Home / මවකගේ සිහිනය / දරුඵල ප්‍රමාද ද? මෙන්න පිළියමක්‌

දරුඵල ප්‍රමාද ද? මෙන්න පිළියමක්‌

2017-12-21 10:04:00       290
feature-top
විවාහයට පත්වුවද දරුවෙකු නොලද සිටීම වඳ භාවය ලෙස (ෂබෙeරඑසකසඑහ) හඳුන්වයි. මෙය ලංකාවේ පමණක්‌ නොව ලෝකයේ බොහෝ රටවල බරපතළ ගැටලුවක්‌ බවට පත්වී ඇත. මෙය සමාජ ගැටලුවක්‌ බවට පත්ව විවාහය දෙදරා යැම, සියදිවි හානිකර ගැනීම හා වෙන යම් පීඩාකාරී තත්ත්වයන්ට ලක්‌වීම බහුලව සිදු වේ. දරුවෙකු බිහිකිරීමට නොහැකිවූ කාන්තාවක්‌ මෙම සමාජයේ මොන තරම් පීඩාවකට ලක්‌වෙනවාද යන්න දන්නේ එම තත්ත්වයට මුහුණපා සිටින කෙනෙකු පමණි. දරුවෙකු නොමැතිකම කාන්තාවගේ පමණක්‌ ඇති දුර්වලතාවක්‌ බවට පත්කර ගැනීමට බොහෝ දෙනෙක්‌ පෙළඹෙති. 
 
 යම් පුද්ගලයෙකුට දරු සම්පතක්‌ හිමිද? අහිමිද? යන්න කල්තියා දැනගත හැකි එකම ශාස්‌ත්‍රය ජ්‍යෙdතිෂය බව නොබියව ප්‍රකාශ කළ හැකිය. එනම් කොපමණ වෛද්‍ය ප්‍රතිකාර හා වත් පිළිවෙත් සිදුකළද එහි ප්‍රතිඵලයක්‌ තිබේද නැද්ද යන්න ජ්‍යෙdතිෂය මගින් නිවැරැදිව දැනගත හැකි අතර ඊට අදාළ පිළිවෙත්, ප්‍රතිකාර කිරීම මගින් ඔබට මෙතෙක්‌ අහිමිව තිබූ දරු සම්පත ලබාගත හැකිවේ. මේ සඳහා ජ්‍යෙdතිෂ විද්‍යාව මගින් විශාල පිටිවහලක්‌ ලැබෙන නිසා නැවත වරක්‌ පාඨක ඔබව දැනුවත් කිරීම වැදගත් වේ. 
 
 විවාහ දිවියට පත්වුවද දරුවෙකු නොලැබීම ආකාර කීපයකට සිදුවිය හැකිය. එනම් කිසිසේත්ම කලලයක්‌ හට නොගැනීම හෙවත් ගැබ් නොගැනීම, ගැබ් ගත්තද කලලය වර්ධනය වී හෝ නොවී ගබ්සා වීම හා ගැබ් ගැනීමට ප්‍රමාද වීම වේ. විවාහ පත් යුවළකට සිඟිත්තෙකුගේ මුහුණ බැලීමට නොහැකියාව ඉහත කාරණා අතුරින් එකක්‌ විය හැකිය. කෙසේ නමුත් අඹුසැමි යුවළකගේ කේන්ද්‍ර සටහන්වල දෙදෙනාගෙන් කෙනෙකුට පමණක්‌ දරු සම්පත උරුම වී අනෙක්‌ පුද්ගලයාට දරු සම්පත අහිමි නම් දෙදෙනාටම එම අවස්‌ථාව අහිමි වේ. මේ සඳහා ජ්‍යෙdතිෂවේදියකු සතු අත්දැකීම් ඕනෑතරම් වේ. එක්‌ උදාහරණයක්‌ ලෙස පළමු විවාහයේ දරුඵල නොමැතිව ස්‌වාමියාගෙන් හා තම නැන්දම්මාගෙන් නින්දා අපහාස විඳ, නොයෙකුත් අඬන්තේට්‌ටම්වලට ලක්‌වූ කාන්තාවක්‌ විය. ඇය එවිටත් විවාහ වී වසර 12 න් පසු දික්‌කසාද වී දෙවැනි වරටත් විවාහ වී සිටියාය. දෙවැනි විවාහයෙන් පසු ඇය දරුවන් දෙදෙනකුගේ මවක්‌ බවට පත්වී ඇත. තවද ඇයගේ දෙවැනි විවාහය අතිසාර්ථක ලෙස ඇය ගතකරන බවත්, ඇයගේ ජන්ම පත්‍රයේද ඒ ආකාරයට සනිටුහන් විය. දරුඵල නොමැතිකම නිසා කාන්තා පාර්ශ්වයට පමණක්‌ ඇඟිල්ල දිගු නොකොට දරුඵල අහිමි හෝ ප්‍රමාද කාහටද යන්න පරීක්‍ෂා කරවා ඒ සඳහා කළ යුතු පිළිවෙත් ප්‍රතිකර්ම සිදු කිරීම වැදගත් බව මෙහිදී නැවත වරක්‌ සිහි කළ යුතුය. 
 
