Home / මවකගේ සිහිනය / කුඩා දරුවන් 'බඩ පිරෙන්න' බත්ම කෑ යුතු නැත
කුඩා දරුවන් 'බඩ පිරෙන්න' බත්ම කෑ යුතු නැත
2018-03-20 09:30:00  ★ 676

බඩ පිරෙන්න බත් කන්න ඕනේ' අපේ වැඩිහිටියන් තවමත් කුඩා දරුවන්ට එසේ පවසනු අපි අසා ඇත්තෙමු. එහෙත් ඒ බඩ පිරෙන්න බත් කෑම වර්තමාන ළමා පරපුර කෙරෙහි සියයට සියයක් නොගැලපෙන බව ඔබ දන්නවාද?
මීට පරම්පරා කිහිපයකට ඉහත අප සමාජයේ දරුවන් ගෙවූ දිවිපෙවෙත සහ වත්මන් සමාජයේ දරුවන් ගෙවන දිවි පෙවෙත අතර සුවිසල් පරස්පරතා පවතින බව රහසක් නොවේ. අතීතයේ නිවස තුළ සේම වත්තපිටියේ වසු පැටවුන් පසුපස දුවමින් ඇලේ දොලේ සෙල්ලම් කරමින් විනෝදය පිණිස කය වෙහෙසූ දරු පරපුර අද දක්නට ඇත්තේම නැත. එමෙන්ම 'කටේ කිරි සුවද' යාමටත් පෙර දරුවා 'පාසල් අධ්‍යාපනයේ වහලෙකු' කිරීමේ ශෝචනීය තත්ත්වයක් අද දක්නට ලැබෙන බැවින් දරුවාට හරි හැටි ඇග පත තබා අතක් පයක් වත් සෙලවීමට ඉඩක් නොමැති තරම්ය.
එනිසාම අද ඇත්තේ බොහෝ දෙනෙකු ශෝචනීය සරදමක් පවසන පරිදි 'බ්‍රොයිලර්' ගණයේ දරු කැලතකි. එහිදී දරුවාගේ ආහාර රටාවද දරුවාගේ ජීවන රටාවට ගැලපෙන පරිදි වෙනස් විය යුතුය. 'සම බල' ආහාරවේලක ඇති වැදගත්කම අප සැම පාසලේ ප්‍රාථමික පන්තිවලදීම ඉගෙනගෙන ඇත්තෙමු. එහෙත් එම ආහාරයේ වැදගත් කම එදා දරුවන්ට සාපේක්ෂව අද දරුවන්ට කිහිප ගුණයකින් අදාල වන බව කිව යුතුය.
ඒ නිසා දරුවාට දෙන බත් ප්‍රමාණයට සාපේක්ෂව එළවළු, පළා වර්ග, පළතුරු, ආදිය තුලනාත්මකව වැඩි කළ යුතුය. එමෙන්ම දරුවා පැණි රස, සහ පිටි බහුල ආහාර සහ ලුණු වලින් හැකිතාක් දුරට ඉවත් කළ යුතුය. එසේ බත් ප්‍රමාණය අඩුකොට දරුවාගේ කුස පිරීම පිණිස මස්මාංශ වලටත් වඩා එළවළු, පළතුරු, කිරි යොදා ගත හැකිනම් එය දරුවාගේ අනාගත යහපැවැත්ම පිණිස මහත්සේ උපකාරීවනු ඇත. විශේෂයෙන් දරුවා නිදන්ගත රෝග වලින් දුරස් කිරිමට එය මහත් පිටිවහලක් වනු ඇත.
උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි
එජාපයේ සභාපතිගෙන් ශ්‍රී ලංකන්- මිහින්ලංකා කොමිසම පැය 04ක් ප්‍රශ්න කරයි
2019-02-21 06:12:00ළමා අපයෝජනයට එරෙහිව ලෝක රදගුරුවරු එක්වෙති
2019-02-21 06:10:00අපේ අධිකරණයට චෝදනා නඟා විදෙස් විනිසුරු මැදහත්වීම ගැන කෑ ගහන්න එපා- කතානායක
2019-02-21 05:57:00මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරේ
2019-02-21 05:51:00විමල්-ගම්මන්පිලට පොහොට්ටුවෙන් පල නොකියා පලා බෙදති..මාධ්‍ය කැදවා බලු බැණුම් බනිති
2019-02-21 05:50:00සුබාස්කරන් අලිරාජාගේ ස්වර්ණමහල් ගණුදෙනුව ගැන මහ බැංකු අධිපති කට අරී..
2019-02-21 05:47:00නවසීලන්ත ක්‍රීඩක රොස් ටේලර්ගෙන් නව ක්‍රිකට් වාර්තාවක්
2019-02-20 05:00:00යාපනයේ වත්මන් තත්වය ගැන විශේෂ සාකච්ඡාවක්
2019-02-20 05:00:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com