Home / මවකගේ සිහිනය / ගර්භණී කාලයේ ඇති වන පිළිකාවක්‌ වැදැමහ හරහා දරුවාට යා හැකි ද ?

ගර්භණී කාලයේ ඇති වන පිළිකාවක්‌ වැදැමහ හරහා දරුවාට යා හැකි ද ?

2018-01-30 12:51:00       207
feature-top
ඕනෑම මිනිසකුට තමම ජීවිත කාලයේ ඕනෑම අවධියක පිළිකාවක්‌ සෑදීමේ අවදානමක්‌ ඇත. එබැවින් ගර්භණී කාලයේදී වුවද කාන්තාවකට පිළිකාවක්‌ සෑදීමේ අවකාශ නැතුවා නොවේ. කෙසේ නමුත් ගර්භණී සමයේදී පිළිකාවක්‌ ඇතිවීම ඉතාමත් කලාතුරකින් සිදුවන්නක්‌ බව පැවැසිය යුතු ය. ඇස්‌තමේන්තුවලට අනුව මෙසේ පිළිකාවක්‌ ඇතිවීමේ අවස්‌ථාව දළ වශයෙන් ගර්භණී අවස්‌ථා 1000කට එකකි. පසුගිය වසර දශක දෙක තුළ විශේෂයෙන්ම ලෝකයේ දියුණු රටවල මෙම අගයන් ක්‍රමයෙන් වැඩි වන බවක්‌ පෙන්නුම් කරනුයේ එම රටවල්වල කාන්තාවන් වැඩි පිරිසක්‌ තමන් තරමක්‌ වයසට යනතුරු ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට නැඹුරුතාවක්‌ පෙන්වන බැවිනි. තමන් වයසට යත්ම තම සිරුරේ සෛල තුළ එකතු වන DNA අණු තුළ ජාන විකෘතිතාවන් ක්‍රමයෙන් වැඩි වන බැවින් පිළිකා ඇති වීමේ අවදානම වයසට යන විට වැඩි වන බව සත්‍යයකි. 
 
 ගර්භණී කාලයේදී බහුලවම ඇති විය හැකි පිළිකාවන් වනුයේ පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා, ලේ පිළිකා සහ මෙලනෝමා ය. මීට අමතරව පෙනහ`ඵ පිළිකා, තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා, ආමාශයේ සහ බඩවැලේ පිළිකා, ඩිම්බකෝෂ සහ ගර්භාෂ පිළිකා සහ සාකෝමා වර්ග ද ඇතිවීමේ තරමක අවදානමක්‌ ඇත.
 
 මෙවැනි පිළිකා රෝගියකුට ප්‍රතිකාර කිරීම වෙනත් පිළිකා රෝගියකුට ප්‍රතිකාර කරනවාට වඩා බෙහෙවින් වෙනස්‌ වනුයේ මෙහිදී ප්‍රතිකාරය එක්‌ පුද්ගලයකුට පමණක්‌ නොව මව සහ කලලය යන ජීවිත දෙකටම බලපාන බැවිනි. මෙහිදී රෝග නිර්ණය ස`දහා සහ ප්‍රතිකාරය ස`දහා දැඩි මාර්ග නිර්දේශයන් නොමැති බැවින් ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍යවරයා සහ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයා උත්සාහ දැරිය යුත්තේ මවගේ ජීවිතය බේරා ගැනීමට සුව කළ හැකි පිළිකාවන් ස`දහා ප්‍රතිකාර කිරීමටත්, ඉතා හානිකර විෂ සහිත පිළිකා ප්‍රතිකාරවලින් කලලය ආරක්‌ෂා කර ගැනීමටත්, මවගේ ප්‍රජනන පද්ධතියට හානියක්‌ වීමට ඉඩ නොදී ආරක්‌ෂා කර ගැනීමටත් ය. මෙහිදී ගන්නා ප්‍රතිකාර ස`දහා වන තීරණයන් සියල්ලම ගනු ලබනුයේ වෛද්‍යවරයා, ගර්භණී මව සහ ඇයගේ ස්‌වාමියා අතර සිදුවන පූර්ණ සාකච්ඡාවකට අනතුරුවය. 
 
 ගර්භණී කාලයේදී කෙනකුගේ පිළිකාවක්‌ නිර්ණය කිරීම ස`දහා සහ එහි පැතිරීම සොයා බැලීම සදහා කළ හැකි පරීක්‌ෂණයන්ගේ සීමාවක්‌ ඇති අතර මෙහිදී එමගින් ගර්භණී මවට සහ කලලයට සිදුවිය හැකි හානිය අවමයක්‌ හෝ ශුන්‍ය කිරීමට හැකි සෑම උත්සාහයක්‌ ම දරනු ඇත. මෙහිදී විකිරණ ප්‍රතිකාර දීමෙන් සැම විටම වළකින අතර පිළිකා නාශක ඖෂධ ප්‍රතිකාර ලබා දීම ද ගර්භණී අවධියේ ප්‍රථම මාස තුනේ දී සිදු නො කරනු ඇත. දෙවන හා තුන් වන මාස ත්‍රිත්වයන්හි දී ආරක්‌ෂාකාරීව ලබා දිය හැකි පිළිකා නාශක ඖෂධයන් පමණක්‌ යොදා ගනිමින් පිළිකා නාශක ප්‍රතිකාරය සිදුකරනු ලැබේ. 
 
 ගැබ් ගැනීමේ ඵලයන් තුළ ගර්භණී මවගේ පිළිකාවේ ද්විතියීක අවස්‌ථාවන් තිබූ බවට විශ්වාසවන්ත වසංගත අධ්‍යයන දත්තයන් ඉතා අල්පය. මීට හේතු රැසක්‌ පවතින අතර, එක්‌ හේතුවක්‌ වනුයේ පිළිකාවක්‌ සහිත ගර්භණී මවකගේ දරු ප්‍රසූතියකින් පසු පුරුද්දක්‌ ලෙස සෑමවිට ම වැදැමහ පටක පරීක්‌ෂාවකට ලක්‌ නොකිරීම ය. දෙවැනි කාරණාව වනුයේ මෙලෙස ඉපදුන දරුවන් පිළිකා සම්බන්ධයෙන් නිසි සායනික පසු විපරමකට ලක්‌ නො කිරීම ය. තුන්වන කාරණාව වනුයේ මවගේ පිළිකාව මගින් ස්‌වාභාවික ගබ්සාවක්‌ ප්‍රේරණය කර පිළිකාවේ ද්විතීයික අවස්‌ථා සහිත කලලය ඉවත් කිරීමය. තව ද ගර්භණී මවට සෑදුන පිළිකාව හටගත් ස්‌ථානයෙන් පිටතට තවම නො ගිය ප්‍රාථමික අවස්‌ථාවේ පමණක්‌ පවතින පිළිකාවක්‌ වීමට ද ඉඩ තිබේ. එවිට පිළිකාව කලලය දක්‌වා පැතිරීමට ඉඩක්‌ නොමැත.
 
 පසුගිය දශක කිහිපයක කාලය තුළ, වෛද්‍ය විද්‍යා ප්‍රකාශනයන්හි විද්‍යාත්මක ප්‍රකාශන සමාලෝචන සතරක්‌ මගින් ගර්භණී අවස්‌ථාවේ පිළිකා ඇති වූ රෝගීන් සිය දෙනකු සම්බන්ධයෙන් වාර්තා කර තිබුණි. ඉන් පළමු සමාලෝචනය ප්‍රකාශයට පත් කර තිබුණේ 1970 වසරේ ගර්භණී පිළිකා රෝගීන් 24 දෙනකු සම්බන්ධයෙනි. එය ජෝන් එෆ්.පොටර් සහ මාක්‌ ස්‌කොයිනෙමන් විසින් අධ්‍යයනය කර ප්‍රකාශ කරන ලද්දකි. දෙවැනි වාර්තාව 1989 දී ගර්භණී පිළිකා රෝගීන් 52 ක්‌ සම්බන්ධයෙන් ද ඉතිරි සමාලෝචන දෙකම වර්ෂ 2003 දී ගර්භණී පිළිකා රෝගීන් 62 ක්‌ හා 87 ක්‌ සම්බන්ධයෙන් විය. 
 
 ගර්භණී මවකට පිළිකාවක්‌ සෑදුන විට එය ඇයගේ ගර්භාෂයේ රැ`දී වැදැමහ දක්‌වා පැතිරීම ඉතා කලාතුරකින් සිදුවන දෙයක්‌ වනවා සේ ම, එම පිළිකාව ඇගේ කුස සිටින දරුවා දක්‌වා පැතිරීම ඊටත් වඩා කලාතුරකින් සිදුවන දෙයකි. මෙසේ වැදැමහ දක්‌වා වන පිළිකාවේ පැතිරීම් අවස්‌ථා 4කට කුස සිටින දරුවා දක්‌වා පිළිකාව පැතිරී තිබුණේ එක්‌ අවස්‌ථාවක දී පමණි.
 