 තවද විශාල ලෙස මුදල් වියදම් කරමින් සිදු කරන විවිධ නවීන වෛද්‍ය ප්‍රතිකාර බොහෝ තිබෙන අතර එම ප්‍රතිකාර සාර්ථක වී නිරෝගීමත් දරුවන් කොතෙකුත් මෙලොවට බිහිවන අතර විශාල මුදලක්‌ වියදම් කරමින් මෙම ප්‍රතිකාර වරක්‌ නොව කීප වතාවක්‌ සිදු කළද ඉන් කිසිදු ප්‍රතිඵලයක්‌ නොලද අවස්‌ථාද ඇත. මෙම ප්‍රතිකාර මගින් දරුවන් පිළිසිඳ ගෙන කීප වතාවක්‌ම දරු ගැබ ගබ්සා වන අවස්‌ථාද, අංගවිකල හා මන්ද බුද්ධික වැනි රෝගී දරුවන් බිහිවන අවස්‌ථාද නැතුවා නොවේ. වෛද්‍ය ප්‍රතිකාර මගින් සිදු කරන්නේ දරුවෙකු බිහි කිරීමට සුදුසු ශරීර සෞඛ්‍ය තත්ත්වයක්‌ ගොඩනඟා දීම පමණි. මෙයට දී හැකි උදාහරණයක්‌ ලෙස දරුවන් නෙමැති යුවළකගේ සියලුම වෛද්‍ය පරීක්‍ෂණ පවත්වා, එම වෛද්‍ය වාර්තාවලට අනුව දරුවකු බිහිකළ නොහැකි කිසිදු ගැටලුවක්‌ නොමැති අවස්‌ථාවක වුවද දරුවෙකු නොමැතිව පීඩා විඳින විවාහපත් වූ අඹුසැමි යුවළවල් ඕනෑ තරම් දැකගත හැකි වේ. මේ අනුව කර්මානුරූපීව ඔවුන්ට දරු සම්පතක්‌ උරුමද? නැද්ද? යන්න තම ජන්ම පත්‍රයට අනුව තීරණය කළ හැකිය. කර්මානුරූපීව ඔබට දරු සම්පතක්‌ හිමිනම් ජ්‍යෙdතිෂයට අනුව සිදුකළ යුතු වත් පිළිවෙත් ඔබගේ ජන්ම පත්‍රයට අනුව සිදුකළ යුතුය. කර්මානුරූපීව ඔබට දරු සම්පතක්‌ නොමැති නම් එවැනි අය මතු භවයන්වල දරු සම්පත උරුම කර ගැනීමට දානධර්ම පිංකම් කර දරු සම්පත ප්‍රාර්ථනා කළ යුතු වේ. 
 
