Home / මවකගේ සිහිනය / බබාගේ හැසිරීම අසාමාන්‍යද?

බබාගේ හැසිරීම අසාමාන්‍යද?

2018-03-05 09:34:00       222
feature-top
වැඩිහිටියන්ට මෙන් වැලෙ`දන මානසික රෝග  දරුවන්ට නැතත් ළමා අවධියේදී දරුවන් මුහුණ දෙනු ලබන විවිධ මානසික ගැටලූ ඇත. දරුවන්ගේ යහපත් මානසික සෞඛ්‍ය ස`දහා ඒ පිළිබද දැනුම්වත් වී සිටීම ඉතා වැදගත්ය.
දරුවන්ට බලපාන ගැටලූ අතරේ පාසල් යාමට මැළිවීම, සහෝදර ගැටුම්, කතාකිරීමේ දුර්වලතා, නින්දේදි මුත‍්‍රා පහවීම, නින්දෙන් ඇවිදීම හෝ නින්දේදි බියවීම, අසාමාන්‍ය, හැසිරීම් රටා, පාසල් කටයුතුවලට  දුර්වලතා දැක්වීම, දොම්නස් බව, අධි කි‍්‍රයාකාරීත්වය සහ මන්දබුද්ධික භාවය, එහි ලක්ෂණ කිහිපයක් වේ.

ළමා මානසික ගැටලූ හ`දුනා ගැනීම පාසල් යාමට අකමැතිවීම යන කාරණා ගතහොත් එය දරුවාගේ මානසික මට්ටම බල පෑ හැකිය. එහිදී  මවගෙන් වෙන්වීමට    දරුවාගේ ඇති අකැමැත්ත, පාසලේදී ඇතිවන දුෂ්කරතා හා ඉගෙනුම් කටයුතුවලට ඇති දුර්වලතා, හේතු වේ. මෙය මගහරවා ගැනීමට නම් දරුවා පාසල් යාමට මැළිවන කාරණය කෙරෙහි වන අවධානය හ`දුනාගෙන පිළියම් යෙදිය යුතුය.

සහෝදර ගැටුම් යන කාරණය ගතහොත් පවුලේ බාල දරුවා උපන් විට එම දරුවාට දක්වන වැඩි සැලකිල්ල වැඩිමහල් දරුවා තුළ නොරිස්සුමක් ඇති කරවයි. එහිදී තමන් වෙතින් අඩුවන අවධානය යළි ලබා ගැනීමට දරුවා නොයෙක්  දේ කරනු ලබයි. එහිදී බාල  සහෝදරයාට හිංසා කිරීමට පෙලඹීම, තමන්ට ව්‍යාජ රෝග ලක්ෂණ ඇතැයි කීම ආදී වූ විවිධ  රෝග  ලක්ෂණ පිළිබ`ද කියනු ලැබේ. මෙම තත්ත්වය දෙමාපියන් විසින් ප‍්‍රථමව හ`දුනාගෙන දරුවාගේ මෙන්ම දෙමව්පියන් ද ආකල්ප වෙනස් කර ගැනීම එම ගැටලූවට පිළියම් යෙදීමට පහසුවකි.

ඇතැම් දරුවන් වචන උච්වාරණයේදී අපහසුවක් පෙන්වයි. ගොත ගසන බවක් දක්වයි. වයස අවුරුදු 5,6 පිරෙනවාත් සමගම බොහෝ ළමුන්ගේ එම තත්ත්වය මග හැරී යාම සිදුවේ. කෙසේ නමුත් ඇතැම් දරුවන්ගේ මෙම ලක්ෂණ දිගටම පවතී. එවිට ප‍්‍රතිකාර ලෙස නිසි කථාව පුහුණු කිරීමේ විශේෂ අභ්‍යාස ක‍්‍රම පවතී.

දරුවකුට වයස 5 ඉක්මවූ පසුත් නින්දේදි මූත‍්‍රා  පහවේ නම් එය සොයා බැලිය යුතු තත්ත්වයකි. පළමුව එය ශාරීරික රෝගයක් නිසා සිදුවන්නක්ද යන්න සොයා බලා ඊට පිළියම් යෙදිය යුතුය. සිහිනෙන් ඇවිදීමත් බියවීමත් ළමා වියේදී බොහෝ දුරට ඇතිවන ගැටලූ අවස්ථාවකි. මෙය බිය ගෙනෙන සිහින දැකීම නිසා ද සිදුවේ.

අසාමාන්‍ය හැසිරීම් රටා ගනිද්දී ළමාවියේ සිටම ඇතැම් දේ සොරකම් කිරීම, බොරු කීම, සතුන්ට හිංසා කිරීම ආදී හැසිරීම් රටාවන් පෙන්වයි. මෙය හැසිරීම් රටාවේම දුර්වලතාවක් වන අතර වැඩිහිටි වියේදී එය මනා පෞරුෂය  වර්ධනයට බාධාවකි.

අධ්‍යාපන කටයුතුවලට තම දරුවාගේ දක්ෂකම් අල්ප බව ඇතැම් මව්පියන්ගේ හැ`ගීිමයි. එය එසේමද යන්න තීරණය කිරීමට නම් දරුවාගේ බුද්ධි මට්ටම ඇගයීමට ලක්කළ යුතුය. දරුවා එක් විෂයකට පමණක් දුර්වලතාවක් දක්වන්නේ නම් උදා කියවීමට පමණක්, ඒ පිළිබ`ද නිසිලෙස සොයා බැලිය යුතුය.

ළමාවියේදී දොම්නස් බවක් ඇතිවීම විවිධ හේතුන් නිසා ඇතිවේ. මවගෙන් වෙන්වීම, පවුලේ අසමගිය අපචාරයන්ට ලක්වීම වැනි කරුණු ඒ අතර ඇත. දරුවා අලස වීම නින්ද නොයෑම, කෑමට සහ සෙල්ලම් කිරීමට මැළිවීම මෙහි ප‍්‍රධාන රෝග ලක්ෂණයි. මෙ තත්ත්වය අධ්‍යාපනයට බාධාවක් හෙයින් සහ පසුකාලිීනව බලපෑම් ඇතිවියහැකි බැවින් ඒ ස`දහා නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්ය. අධික‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කතා කිරීමේදී ඇතැම් දරුවන්ට යමක් කෙරේ අවධානය ර`දවා තබා ගැනීමට අපහසුය. එය අධික‍්‍රියාකාරීත්වයක්ද නැත්නම් සාමාන්‍ය කෙළිලොල් ස්වභාවයද යන්න හ`දුනා ගැනීම අවශ්‍යය. එය අධි කි‍්‍රයාකාරීත්වයයක් නම් ඊට ඖෂධමය ප‍්‍රතිකාර ලබාදීමට පියවර ගතයුතුය.

ඇතැම් දරුවන් බුද්ධිමය ලෙසින් පසුබෑමකට ලක්වන අතර එය නොයෙක් හේතු නිසා සිදුවේ. ඇතැම් අවස්ථාවල ප‍්‍රතිකාර මගින් මෙය සුවකළ හැකි අතර ඇතැම් විටක ඊට ප‍්‍රතිකාර සීමා සහිතය. කෙසේ වුවත් මෙවැනි ලක්ෂණ දරුවකු තුළින් දැකගත හැකි මුල් අවස්ථාවේම වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්ය.


උපුටා ගැනීම රිවිර පුවත්පත ඇසුරෙනි

More News »