 ගර්භණී මවකට සැදුණ පිළිකාවක්‌ ද්විතීයික අවස්‌ථා වැදැමහ සහ කුස තුළ සිටින දරුවා දක්‌වා පැතිරීම වැඩිපුරම පෙන්වා තිබුණේ මෙලනෝමා නම් දරුණු පිළිකා තත්ත්වයේදී ය. එය සියයට 30 ක්‌ පමණ ප්‍රමාණයකි. සියයට 15 ක ප්‍රතිශතයක්‌ පෙන්නුම් කර ඇති දෙවැනි අවස්‌ථාවේ සිටිනුයේ ලේ පිළිකා සහ ලිම්පෝමා ය. තුන්වැනියට සියයට 14 ක බහුලතාවකින් පියයුරු පිළිකා ද, සිව්වැනියට සියයට 13 ක්‌ පෙන්වමින් පෙනහ`ඵ පිළිකා ද ඉන් අනතුරුව අස්‌ථි සහ මෘදු පටක සාකෝමා ද, ඩිම්බ කොAෂ සහ ගර්භාෂ පිළිකා ද, ආමාශ පිළිකා ද බහුලතාව අඩුවන පිළිවෙළට වෙයි. 
 
 මෙහිදී අනාවරණය වූ තවත් වැදගත් කාරණයක්‌ වෙයි. දරුවන් බිහි කරන කාලයේ කාන්තාවන්ගේ පිළිකා නිසා සිදු වන මරණවලට වැඩිපුරම හේතු වී තිබුණේ මෙලනෝමා නම් දරුණු පිළිකා තත්ත්වයයි. ගර්භණී අවස්‌ථාවේ ඇති වී තිබූ පිළිකාවලින් සියයට 8 ක්‌ම මෙලනෝමා විය. 
 
 ගණනය කිරීම්වලට අනුව එය සෑම ගර්භණී අවස්‌ථා 1000කටම 0.1 සිට 2.8 දක්‌වා වූ පිළිකා රෝගීන් ප්‍රමාණයකි. මේ අනුව බලන කල ගර්භණී කාලයේ බහුලම පිළිකාව මෙලනෝමා නොවුව ද, එම ගර්භණීභාවේ ඵලයන් වන වැදැමහ සහ කලලය වෙත පිළිකාවේ ද්විතීයික අවස්‌ථාවන් පැතිරීමේ වැඩිම බහුලතාවක්‌ පෙන්නුම් කර තිබුණේ මෙලනෝමා පිළිකා තත්ත්වයයි.
 
 මේ අනුව බලන විට ගර්භණී අවස්‌ථාවේ මවට ඇති වූ පිළිකාවලින් කලලයට පැතිරී තිබුණු පිළිකා සැලකූ විට ඉන් සියයට 58 ක්‌ ම මෙලනෝමා පිළිකා තත්ත්වය නිසා සිදු වී තිබුණි. තවද ගර්භණී අවස්‌ථාවේ මෙලනෝමා පිළිකාව සෑදුණ මව්වරු 100 දෙනෙක්‌ ගත් විට ඉන් 17 දෙනකුටම එම පිළිකාවේ ද්විතීයික අවස්‌ථා කලලය දක්‌වා පැතිර තිබීමේ අවදානම තිබුණි. 
 
 මෙලෙස මෙලනෝමා පිළිකා තත්ත්වය ගර්භණී කාලයේදී සෑදුන විට එය කලලයට පැතිරීමට දැඩි නැඹුරුතාවක්‌ ඇති වීමට හේතු ලෙස නොයෙක්‌ පැහැදිලි කිරීම් විද්වතුන් ඉදිරිපත් කර තිබුණි. සමස්‌තයක්‌ වශයෙන් ගත් කළ මෙම ලිපිය කියවන පාඨක ඔබට පැහැදිලි විය යුත්තේ ගර්භණී කාලයේදී මවකට පිළිකාවක්‌ සෑදීම ඉතා කලාතුරකින් සිදුවන දෙයක්‌ බවත් එම පිළිකාව මවගේ ගර්භාෂයේ ඇති වැදැමහට පැතිරීම ඊට වඩා කලාතුරකින් සිදු වන දෙයක්‌ බවත් කලලයට එම පිළිකාව පැතිරීම ඊටත් වඩා කලාතුරකින් විය හැකි දෙයක්‌ බවය. තවද මෙම සිද්ධිය කිසිසේත්ම සිදු නොවන දෙයක්‌ ලෙසට නොසලකා හැරිය හැකි සිදුවීමක්‌ ද නො වන බව ද ඔබට වැටහෙනවා ඇත.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »