෝ වෙනත් දොaෂ අනවින ඉවත් කරගන්න. ඔබගේ සිරුර උණුසුම් නම් ඇඟ නිවාගන්න. මේ සඳහා කාන්තාවන්ට නියමිත මාත්‍රාවට අනුව රෝසමල් පෙති දින විසිඑකක්‌ (21) පානය කිරීම වැදගත්ය. සුදු සඳුන් පානයද වැදගත්ය. එසේම පිරිමින් සඳහා වැල්පෙනෙල එළඟිතෙල් ආහාරයට මෙන්ම අශ්වගන්ධ රසායනය වැදගත්ය.
 
 ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට කිරිපිඬු දානය දීම. ත්‍රිZමලයේ කෝනේශ්වරම් දේවාලයේ ශිව දෙවියන්ට පූජා පැවැත්වීම, බෝධි පූජා පැවැත්වීම වැනි ආගමික කටයුතු ද වැදගත් වේ. නිවසේ වාස්‌තු දොaෂ ඇතිනම් එවා ඉවත්a කරගන්න. ඔබගේ නිදන කාමරය හැකිතාක්‌ පිරිසිදුව භාණ්‌ඩ අඩුවෙන් තබා ගන්න. නිවැරැදි සුදුසු ආහාර රටාවකට හුරු වන්න. කාන්තාවන්a සඳහා "දුර්ගා පූජාව" පැවැත්වීම වැදගත්ය. දුර්ගා මෑණියන්ට නියමිත ලෙස පූජාව පවත්වා පිළිවෙත් පිsරීමෙන් දරුවන් ලබාගත හැක. දන්නා ඇදුරෙකු ලවා දරුවන් ලබා ගැනීම සඳහා නියමිතය "යන්ත්‍රය" පළඳවා ගන්න. දසදිසා පිරිත කියන්නට පුරුදු වන්න.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »