Home / මවකගේ සිහිනය / දරුවෙක් උපන් අලුත අම්මට වැළඳිය හැකි මානසික ලෙඩ

දරුවෙක් උපන් අලුත අම්මට වැළඳිය හැකි මානසික ලෙඩ

2018-03-27 09:49:00       111
feature-top
ගර්භණී මවක්්, සිය ගර්භණී කාලය තුළ මෙන්ම දරු ප‍්‍රසූතියෙන් පසුවත් යහපත් කායික, මානසික සෞඛ්‍යයකින් පසුවිය යුතුය. දරුවාගේ කටයුතු මනා ලෙස සිදුකිරීමටත්, පවුලේ කටයුතු අතරට නැවත එක්වීමටත් මවට එය වැදගත් වේ.

සාමාන්‍යයෙන් දරු ප‍්‍රසූතියෙන් පසු බොහෝ මව්වරුන් සුළු මානසික ව්‍යාකූලතාවකට පත්වීමට ඉඩ තිබේ. මෙයට හේතුවන්නේ දරුවා ප‍්‍රසූත කිරීමත් සමග මවට ඇතිවිය හැකි ගැටලූය. එම ගැටලූ පිටතින් සිට බලන අයෙකුට ඉතා සාමාන්‍ය දේ ලෙස පෙනෙන්නට තිබුණ ද එය මවට ගැටලූකාරී දෙයක් වීමට ඉඩ තිබේ.

මව්කිරි ලබාදීම සම්බන්ධයෙන් මවට ඇතිවන ගැටලූව මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. දරුවා රැුක බලා ගැනීම සම්බන්ධයෙන් ද ඉහත ගැටලූව ඇතිවිය හැකි අතර දරුවකු රැුකබලා ගැනීම පිළිබඳ අත්දැකීම් නොමැතිකම හේතුවෙන් ඇතිවිය හැකි මෙම සුළු ව්‍යාකූල බව සැමියා මෙන්ම පවුලේ සමීපතමයන්ගේ ආදරණීය සොයා බැලීම් තුළ බොහෝදුරට යථා තත්ත්වයට පත්කර ගත හැකිය.

මේ අතරින් 15% ක් පමණ මව්වරු දරු ප‍්‍රසූතියෙන් පසු, පසු ප‍්‍රසව විෂාදය නම් රෝගී තත්ත්වයට ගොදුරු විය හැක. ගර්භණී සමයේ සිදුවන කායික වෙනස්කම් හා හෝමෝන වෙනස්කම් මවකගේ මානසික හැඟීම් වෙනස් කිරීමට බලපෑ හැකිය. මීට අමතරව පසු ප‍්‍රසව විෂාදය ඇතිවීමට සමාජයීය හා පාරිසරික සාධක ද බලපානු ලබන අවස්ථා තිබේ.
උදාහරණයක් ලෙස තම ස්වාමියාගේ ආදරය, සෙනෙහස නොලැබීම, දරුවාගේ වැඩකටයුතු සඳහා උදව් නොමැතිවීම මෙම රෝගයට හේතුකාරක විය හැකිය.

තවද දරු ප‍්‍රසූතියෙන් පසු ජීවත්වන පරිසරය ගැටුම්කාරී ස්වභාවයක් ගැනීම, නිවසේ ඉඩ පහසුකම් මදිවීම ආදී හේතූන් පසු ප‍්‍රසව විෂාදය ඇතිවීම සඳහා බලපෑ හැකි කරුණුය. ඇතැම් විටෙක ජානමය බලපෑම් හේතු කොටගෙනද පසු ප‍්‍රසව විෂාදය ඇතිවන අවස්ථා තිබේ. මෙය සාමාන්‍යයෙන් ඇතිවන්නේ දරු ප‍්‍රසූතිය සිදු වී සති ෙදාළහක් අතර කාලයේ වුවද දරු ප‍්‍රසූතියෙන් පළමු අවුරුද්ද ඇතුළත  ඕනෑම අවස්ථාවක ඉහත රෝග ලක්ෂණ ඇතිවීමට ඉඩ තිබේ.

ඇතිවිය හැකි රෝග ලක්ෂණ
මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගෙන තිබේ. එ් අතර,
තමා ගැන හෝ තම බිලිඳා ගැන උනන්දු අඩුකම
නිතර කනගාටුවෙන් පසුවීම
කනස්සලූ ස්වභාවය
උදාසීන බව
නිදා ගැනීමේ අපහසුවක් ඇතිවීම
අවධානය අඩුවීම
ආහාර රුචිය අඩුවීම
දරුවාට කිරි මදි යැයි සිතීම
තම දරුවා රෝගී වේ යැයි ඇතිවන සිතිවිල්ල
කලාතුරකින් තම ජීවිතය ගැන  කලකිරීමක් ඇතිවීම ආදියයි.

මෙය පසු ප‍්‍රසව විෂාදය තුළ දැකිය හැකි දේයි. මෙය මානසික රෝගී තත්ත්වයක් බැවින් ඉහත රෝග ලක්ෂණ පහළ වූ විට එය නොසලකා හැරීම නොකළ යුතුය. එම ලක්ෂණ ඉබේ මග හැරේ යැයි කියා කටයුතු කිරීම නුවණට හුරු දෙයක් නොවේ. නිසි කලට අවශ්‍ය උපදෙස් ලබා නොගතහොත් බරපතළ තත්ත්වයක් ඇතිවිය හැකිය. එ් කෙරේ අවධානය යොමු කිරීම පවුලේ සාමාජිකයන්ගේ වගකීම විය යුතුය.
roomi-rooban
පසු ප‍්‍රසව විෂාදය මගහරවා ගැනීම
ඉහත රෝග ලක්ෂණ ඇති මවක් සෑමවිටම තම ස්වාමි පුරුෂයා සම`ගින් මෙන්ම පවුලේ සෙසු සාමාජිකයින් සමග  වඩාත් සමීප කතාබහක්, සබැඳියාවක් ගොඩනගා ගත යුතුය. පවුලේ අය, හිතවතුන් සමග ඇතිවන කතාබහ තුළින් කිසියම් සහනයක් ලැබිය හැකි අතර පවුලේ සාමාජිකයින්ද කළ යුත්තේ ඇයගේ මානසික තත්ත්වය නිසි පරිදි වටහාගෙන ඇයට ආදරය, රැුකවරණය හා සහයෝගය ලබාදීමයි. මවක් ඉහත ලක්ෂණ පෙන්වනවා නම් කළ යුත්තේ ඇය පවුලේ වෛද්‍යවරයා වෙත යොමු කිරීම හෝ ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය වෙත යොමු කිරීමයි.

මෙහිදී පවුලේ වැඩිහිටියන් එ් ගැන ක‍්‍රියා කළ යුතු අතර එය ක‍්‍රමයෙන් වර්ධනය වන ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් මනෝ වෛද්‍යවරයකු වෙත යොමුකර අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීම කළ යුතුය. විටෙක මනෝ වෛද්‍ය උපදෙස් මෙන්ම ඖෂධ ප‍්‍රතිකාර ලබාදෙන අවස්ථා ඇත. එහිදී ද පවුලේ සෙසු සාමාජිකයන්ගේ ආදරය, රැුකවරණය මවට නොඅඩුව ලැබිය යුතු වේ. මෙහිදී බිලිඳා රැුකබලා ගැනීම, එදිනෙදා ගේෙදාර වැඩකටයුතුවලට මවට උදව් කිරීම තුළින් හොඳ මානසික තත්ත්වයක් මවට උදාකර දිය හැකි අතර, පසු ප‍්‍රසව විෂාදය කල්ඇතිව හඳුනා ගැනීම මගින් ඇතිවිය හැකි බරපතළ මානසික ව්‍යාධීන් මගහරවා ගත හැකිය.

දරු ප‍්‍රසූතියෙන් අනතුරුව 15% ක් පමණ මව්වරුන් පසු ප‍්‍රසව විෂාදයට මුහුණ දෙනු ලැබුව ද ඉන් 5% ක් පමණ මව්වරුන් බරපතළ මානසික ගැටලූවලට මැදිවන්නේ ඔවුන්ගේ මානසික වෙනසට සෙසු අයගේ නොසැලකිල්ල සමගයි. දරු ප‍්‍රසූතියෙන් මුල් දින කිහිපය තුළ මවගේ මෙම වෙනස වටහාගෙන එ් කෙරේ සැලකිලිමත් වීම මගින් ඉහත අපහසුතා මග හරවා ගැනීම අසීරු නොවේ.


උපුටා ගැනීම රිවිර පුවත්පත ඇසුරෙනි

More News »