 කේන්ද්‍රයක පුත්‍ර කාරක ගුරුගේ පිහිටීම, 5 වැන්නේ ඇති ග්‍රහ පිහිටීම් හා ග්‍රහ දෘෂ්ටින්, පස්‌වැන්නාධිපතියා හා පස්‌වැන්නාධිපතිව සිටින නවාංශකාධිපතියාගේ බල දුබලතාව හා ඉහත සඳහන් කළ ග්‍රහයන්ගේ අවස්‌ථාවන් (විශේෂයෙන් ගුරුගේ) සලකා බලා භාව කේන්ද්‍රය තුළින් දරුඵල සම්බන්ධව නිවැරැදිව ප්‍රකාශ කළ හැක. ඉහත ග්‍රහයන් 6, 8, 12 දුර්වලව ඇත්නම් පාප පීඩිත නම්, ගුරු දුර්වලව වඳ රාශියක නම්, 7 වැන්නාධිපතියා දුර්වල නම් (සරු බවට බලපායි) යනාදී කරුණු සැලකිල්ලට ගෙන දරුඵල සම්බන්ධව අහිතකර බලපෑම් පරීක්‍ෂා කරනු ලැබේ. ඊට අමතරව ඉහත ග්‍රහ පිහිටීම පරීක්‍ෂා කිරීම මගින් ලැබෙන දරුවන්ගේ අනාගතය පිළිබඳව (ඉදිරි අධ්‍යාපනය දෙමාපියන්ට යහපත්ද, විදේශ ගමන්, ලෙඩ රෝග, අනාගත දියුණුව) වැනි අනාවැකි පැවසිය හැක.
 
 කෙසේ නමුත් ඔවුන්ගේ කේන්ද්‍රවල ග්‍රහ පිහිටීමට අනුව දරුඵල අහිමි නම් කොපමණ ප්‍රතිකර්ම හෝ පිළිවෙත් සිදුකළද දරු සම්පතක්‌ ලබාගත නොහැක. එවැනි අය ගර්භණී මවුවරුන් හා කුඩා දරුවන් සම්බන්ධ කරගෙන පිංකම්වල නිරත විය යුතු අතර පන්සිල් රැකීම, සිල්වතුන්ට දන්දීම, මෛත්‍රී භාවනාව වැඩීම, අටසිල් සමාදන්වීම ආදී කුසලයන් කිරීම මගින් මතු භවයන්වල දරු සම්පත උරුම කර ගත හැකිය. දැනටමත් ඔබට දරු සම්පතක්‌ අහිමි නම්, නමුත් ඔබ දෙපළගේ ජන්ම පත්‍රවල දරු සම්පත් උරුමව පවතී නම්, දෙදෙනාගේම කේන්ද්‍ර සටහන් සූක්‍ෂම ලෙස පරීක්‍ෂා කර ග්‍රහ පිහිටීම් හා දශාවලට අදාළව කළ යුතු වත් පිළිවෙත් නිසි ලෙස කිරීම මගින් හා ඔබට බලපාන අමනුෂ්‍ය දෝෂ හා වාස්‌තු දෝෂද කේන්ද්‍රය මගින් පරීක්‍ෂා කර බලා ඒ සඳහා පිළිවෙත්ද සිදු කරමින් පහත පිළිවෙත සිදු කරන්න. ඔබට මෙතෙක්‌ අහිමි වී තිබූ දරු සම්පත ලබාගත හැකිය. එනම්, රතන සූත්‍රයේ 5 වැනි ගාථාව වන, 
 
 යං බුද්ධ සෙට්‌ඨෝ පරිවන්නයි සුචිං
 
 සමාධි මානන්තරිකඤ්ඤමාහු
 
 සමාධිනා තේන සමෝන විඡ්ජතී
 
 ඉදම්පි ධම්මේ රතනං පණීතං
 
 ඒතේන සච්ෙච්න සුවස්‌ථි හෝතු....
 
 යන මෙම ගාථාව නිර්මාංශව, සිල්වත් උතුමෙකු ලවා නොඉඳුල් පැන් වීදුරුවකට 108 වරක්‌ පිරිත් කර ස්‌ත්‍රී ඔසප් වූ දවසේ බොන්න. දරුගැබ පිහිටයි. අත්දුටු ප්‍රත්‍යක්‍ෂ පිළිවෙතකි. (විවාහ සහකරුට කළ හැකිනම් ඉතාමත් යහපත්)


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »