Home / මවකගේ සිහිනය /

විෂබිජවලින් දරුවා ආරක්ෂිතද?

විෂබිජවලින් දරුවා ආරක්ෂිතද?

2018-03-30 12:04:00       288
feature-top

දරුවා රෑ එළිවෙනකල්ම අඬනවා. බඩේ අමාරුවක්ද? කනේ අමාරුවක්ද?

වෙන අමාරුවක්ද? කියලා දන්නේ නැහැ.

මෙවන් වදන් මව්වරු බොහෝමයක් දෙනා පවසති.

කිරි දරුවන් තමන්ට දැනෙන වේදනාව පිට කරනුයේ ඇ¾ඩීමෙනි. නිවස තුළ දරුවන් ලෙඩ කර වේදනා ගෙනදී ඇඬවීමට සමත් වූවෝ බොහෝ සිටිති. ඒත් ඔවුන් අපගේ පියවි ඇසට නොපෙනේ. ඒ විෂබිජයන් ලෙස අපි හඳුන්වන්න වෛරස්, බැක්ටීරියා හා දිලීරයන්ය.

මෙම විෂබිජයන්ද දරුවාට බෝවිය හැකි ක්‍රම එකිනෙකට වෙනස්ය. මුහුණ කට අත්පා නොසෝදා දරුවෙකු අතපත ගාන්නේ නම් හා සිප ගන්නේ නම් විෂබිජ දරුවාට ආසාදනය විය හැකිය.

එසේම කිසියම් පුද්ගලයකු දරුවෙකු අසල සිට කිවිසුම් හරින්නේ නම් හෝ කහින්නේ නම් එවිට එම පුද්ගලයාගේ ශ්වසන මාර්ගයේ රැඳී තිබෙන බැක්ටීරියාවන් වාතයට මුදාහැරෙන අතර ඒවා දරුවාගේ ශ්වසන මාර්ගයට ඇතුළු විය හැකිය. එසේ අතුළුවන විෂබිජයන් දරුවාට ශ්වසන රෝගයන් බෝකිරීමට හේතුවක් වේ. ඇතැම් අවස්ථාවන්වලදී දරුවාට නියුමෝනීය තත්ත්වන් ඇති කිරීමට පවා හේතුවක් විය හැකිය.

එසේම වාතයේ රැඳී සිටින විෂබිජයන්ද දරුවාට හානිකර තත්ත්වන් ඇති කරලිය හැකිය.

එසේම දිලීරයක් ආසාදනය වී ඇති වැඩිහිටියෙක් එනම් සමේ රෝගයක් පවතින පුද්ගලයෙකු දරුවෙකු ඇල්ලීමෙන් එම දිලීරය දරුවාට ආසාදනය විය හැකිය.

මේ අනුව දරුවා විෂබිජ වලින් ආරක්ෂා කර ගැනිම සඳහා ඔහු ජීවත්වන වටා පිටාව පිරිසිදු කිරීම ඉතාමත් වැදගත්ය. ඒ අනුව නිවස විජබිජ නාශකයක් යොදා දිනපතා පිරිසිදු කිරිම, ඉතාමත් වැදගත් වන්නේය. විශේෂයෙන්ම දරුවා නිතර අතපත ගාන ස්ථාන හා සෙල්ලම් බඩු ආදිය විෂබිජ නාශකයකින් පිරිසිදු කරන්නේ නම් දරුවාට විෂබිජ ආසාදනය වීමට තිබෙන ඉඩකඩ අවම කර ගත හැකි වන්නේය.

එසේම දරුවාගේ ඇඳුම් පැළඳුම් විෂබිජ නාශකයක් යොදා පිරිසිදු කිරීම මගින් ඇඳුම් පැළඳුම්වල සිටින විෂබිජයන් විනාශ කිරීමේ හැකියාව පවතී.

රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත

රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත

එසේම දරුවන් අතර බහුලවම දක්නට රෝගයක් ලෙස හඳුන්වා දිය හැක්කේ උදරාබාධයන් හා පාචන තත්ත්වයන්ය. ආහාර මාර්ගයට ඇතුළු වන විෂබිජයන් දරුවා බඩේ විවිධ ආසාදන තත්ත්වයන් ඇති කරවනු ලබයි. එම නිසා ආහාර පිළියෙල කරන විට හොඳින් අත් සබන් ගා පිරිසිදු කළ යුතු වන්නේය. එසේම ආහාර පිළියෙල කරන භාජන, හොඳින් පිරිසිදු කළ යුතුවා මෙන්ම පිළියෙල කළ ආහාරයන්ද මැස්සන්, කැර‍පොත්තන් වැනි සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා හොඳින් වසා තැබිම වැදගත් වන්නේය. තවද ශීතරණයේ ගබඩා කර තිබෙන ආහාර වර්ග දරුවාට ලබා දීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු අතර ඒවා දින ගණනක් එහි ගබඩා කර තැබූ ආහාර දරුවාට නොදීමට ද වගබලා ගැනීම දරුවාගේ ශරීර සෞඛ්‍යයට යහපතකි.

දරුවාට පානය කිරීමට දෙන වතුර හැම විටම උණු කර නිවා ගත් ජලය වීම වැදගත්ය. එසේම බෝතල් , සූප්පු, පිඟන් කෝප්ප මැස්සන්ගෙන් ආරක්ෂා කර ගැනීම මගින් පාචනයන් වැනි රෝගයන්ගෙන් දරුවා ආරක්ෂා කර ගැනීමට තිබෙන හොඳම මග වන්නේය.

එසේම දරුවා ළඟින් සිටින මව හෝ දරුවා රැකබලා ගන්නා කෙනෙකු යම් වෛරස් රෝගයකින් එනම් සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, වැනි රෝගයකින් පෙළෙන්නේ නම් ඔවුන් කිවිසුම් අරින විට හෝ කහින විට මුඛ ආවරණයක් භාවිතා කිරීම, ‍ලේන්සුවකින් නාසය හා මුඛය ආවරණය කර ගැනීම මගින් දරුවාව බිඳිති මගින් ආසාදනය විය හැකි රෝග කාරක විෂබිජයන්ගෙන් ආරක්ෂා කර ගත හැකිය.

විශේෂයෙන්ම වෛරස්, බැක්ටීරියා හා දිලීර රෝගයන් පැතිර යන කාලයන් තුළදී දරුවාව සෙනඟ ගැවසෙන ස්ථානයන් වෙත ගෙන යාමෙන් වැළකී සිටීම ඉතාමත් වැදගත්ය. මන්ද සෙනඟ වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයන් හී විෂබිජ වැඩි වශයෙන් සැරි සරන බැවිනි.

එසේම දරුවාට නියමිත කාලයන් තුළදී දිය යුතු එන්නත් ප්‍රමාණයන් ඒ ආකාරයෙන්ම ලබා දීම වැදගත් වන්නේය. මෙමගින් වසංගත රෝගයන් හෙවත් බෝවිය හැකි රෝගයන් බොහෝමයකින් දරුවා ආරක්ෂා කර ගැනීම ස½දහා තිබෙන හොඳම හා එකම මග වන්නේය.

තවද ඔබගේ දරුවා යම් නිදන්ගත රෝගයකින් එනම් දියවැඩියාව, ඇදුම වැනි රෝගයකින්පෙළෙන්නෙක් නම් එනම් එවැනි දරුවන්ට වෛරස් ආසාදනයක් දරුණු ලෙස බලපෑම් ඇති කළ හැකිය. ඒ අනුව ඇදුම තිබෙන දරුවෙකුට වෛරස් ආසදනයක් දරුණු ලෙස වැලඳුණහොත් එය නියුමෝනිය තත්ත්වය දක්වා වර්ධනය විය හැකිය.

ඔබගේ දරුවා ඔබේ ඇසට නොපෙනන විෂබිජයන් මගින් රෝගී කරන අතර එය අවදානම් තත්ත්වන් දක්වාද යා හැකිය. ඒ බව මතකයේ රඳවා ගෙන කටයුතු කිරීම මව්වරුන්ගේමෙන්ම වැඩිහිටියන්ගේ වගකීමක් වන්නේය.



උපුටා ගැනීම රිවිර පුවත්පත ඇසුරෙනි

More News »