Home / මවකගේ සිහිනය / ගර්භණී සමයේදී ඔබට ශාරීරික සුවතාවය පවත්වා ගෑනීම

ගර්භණී සමයේදී ඔබට ශාරීරික සුවතාවය පවත්වා ගෑනීම

2018-01-23 03:27:00       553
feature-top
ක්‍රියාකාරී ජීවන රටාවක් අනුගමනය කිරීම අප සැම දෙනාටම ඉතා ප්‍රයෝජනවත් වන බව කවුරුත් දන්නා කරුණකි. නමුත් අද සමාජයේ අධිවේගී ජීවන රටාවත්, රාජකාරී ආශ්‍රිත පීඩනකාරී වාතාවරණයත් නිසා බොහෝ දෙනෙක් තමන්ගේ ශාරීරික සුවතාව නොසලකා හැර ඇත. මෙම ලිපිය මඟින් අප ගර්භනී සමයේදී ශාරීරික සුවතාවය පවත්වා ගැනීමට පිළිපැදිය හැකි සරල ක්‍රියාකාරකම් කිහිපයක් දක්වමු.

a) තීව්රතාවය අඩු ව්‍යායාම පෙළක් අනුගමනය කරන්න
මේ වන විට ඔබ යම් ව්‍යායාම පෙළක් පිළිපදින්නේ නම්, එහි අඩු තීව්රතාවයක් ඇති ව්‍යායාම කොටසක් තෝරා ගන්න. ගර්භණී සමයේදී ඇතැම් ව්‍යායාම ඔබට අපහසුතාවයක් ගෙන දිය හැකි අතර දරු ගැබට හානිකර ව්යායාමද ඇත. ඇතැම් යෝග ව්යායාම, ස්වසන ක්‍රියාකාරකම් අඩංගු ව්යායාම, සවායු ව්‍යායාම වර්ග ආදිය ඔබගේ දරු ගැබට පමණට වඩා බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇති බැවින් එම ව්‍යායාම වලට යොමු වීමට පෙර වෛද්‍ය උපදෙස් පතන්න.

b) හැකි 
ඔබට පහසු වේගයකින් හැකි පමණ එදිනෙදා ගෙදර-දොරේ හෝ රාජකාරී ස්ථානයේ වැඩ කර ගැනීමට ඇවිදීම ඉතාම සුදුසුය. ඔබ කාර්යාලයේ එකම අසුනක දිගටම වාඩිවී වැඩ කරනවානම් පයකට වරක්වත් මඳක් ඇවිදින්න අමතක කරන්න එපා. දවස අවසානයේ හෝ උදේ පාන්දරම විනාඩි 30ක් පමණ හෙමින් හෝ ඇවිදීමට උත්සහ කරන්න. ඇවිදීම මගින් ඔබේ හදවතේ සෞඛ්‍යට ඉතා හොඳ බලපෑමක් ලැබෙන අතර ශ්‍රෝණි තලය ශක්තිමත්වී අස්ථිබන්ධය මනා තත්වයෙන් පවත්වා ගැනීමට උදවු වේ. එවිට ඔබ දරුවා බිහිකරන විට ඇතිවන අපහසුතාවය අඩු වේ.

c) මනා ඉරියවුවක් පවත්වාගන්න
නිසි ලෙස අසුන් ගැනීම, නිසි ඉරියවුවකින් ඇඳෙහි වැතිර සිටීම ඉතාම වැදගත්ය. ඔබ කාර්යාලයේ වාඩිවී වැඩ කරන විට පිට මනා ලෙස හේත්තු වන සේ තබා ගත යුතුය. අවශ්‍ය නම් ආධාරකයක් ලෙස කුඩා කොට්ටයක් භාවිතා කරන්න. කකුල් දෙක එල්ලා වැටෙන සේ ඉඳ ගැනීම සුදුසු නැති නිසා ඔබට යටි පතුල් තබා ගැනීමට ආධාරකයක් තබා ගත හැක. ආසනයේ සිට ඔබට හැරෙන්නට අවශ්‍ය වූ විට කොන්දෙන් ඇඹරී යන ආකාරයට හැරෙන්න එපා. හැකිනම් කැරකෙන පුටුවක් භාවිතා කරන්න. නැතිනම් මඳක් නැගිට අවශ්‍ය පැත්තට හැරෙන්න.

d) පිහිනුම් අභ්‍යාස 
සුදුසුකම් ලත් පිහිනුම් පුහුණුකරුවකු යටතේ ඔබටත් පිහිනීමට හැකිනම් එය සුදුසු වේ. නමුත් මෙහිදී ඔබ ඔවුන්ගේ අසා දැන ගත යුතුයි කුමන සති/මාස ගණනක් දක්වා ඔබට මෙම අභ්‍යාස කිරීම සුදුසුද යන්න. එපමණක් නොව ඔබ මේ කරන ක්‍රියාකාරකම් ගැන ඔබේ වෛද්‍ය වරයා දැනුවත් කර තැබීමට අමතක කරන්නත් එපා...

e) ගර්භණී සමයේ අත්හල යුතු ක්‍රීඩා 
මෙම කාලයේදී ඔබ හුස්ම හිර කරගෙන සිටීම අවශ්‍ය ක්රියාකාරකම්, උඩ පහළ පැනීමට අවශ්‍ය ක්රියාකාරකම්, වැටීමේ අවධානමක් ඇති ක්රියාකාරකම්, දැඩි ලෙස ගැටීම් ඇති වන ක්රියාකාකම් ආදිය මඟ හැරිය යුතුය. එපමණක් නොව ඔබ කරන ක්‍රියාකාරකම් වලදී ක්ෂණිකව හැරීමට සිදුවීම, දැඩි ලෙස අඩු කාලයකින් හර්ද ස්පන්දනය වැඩි කිරීම, දනහිස නමා උදරයේ ගෑවීමට අවශ්‍ය ක්‍රියාකාරකම් ආදියද මඟ හැරිය යුතුය.

curtesy :mathru.lk


More News »