Home / මවකගේ සිහිනය / දරුවන්ගේ හර්නියා ගැන බිය විය යුතුද?

දරුවන්ගේ හර්නියා ගැන බිය විය යුතුද?

2018-03-26 11:35:00       637
feature-top
කුඩා දරුවන් හිටි හැටියේ අසනීපවලට ගොදුරු වීම සාමාන්‍යය. එ් අතර සාමාන්‍ය අසනීප තත්ත්වයන් මෙන්ම බරපතළ අසනීප තත්ත්වයන් ද වේ. දරුවකුට සාමාන්‍යයෙන් ඇතිවන අසනීප ගැන මවක් දැනුවත්ව සිටීම ඉතා වැදගත්ය.

ඖෂධ අසාත්මිකතා

මෙම තත්ත්වය දරුවකුට මෙන්ම   ඕනෑම වයසක කෙනකුට ඇතිවිය හැකිය. මෙවන් තත්ත්වයක් ඇති වන්නේ යම් ඖෂධයක් පාවිච්චි කිරීමෙන් පසුවය. මෙහිදී බොහෝ විට ඇඟ කැසීම, පළු දැමීම, රතුවීම, ඉදිමීම වැනි ලක්ෂණ ඇති වේ.

සාමාන්‍යයෙන් මෙය ඇතිවන්නේ වැරදි බෙහෙතක් පාවිච්චියෙන් නොවේ. එ් ගැන අවබෝධයක් නැති මව්වරු බොහෝ කලබල වෙති. එය එසේ නොවේ. ඇත්තටම මෙවන් තත්ත්වයක් ඇතිවීම වෛද්‍යවරයකුට වැළැක්විය නොහැකි කරුණකි.

එයට හේතුව ඖෂධ අසාත්මිකතාවයි. යළි යළිත් එම තත්ත්වය ඇතිවීම වළක්වා ගැනීමට නම් එවන් අසාත්මිකතාවක් වැලඳුණ පසු එම බෙහෙත් වර්ගය ගැන දෙමාපියන් වෛද්‍යවරයා ලවා කාඞ්පතක ලියවා ගත යුතුය. යළිත් අසනීප අවස්ථාවක දරුවාට බෙහෙත් ගන්නට යන්නේ නම් එ් සෑම අවස්ථාවකම වෛද්‍යවරයාට එම කාඞ්පත පෙන්විය හැකිය. එවිට එම බෙහෙත දරුවාට ලබා දීමෙන් වැළකේ.

මේ අයුරින් ඖෂධ අසාත්මිකතාවක් ඇතිවුණ විටෙක දරුවා අදාළ වෛද්‍යවරයා වෙත රැුගෙන ගොස් ප‍්‍රතිකාර ලබාදීම වැදගත් වේ. එ් සමගම දරුවාට ලබාදුන් බෙහෙත් සියල්ල ද ගෙන යා යුතුය. එම බෙහෙත් වෛද්‍යවරයාට පෙන්වන තුරු නැවත දරුවාට නොදී සිටීමටත් වගබලා ගන්න.

නැපි රෑෂ් 
මෙම අසාත්මිකතාව ඇතිවන්නේ ළදරුවන්ට අන්දවනු ලබන නැප්කිනයේ හෝ යට ඇඳුමේ මල මූත‍්‍රා තැවරුණු විටය. රතු පැහැති පළු දැමීම මෙහි ලක්ෂණයයි. එම ලක්ෂණ පෙන්වන්නේ නැප්කිනය ස්පර්ශය වන ස්ථානයේය. ළදරුවකු මෙවන් අසාත්මිකතාවකින් වළකා ගැනීමට මවට හැකිය. සැමවටම ඔබේ දරුවා මල මූත‍්‍රා පහ කළ විට සෝදා පිස දමා නැප්කින් මාරු කිරීම කළ යුතුය. මේ තත්ත්වය රෝගයකැයි බිය විය යුතු නැත.

පෙකණිය ආශ‍්‍රිත හර්නියා
පෙකණිය ආශ‍්‍රිත හර්නියා ද කුඩා දරුවන් අතර ප‍්‍රචලිත රෝගයකි. මේ තත්ත්වය ඇතිවන්නේ දරුවකුගේ පෙකණිය ආශ‍්‍රිතවයි. පෙකණිය අවට ඇති රවුම් දාරය සහ වළල්ලක් මෙන් දිස්වෙයි. මේ තත්ත්වය වැඩිපුර ගැහැනු දරුවන්ගේ ඇතිවන අතර එය කුඩා නෙරුමක් ලෙස සිට සෙන්ටිමීටර් තුනක පමණ විෂ්කම්භයකින් දකින්නට පුළුවන. මෙවැනි හර්නියා අවස්ථාවක් තුළින් ශරීර අභ්‍යන්තරයේ ආහාර මාර්ගයේ හෝ උදරයේ කිසිදු රෝගී තත්ත්වයකට බලපාන්නේ නැත. එ් නිසා දරුවකුගේ පෙකණිය ආශ‍්‍රිත හර්නියාවලදී පමණට වඩා කලබල විය යුතු නැත.

බොහෝ විට මේවා ඉබේම සුව වේ. සමහර විට විශාල ලෙස පිහිටි හර්නියා වුවද මෙසේ සුවවීමට ඉඩ තිබේ. මෙවන් හර්නියා 80% ක් පමණ දරුවකුට අවුරුදු දෙක ඇතුළතදී ඉබේම නැති වී යයි. වයස අවුරුදු දෙකෙන් පසුවද හර්නියා පැවතුණහොත් සාමාන්‍ය ශල්‍යකර්මයක් කිරීමට හැකිය.

මෙසේ පෙකණිය මැදි කරගෙන ඇතිවන හර්නියාවලට අමතරව පෙකණියට උඩින් උදරයේ මාංශ පේෂිවල ඇතිවන දුර්වලතා නිසාද හර්නියා ඇති වේ. එ් ඉතා කුඩා ප‍්‍රතිශතයකටය. එවිට නම් ශල්‍යකර්ම කිරීම අවශ්‍ය වේ.


උපුටා ගැනීම රිවිර පුවත්පත ඇසුරෙනි

More News »