Home / මවකගේ සිහිනය / කුඩා කල දඟ දරුවන් වැඩිහිටි වියේදී චණ්ඩින් විය හැකිද?

කුඩා කල දඟ දරුවන් වැඩිහිටි වියේදී චණ්ඩින් විය හැකිද?

2018-03-21 08:55:00       705
feature-top
මේ වයසට මේ ළමයගේ තියෙන චණ්ඩිකම් ලොකු ඔනාම මහ චන්ඩියෙක් වෙයි. වයස අවුරුදු දෙකේ තුනේ දරුවන්ගේ දෙමාපියන් මෙසේ පවසනු ඔබ කොතෙකුත් අසා තිබෙන්නට පුළුවන. ඒ එම වයසේ දරුවන් කෙරෙන් දක්නට ලැබෙන දඟකාර කම් සැලකිල්ලට ගනිමිනි.

එම ප්‍රකාශයන්හි කිසියම් සත්‍යතාවයක් තිබේද?

නවීන මනෝ විද්‍යාඥයන් විසින් අනාවරණය කර ගෙන ඇති අන්දමට දරුවෙකුගේ ශරීරයේ හෙවත් කායික ව්‍යුහය වෙනස් වනවාටත් වඩා වේගයෙන් මානසික ව්‍යුහය වෙනස් වේ.

ඒ අනුව උපතේ සිට වයස අවුරුදු 11 පමණ වන තෙක් එම දරුවන්ගේ සිතුම් පැතුම් කතා බහ හැසිරීම් ආදිය වරින් වර වෙනස් වන අතර ඒවා දරුවන්ගේ වැඩිහිටි ජීවිතය හා සෘජු සබඳියාවක් නොමැති තරම්ය.

ජීන් පියාජේ නම් ළමා මානසිකත්වය පිළිබඳ විශිෂ්ඨ හැදෑරීමක් කළ ප්‍රංශ මනෝ විද්‍යාඥයා විසින් කරන ලද අනාවරණයකට අනුව උපතේ සිට වයස අවුරුදු 11 දක්වා දරුවාගේ මානසික සංවර්ධන අවස්ථා 4ක් දක්වා ඇත.

ඒ චාලක ක්‍රියාකාරී අවධිය, පුර්ව ක්‍රියාකාරී අවධිය, වාස්ථවික ක්‍රියාකාරී අවධිය සහ ස්ථාවර ක්‍රියාකාරී අවධිය යනුවෙනි.

මෙහිදී වයස අවුරුදු 11 න් පසු ළමා විය පසු කොට පුර්ව යෞවන වියට පිවිසෙන දරුවා එමගින් තමන්ගේ වැඩිහිටි අවදියේ සමාරම්භයට පිවිසෙන අතර එහිදී ළමා වියේදී ඔහු තුළ පැවැති සිතුම් පැතුම් කතා බහ සහ හැසිරීම් වෙනස්ම ස්වරූපයක් දක්නට ලැබේ. වැඩිහිටි අවධිය සඳහා ගමනාරම්භයක් ලෙස සැලකෙනුයේ දරුවා තුළ ඇරඹෙන එම නවතම කාලපරිච්චේදයයි.

ඒ අනුව කුඩා කාලයේදී දඟ වැඩ කරන දරුවෙකු ප්‍රචණඩ වීමට, ගීත ගායනා කරන දරුවෙකු ගායකයෙකු වීමට හෝ චිත්‍ර අදින දරුවෙකු චිත්‍රශිල්පියෙකු වීමට හෝ සැලකිය යුතු සම්භාවිතාවක් නොමැති බව පැහැදිලි ලෙසම කිය යුතුය.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »