Home / මවකගේ සිහිනය / අවුල් වී යන පවුල් දිවියට සම්පත ගෙනෙන දරුවෙක්‌ ලබාගැනීම

අවුල් වී යන පවුල් දිවියට සම්පත ගෙනෙන දරුවෙක්‌ ලබාගැනීම

2018-01-04 09:31:00       108
feature-top
ප්‍රර්ථනා පොදි බැඳ ගත් ආදරය අවසන් වන්නේ දෙදෙනා යුග දිවියට පත් වීමෙනි. යෝජිත විවාහයත් අවසානයේ ඊට ආදරය සෙනෙහස එක්‌වේ. යුග දිවියට පත් දෙදෙනකුගේ ඊළඟ පැතුම වන්නේ කැදැල්ලට චූටි දරු පැටියෙකි. ඇය අසාකරන්නේ මව නම් වූ ගෞරවනීය නාමය ලබා ගැනීමටයි. ඔහු බලාපෙරොත්තු වන්නේ පීතෘත්වයයි. දෙදෙනාගේම පැතුම වන්නේ රටට ජාතියට උරුමය රැගෙන යන්නට දරුවෙකි.
 
 එහෙත් වර්තමානයේ බොහෝ විවාහක අයට දරුඵල හීන වී ඇත. මේ නිසාම අවුල් වී යන පවුල් ජීවිත හා වෙන්වී යන පවුල්ද අද සමාජයේ බහුල වී ඇත.
 
 වෛද්‍යතුමියනි, අද සමාජයේ දරු සම්පත අහිමි අඹු සැමියන් බහුලයි. ඒ ඇයි..?
 
 බටහිර වෛද්‍ය ක්‍රමයට වඩා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දරු ඵල හීන අයට දරු සම්පත් ලබාදීමේ වෛද්‍ය ක්‍රම බහුලයි. ඒක සාර්ථක වන්නේ දෙදෙනාගේම කැපවීම මතයි. විවාහක යුවළක්‌ එක්‌වීමෙන් පමණක්‌ දරුවන් බිහිවන්නේ නෑ. ඊට කාන්තාවගේ ඔසප් වීම ක්‍රමවත් වෙන්න ඕනෑ. සරු ඩිම්බ නිෂ්පාදනය වෙන්න ඕනෑ. සරු ඩිම්බයක්‌ සරු ශූක්‍රාණුවක්‌ සමඟ එක්‌වීමෙන් ගර්භාෂ බිත්තියේ යුක්‌තාණුවක්‌ බවට පත්වී තැන්පත් වෙනවා. එය තමයි පසුව කලලයක්‌ බවට පත්වෙන්නේ. 
 
 අද සමාජයේ බොහෝ කාන්තාවන්ගේ නිරෝගී සරු ඩිම්බ පිටවන්නේ නැහැ. පුරුෂයින්ගේ සරු ශුක්‍රාණු නිපදවීම සිදුවන්නේ නැහැ. එක්‌ පාර්ශ්වයක්‌ පමණක්‌ සරු වීමෙන් ඵලක්‌ නැහැ. දෙදෙනාම සරු විය යුතුයි. වර්තමානයේ සමාජයේ යෞවන යෞවනියන් ගන්නා ආහාර පාන වැරදි සමාජ රටා මේ ෙ€දවාචකයට මුල්වී තිබෙනවා. නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මගින් ඒ සියල්ල සඳහා ප්‍රතිකාර තිබෙනවා. 
 
 දරු ඵල ඇති නොවීමට තවත් හේතු තිබෙනවාද?.
 
 විවාහයට පෙර ඇතිවූ රෝග තත්ත්වයන්, පැලෝපීය නාළයේ අසාත්මික භාවයන්, ඔසප් වීමේ වේදනා, විවිධ සංකූලතා දරු ගැබක්‌ නොපිහිටීමට ආදියත් හේතු වෙනවා. දරුවකු පතන හැම ගැහැනියක්‌ම තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන නිසි අවධානයෙන් සිaටිය යුතුයි. සමහර කාන්තාවන්ගේ ගර්භාෂයේ මිදි පොකුරු වගේ හා තනි තනිව කුඩා ගෙඩි ඇතිවෙනවා. ඒ නිසාම විවිධ සංකුලතා ඇතිවී ගැබ් ගැනීමේ ප්‍රවණතා අඩු වෙනවා.
 
 සමහර කාන්තාවන්ගේ ගර්භාෂ බිත්තියේ ළොඳ වැනි දුඹුරු පාට සෙවල ඇති වෙනවා. (Chocolate cyst ඒවගේම ඩිම්බ කෝෂවල වතුර බිබිළි ඇති වෙනවා.) පැලෝපීය නාළ අවහිරතා ඒ අතරින් ප්‍රමුඛ වෙනවා. විවාහ වෙන්න පෙර ගැහැනු ළමයෙක්‌ මල්වර වෙනවා. මල්වරවූ තරුණියට නිසි ලෙස ඔසප් නොවීම ඉහත කී කරුණු වලට හේතු වෙනවා. ඒ නිසා ඔසප් වීමේ සූත්‍රය ක්‍රමවත් එකක්‌ව විය යුතුයි. 
 
 පිරිමියකුගේ යහ පැවැත්ම අනාගතයේ නිරෝගී දරුවකුගේ පියකු වන බව ඒ අය තේරුම් ගෙන නැහැ. පුරුෂ ශක්‌තිය හීන වූ විට ශක්‌තිමත් ශූdක්‍රාණු නිෂ්පාදනය වන්නේ නෑ. හැබැයි කාන්තාවන්ට වඩා පිරිමි අයගේ පුරුෂ ශක්‌තිය බිංදුවේ තිබුණත් එය ඉක්‌මනින් ගොඩ නඟන්න පුළුවන්. 
 
 ඔබගේ ප්‍රතිකාර ක්‍රමයට කෙතරම් කලක්‌ ගතවෙනවාද?
 
 සති තුනකින් පමණ ප්‍රතිඵල ලැබෙනවා. ඖෂධ ගෙන අවසන් වූ පසු නියමිත ඔසප් වීමත් සමඟ අඹු සැමි සම්බන්ධතා පැවැත්විය යුතුයි. මාස දෙකක්‌ වැනි කාලයකදී ගැබ් ගැනීම සිදුවෙනවා. ඖෂධ පාවිච්චි කළ යුත්තේ සති 3 ක්‌ පමණයි.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »