Home / මවකගේ සිහිනය / ශාක පත්‍ර භාවිතා කරමින් සිඟිති දරුවන්ට ක්‍රියාකාරකම්

ශාක පත්‍ර භාවිතා කරමින් සිඟිති දරුවන්ට ක්‍රියාකාරකම්

2018-03-29 10:55:00       111
feature-top
දරුවන්ගේ බුද්ධි වර්ධනය සඳහා  පරිසරයේ ඇති බොහෝ දේ ප්‍රයෝජනයට ගත හැකිය. මෙහි දන්වා ඇත්තේ ශාක පත්‍ර ආධාර කර ගනිමින් දරුවන් වෙත යොමු කළ හැකි ක්‍රියාකාරකම් කිහිපයකි.

මුලින්ම දරුවා සමඟ එළිමහනට ගොස් ගස් වල ඇති කොළ පෙන්වමින් ඒවා පිළිබඳව කතා කළ හැකිය.

උදා -:

දළු කාලයේ ශාක පත්‍ර වල පාට තරමක් මෝරා ඇති විට එම පාට වෙනස් වී ඇති ආකාරය.
වියලුණු ශාක පත්‍ර වල ස්වභාවය යනාදී කරුණු පිළිබඳව කථා කළ හැකිය.
විවිධ ශාක පත්‍ර වල හැඩයේ වෙනස; පිළිබඳව (ගස්ලබු හා අඹ කොළ)
ශාක පත්‍ර වල ප්‍රමාණ වල වෙනස්කම් පිළිබඳව (කොස් කොළය හා වෙරළු කොළය)
මෙසේ කථා කිරීමෙන් දරුවන්ට ඒවායේ හැඩය, ප්‍රමාණය, ස්ථානය වැනි කරුණු පිළිබඳව අවබෝධය ලැබේ.

පසුව ඒවා එකතු කරගෙන දරුවා සමඟ විවිධ ක්‍රියාකාරකම් කළ හැකිය. ඒ අතරින් කිහිපයක් පහත දැක්වේ.

ශාක පත්‍ර සියල්ලම එක ගොඩකට දමා වර්ගය අනුව වෙන් කිරීම.
ශාක පත්‍ර කිහිපයක් ගෙන ඒවා එකින් එක ගණන් කිරීම.
දිග අනුව පිළිවෙලට තැබීම.
දිගින් වැඩිම / අඩුම ශාක පත්‍රය.
පළලින් වැඩිම/ අඩුම ශාක පත්‍රය. වශයෙන් තේරීම.
විවිධ රටා වලට ශාක පත්‍ර තබමින් රටා සෑදීම.
කොස්, වෙරළු වැනි සමමිතික හැඩ ඇති ශාක පත්‍ර ගෙන දෙකට මැඳින් වෙන් කර ගැනීම හා නැවත සුදුසු කොටස ගෙන ශාක පත්‍රය සාදා ගැනීම. (අලවා)
ශාක පත්‍රයන් මත සුදු කඩදාසියක් තබා එම ස්ථානය පාට කිරීම.
මේ ආකාරයට විවිධ ක්‍රියාකාරකම් වෙත දරුවා යොමු කළ හැකිය.

මෙවැනි ක්‍රියාකාරකම් සඳහා දරුවෝ ඉතා අශා කරති. දෙමාපියන් එතරම් නොසිතුවද මේවා දරුවන්ගේ බුද්ධි වර්ධනයට මහත් පිටිවහලක් වෙයි.

මෙම ක්‍රියාකාරකම් අවසානයේ එම ස්ථානය පිරිසිදු කිරීමටත් දරුවාගේ සහයෝගය ලබා ගැනීම ඉතාම වැදගත් වේ.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »