Home / මවකගේ සිහිනය / දරුවාගේ විනෝදමත් සහ ආරක්ෂාකාරී ස්නානයකට

දරුවාගේ විනෝදමත් සහ ආරක්ෂාකාරී ස්නානයකට

2018-02-28 03:07:00       211
feature-top
දරුවාව නහවන කාලය කලබලකාරිව හා මහත් අවධානමෙන් යුතුව වුවද ඔබට සහ ඔබගේ දරුවාට ඉමහත් විනෝදයෙන් කාලය ගත කල හැකි වෙලාවක්. කෙසේ නමුත් ඔබ ඔබගේ දරුවාගේ ආරක්ෂාව හා සනීපාරක්ෂාව පිළිබඳව ඉතා හොඳ සෝදිසියෙන් සිටීම වැදගත් කාරණයක් වෙනවා. ඔබට ආරක්ෂාකාරිව සපාරක්ශාව සදහා යොමු වීමට ආරක්ෂා කාරී සමිපරක්ෂක උපකරණ හා අංගෝපාංග අත්‍යවශ්‍ය අංගයක් වෙනවා. මෙම ලිපියෙන්  අප දරුවන් නැහැවීම සහ සනීපාරක්ෂාව සදහා අත්‍යවශ්‍ය වන උපකරණ හා විනෝදාස්වාදය ලබාගත හැකි ආකාරයේ උපකරණ පිලිබදව සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙනවා.

 නාන භාජන
නාන භාජන මගින් ඔබට ඔබගේ දරුවාට ආරක්ෂාකාරී සහ සුවපත් නැහැවීමකට අවස්ථාව ලබා දෙයි. වෙළඳ පොලෙහි විවිධාකාර නාවන භාජන අලවියෙහි පවතී. ඇතැම් නාවන භාජන වල පසු පස පෙදෙස සහ හිස පෙදෙස තබා ගෙන සිටීමට ප්‍රදේශ පවතී. මේ මගින් හිස සහ පසු පස පෙදෙස මත ආධාරක වශයෙන් ක්‍රියා කරයි. ඇතැම් අනිත් ඒවා පිට වැනි පෙදෙස රවුම් ආකාරයෙන් නිපදවා ඇත. ඒ දරුවාව තුරුලු කර වාගේ තබා ගැනීමටයි. 

නාවන අසුන් 

ඔබගේ දරුවා සිට ගැනීමට ආරම්භ කල පසු ඔබට නහවන අසුනකට මාරු විය හැක.. මෙම අසුන මගින් ඔබ දරුවා නහවන වෙලාවේ ඔබට අවශ්‍ය අමතර සහය ලබා දෙවි. එමගින් ඔබට දරුවාගේ ආරක්ෂාව පිලිබදව සහතිකයක් ලබා ගත හැක. වෙළඳ පොලෙහි වන බොහෝ නාන අසුන් වැනි උපකරණ ප්ලාස්ටික් එවයි. ඒවගේ පතුලේ පිටිපස පෙදෙස සදහා ඇතැම් විට රබර් වැනි පෙදෙස් පැවතිය හැක. එමගින් දරුවා හිඳවා තබා ගැනීම පහසු කරවයි.      
මෙම නාවන අසුන් ආරක්ෂාකාරී වුවද එසේ සිතා ඔබ කිසිම විටක දරුවාව නහවන තන තබා එතනින් ඉවත් වී නොයා යුතුය. නහවන සෑම විටකම ඔබ දරුවාත් සමගම සිටින්න.

නාවන විට දරුවාට දීමට සෙල්ලම් බඩු
නාවන විට දරුවාට දීමට වෙළද පොලෙහි විවිධාකාර සෙල්ලම් බඩු තිබේ. මේවා කුඩා වතුර උඩ පාවෙන විවිදාකාර සතුන්ගේ සිට වතුර මත ලිස්සා යන විශාල උපකරණ දක්වා වූ විශාල පරාසයක් පවතී. 

සෙල්ලම් බඩු දමන බෑගය

සෙල්ලම් බඩු වලින් ඔබගේ නාන කාමරය පිරෙන්නට වැඩි කාලයක් ගත නොවනු ඇත. මෙම හේතුව නිසා ඔබ සෙල්ලම් බඩු දැමීමට වෙනම බැගයක් නාන කාමරය තුල තබා ගෙන සිටීම ප්‍රයෝජනවත් වේවි.

ලිස්සා නොයන පැදුරු

දරුවා ලිස්සා නොයාමට නහවන ස්ථානයේ ලිස්සා  නොයන පැදුරු දීම සිදු කල හැක . බොහොමයක් මෙම පැදුරු විවිධාකාර රුප රටා ඇති ලෙස වෙළද පොලෙහි දක්නට ලැබේ. මෙම නිසා දරුවා නෑමට වැඩි කැමැත්තක් ඇති කරවීමටද මෙනිසා ඔබට හැකි වේවි. ඔබගේ මෙම පදුරෙහී පතුලේ චුසක වැනි දෑ පවතී නම් එම චුසක ප්‍රථමයෙන් පොළොවට හොදින් ඇල වී ඇති දැයි දන ගැනීම වැදගත් වේවි.

ස්නාන උෂ්ණත්වමානය

කුඩා දරුවන්ගේ සම ඉතාමත් කුඩා කාලයේදී ඉතාමත් සියුම් සහ සංවේදී වේ. මෙම හේතුව නිසා ඔවුනගේ සම ඉතා ඉක්මනින් පිළිස්සීමට ලක් වෙයි. මෙම හේතුව නිසා ඔබ දරුවාව නහවන වතුර පමණට වඩා රත් වී නොතිබීම ඉතා වැදගත් වේ. මෙම හේතුව නිසා පාවෙන උෂ්ණත්ව මාන වැනි සරල උපකරණ මගින් ඔබට දරුවා නහවන ජලය නිවැරිදි උෂ්ණත්වයේ පවතිනවාදැයි පරික්ෂා කරගත හැක.

ළමා නහවන තුවා

ළමා නහවන තුවා බොහෝ වෙලාවට දරුවාගේ හිස ආවරණය කිරීමට වෙනම සකසා තිබෙන්නට පුළුවන් එමගින් ඔබගේ සිගිත්තා ගේ හිස ප්‍රදේශය නැහැවීම අවසන් වූ වහාම උණුසුම්ව තබා ගැනීමට උපකාරී වෙනවා. ඔබ වෙනත් සිගිත්තෙකුට තෑගි දීමටද මෙම තුවා කදිම තෑගී භාණ්ඩයක් ද වෙනවා.


(under the courtesy of mathuru.lk web)

More News »