Home / මවකගේ සිහිනය / සිරුරේ ජීව ගුණය ඔප් නංවන අපූරු ආහාරය

සිරුරේ ජීව ගුණය ඔප් නංවන අපූරු ආහාරය

2018-02-22 10:54:00       674
feature-top
යම් කිසි රටක ප්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි මවූ වරුන්ගේත් දරුවන්ගේත් සෞඛ්‍ය තත්ත්වයෙන් සෘජු බලපෑමක් ඇති කෙරෙන බව රහසක් නොවෙයි. ඉතින් අපි අද සොයා බලමු මවගේ වගේම දරුවාගේත් සමේ සෞඛ්‍යට ඉතාම වැදගත් පැතිකඩක් ගැන. ඔබ දන්නවා ඇති අප ජීවත්වන පරිසරය දිනපතා විවිධ වෙනස්කම් වලට ලක්වන බව. උදාහරණයක් ලෙස අප අවට ගස්වැල් අඩු වීමත් සමග පරිසරයේ සැලකිය යුතු ලෙස වියළි බවකුත් ඇති වී තිබෙනවා. ඒ නිසා අපගේ සමටත් විවිධ බලපෑම් ඇති වෙනවා. එසේ ඇතිවන බලපෑම් පාලනය කර ගැනීමට අප අනුභව කරන ආහාර වර්ග වගේම සමෙහි ගලවන ආලේපන වර්ගත් භාවිතා කල හැකියි. මෙම ලිපියෙන් අප ඔබට ගෙන එන්නේ ඔබටත් බිළින්දාටත් ආමන්ඩ් වලින් ලැබෙන යහපත් ප්‍රථිපල ගැනයි.
 
* මොනවාද මේ ආමන්ඩ් කියන්නේ?
මෙහි විද්‍යාත්මක නාමය Prunus dulcis. අප ආහාරයට එකතු කර ගන්නේ ආමන්ඩ් වල බීජයයි. එම බීජ හට ගන්නේ ආමන්ඩ් ගසෙහි ඵලය (ආමන්ඩ් පළතුර) තුලයි. අතීතයේ මෙම ශාඛය රටවල් කිහිපයක පමණක් වගා කලත් මෑත කාලයේ රටවල් ගණනාවක මෙය වගා කිරීම ආරම්භ කර තිබෙනවා.

* ආමන්ඩ් වල පෝෂ්‍ය ගුණය
ඔබවත් ඔබේ දරුවාත් නීරෝගී කිරීමටත් රූමත් බව ඔප්නැංවීමටත් උදවු වන පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් ආමන්ඩ් වල තිබෙනවා. උදාහරණ ලෙස විටමින් E, කැල්සියම්, පොස්පරස්, යකඩ, මැග්නීසියම්, සින්ක්, සෙලීනියම්, niacin ආදීය වගේම ඉහල තන්තු ප්‍රතිශතයත් සඳහන් කරන්න පුළුවන්.

* කොහොමද අපි ආමන්ඩ් ශරීරයට ලබා ගන්නේ?
මඳක් කිරි රසයෙන් යුක්ත මෙම බීජය ප්‍රධාන ආහාර වලට අමතර කෙටි ආහාරයක් ලෙසත්, වෙනත් ආහාර සමග මිශ්‍රවත් ආහාරයට ගැනෙනවා. ඒ වගේම Almond Oil සම මත ආලේප කිරීමටත් වෙනත් රූපලාවන්‍ය ආලේපන සකස් කිරීමටත් භාවිතා වෙනවා. Almond Oil සම මත ආලේප කිරීම සමහර විට ප්‍රායෝගික ලෙස අපහසු නිසා Almond Oil භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද සබන් වර්ග, Cream (චර්මාලේපන) ආදිය භාවිතා වෙනවා.

* ආමන්ඩ් වලින් සමට වාසි ලැබෙන අයුරු
Almond Oil සහිත සබන් සහ cream වර්ග වලින් සම මතට Almond Oil සෘජුවම ලබා දීම සිදුවෙනවා. ඔබ දන්නවා ඇති සම යනු ඉතා සියුම් සවිවර ලක්ෂණ තිබෙන ඉන්ද්‍රියක්. ඒ නිසා සමට හැකියාව ලැබෙනවා ශරීරයේ පැවැත්මට ප්‍රයෝජනවත් වන පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කර ගැනීමට. එසේ අවශෝෂණය කර ගත් පසු දවස පුරා එම පෝෂණය මගින් ඕබේ සමට යහපත සැලසෙනවා. ඔබට පමණක් නොවේ ඉතා සියුමැළි සමක් ඇති ඔබේ බිලිඳාගේ සමටත් මෙම සත්කාරය එක ලෙස ප්‍රයෝජනවත් වෙනවා.

* සමේ ආසාදන වලින් වැලකීමට සහය
Almond Oil වල ඇති විටමින් E වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සම මත ආසාදන වර්ධනය වීම වැළැක්වීමට බොහෝ සේ සහය වෙනවා. ඒ සමගම විටමින් E සහ Almond Oil වල අඩංගු අනෙකුත් සංඝටක නිසා සමෙහි ඇති වන පළුදු ආදිය ඉක්මනින් වැසී යාමටත්, බාහිරින් එන අපද්‍රව්‍ය සම හරහා සිරුර තුලට යාම පාලනය කිරීමටත් උදවු වෙනවා.

* සමට ලැබෙන සුපෝෂණය
මවු වරුන්ට පමණක් නොවේ දරුවන්ටත් Almond Oil වලින් සමට මනා පෝෂණයක් ලැබෙනවා. Almond Oil සහිත සබන් හෝ වෙනත් ච්ර්මාලේපනයක් ලෙස භාවිතා කල විට සමෙහි සෛල මනා ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය පෝෂණය ලබාදිය හැකියි. ඒ වගේම ආමන්ඩ් ආහාරයට ගන්නා විට ආහාර ජීර්ණය විධිමත් වී, විවිධ පෝෂ්‍ය පදාර්ථ නිසි ලෙස ශරීරයට උරා ගැනීම නිසාත් ඔබට ඉතා හොඳ ප්‍රථිපල ලැබෙනවා.

* හිසකෙස් වල සෞඛ්‍යයටත් ප්‍රයෝජනවත්
බොහෝ දෙනෙක් සිතන්නේ හිසකෙස් වලට සාමාන්‍ය තෙල් වර්ගයක් පමණක් ගැලවීම ප්‍රමාණවත් කියා. නමුත් ඔබට හැකිනම් Almond Oil භාවිතා කරන්න, ඒ මගින් හිසකෙස් වල මතුපිට වගේම කේෂ මූලයනුත් හොඳින් පෝෂණය වී හිසකෙස් ගැලවී යාම, හිසකෙස් කැඩී යාම ආදිය වැලක්වී මනා පෙනුමක් ඇති කෙස් කළඹක් ලැබෙනවා.

* සමෙහි පැහැපත් බව
Almond Oil වල ඇති ස්වභාවික ජීව ගුණය නිසා සමෙහි මතුපිට සුමුදුව පැහැපත්ව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. ඔබේත් බිළිඳාගේත් සම මනා ලෙස පැහැපත්ව තබා ගැනීමට මේ මගින් සහයක් ලැබේවි. සමේ ඇති දුර්වර්ණ වීම, රැළි වැටීම යථා තත්ත්වයට පත් කර ගැනීමටත් Almond Oil වල ඇති පෝෂණ සංඝටක උපකාරී වෙනවා. ඒ නිසා ආමන්ඩ් සහ Almond Oil යනු ඔබව මතුපිටින් සුන්දර කිරීමටත් සිරුර තුල ජීව ගුණය ඔප්නැංවීමටත් එක ලෙසම උදවු වන්නක්.


(under the courtesy of mathuru.lk web)

More News »