Home / මවකගේ සිහිනය / දරුවාට පාඩම් කරන්නට නිවසේ වෙනම කොටසක්

දරුවාට පාඩම් කරන්නට නිවසේ වෙනම කොටසක්

2017-12-19 10:23:00       575
feature-top
නිවසක් සැලසුම් කරනවිට අද සමාජයේ බහුතරයකට අමතකව යන නමුත් විශේෂයෙන් නිවසක තිබිය යුතුම තැනක් ගැන කතා කිරීම අද අපේ සූදානමයි. විශේෂයෙන් දරුවෙක් සිටින නිවසකට නම් මෙය අත්‍යවශ්‍ය අංගයකි. දරුවාට පාඩම් කිරීමට සිය ‍පොත් පත් තබා ගැනීමට තැනක් ( Study Area) වෙන් කිරීම නිවාස සැලසුමේ පැවැතිය යුතුමය. දරුවා සිය ‍පොත්පත් රැගෙන විසිත්ත කාමරයට කෑම මේසයට යන්නේ ඒ සඳහා නියමිත තැනක් නොමැකි නිසාය. විටින් විට ඒ තැන්වලදී දරුවාට සිදුවන බාධා නිසාම දරුවාට පාඩම් කිරීම නීරස වන්නට පිළිවන.

මේ සඳහා වෙන්කළ යුත්තේ කලබලකාරී බවින් අඩු බාධා නොවන නිස්කලංක තැනකි. එසේම එය මව්පියන්ට, නිවසේ වැඩිහිටියන්ට අධීක්ෂණය කළ හැකි තැනක ස්ථානගත කිරීමද වැදගත්වෙයි. තමන්ගේ  ‍පොත් පත්ද රැගෙන කාමරවලට සිටින දරුවන් ඒවා තුළ තනිවීම වැළැක්විය නොහැක. එසේම කාමර තුළට වැදී  ඒවා වසාගෙන සැබෑවට ඔවුන් පාඩම් වැඩවල නිරතවනවාද නැතිනම් වෙනත් අනවශ්‍ය කටයුත්තක යෙදෙනවාදැයි දෙමාපියන්ට වැටහීමක් නැත. දරුවා මුළු දවස පුරා කාමරයකට වැදුණ පසු පවුලෙන්ද යම් තරමකට ඈත් වන ස්වභාවයක් තිබේ. එබැවින් කුඩා කල සිටම දරුවා නියමිත තැනක සිය අධ්‍යාපන කටයුතුවල 
නියැළීමට පුරුදු පුහුණු කළ යුතුය. ඒ  සඳහා සුදුසු  තැනක් වෙන්කර දිය යුතුය.
දරුවාට ස්වාධීනව සිතීමට නව නිර්මාණ, අදහස් වලින් යුතු පුද්ගලයෙකු බිහි කිරීමට මේ පියවර බෙහෙවින් අවශ්‍ය වන්නකි. එසේම වැඩිහිටියන්  සිටින නිවසකට පවා කියැවීමේ අඩවියක් ( අඥචඤඪදඨ ඒපඥච) සඳහා ඉඩකඩ වෙන්කර ගැනීම සැබැවින්ම යෝග්‍ය වෙයි.නිදහසේ, නිස්කලංකව යමක් කියවීමට පත්තරයක් බැලීමට නිවසේ තැනක් තිබිම අතිශයින් යෝග්‍ය වෙයි. දරුවෙකු සඳහා  'Study Area' එකක් නිර්මාණයේදී සැලකිය යුතු කරුණ ගැන දැන් අපි සොයා බලමු. එය සැලසුම් කළ යුත්තේ ඔහුගේ ගති ලක්ෂණවලට, ලබන අධ්‍යාපනයට අනුවය. උදාහරණයක් ලෙස යම් යම් ඉලෙක්ටේ‍රානික නිර්මාණ කරන එයට අදාළ විෂයන් ඉගෙන ගන්නා දරුවෙකුට නම් ඉඩකඩ ඇති ලාච්චු සහිත මේසයක් වැනි දේ එහි අඩංගු කළ යුතුය. ඔහුගේ නිර්මාණ ප්‍රදර්ශනය කළ හැකි ඒවා ගබඩා කර තබාගත හැකි පහසුකම්  එහි තිබිය යුතුය.  එසේම දරුවා කැමති වර්ණයකින් එහි බිත්ති අලංකාර කර ගැනීමත් වැදගත්වෙයි. දරුවන්ට එම බිත්තිමත තමන්ට අවශ්‍ය දේ ඇලවීමට හෝ ඇඳීමට නිදහස ලබාදිය යුතුය.  ඒ සඳහා සුදුසු ආකාරයට බිත්ති සකසා ගත යුතුය. එවිට දරුවාගේ සැඟවුණ කුසලතා ඒ හරහා මතුකර ගත හැකිය. 
එසේම ඒ ස්ථානය හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක ලෙස සැකසීමද අතිශයින්ම වැදගත්ය. දරුවාට නොදැනෙන්නට නිතරම දරුවා ගැන අවධානයෙන්, 
නිරීක්ෂණය කළ හැකි තැනක් වීමද වැදගත් වෙයි.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »