Home / මවකගේ සිහිනය / බබාගේ උණට ඖෂධ දෙන්නේ මෙහෙමයි

බබාගේ උණට ඖෂධ දෙන්නේ මෙහෙමයි

2018-04-03 02:40:00       568
feature-top
ශරීර උෂ්ණත්වය නැතිනම් ඇඟේ උණ වැඩිවූ විට ලබාදෙන ඖෂධ වෛද්‍ය විද්‍යාවේදී හැඳින්වෙන්නේ ප්‍රතිජීවක (antipyretics) ඖෂධ ලෙසයි. මෙම ඖෂධ ළමුන් සඳහා බහුලව භාවිත කරයි. පැරසිටමෝල් (paracetamol) යනු බහුලව භාවිත වන ප්‍රතිජීවක (antipyretics) ඖෂධයකි. ඩෙංගු හා අනිකුත් වෛරස නිසා ඇතිවන උණ පාලනයට යොදා ගන්නා එකම ප්‍රතිජීවක ඖෂධය වන්නේ පැරසිටමෝල්ය. එය සිරප් සහ පෙති ලෙස ලබාගත හැකිය. පැරසිටමෝල් දවසකට ලබාදිය හැකි උපරිම මාත්‍රාවක් ඇත. කිසිවිටක එම මාත්‍රාවට වඩා පැරසිටමෝල් ඖෂධය ලබා නොගත යුතුය.

දරුවන් සඳහා පැරසිටමෝල් ඖෂධය ලබා දීමේදී එය ගණනය කළයුත්තේ දරුවාගේ බර අනුවය.  දරුවාගෙ වයස අනුව පැරසිටමෝල් මාත්‍රාව ගණනය කළ නොහැකිය.

වෛද්‍යවරයකු ඔබගේ දරුවාට බෙහෙත් නියම කරන සැම අවස්ථාවකම පැරසිටමෝල් ඖෂධය නියම කර ඇත්දැයි අදාළ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න. එසේ වෛද්‍යවරයා නියම කළ බෙහෙත් අතර පැරසිටමෝල් ඖෂධය තිබේ නම් කිසිවිටක අමතරව පැරසිටමෝල් දරුවාට ලබානොදෙන්න. මන්දයත්  පැරසිටමෝල් අධි මාත්‍රාවක් ලබා දීමෙන් අක්මාවට හානි සිදුවිය හැකි අතර දරුවාගේ ජීවිතය අනතුරේ හෙළිය හැකිය.

ඇස්පී්‍රන් (aspirin) වැනි ස්ටෙරොයිඩමය නොවන ප්‍රතිප්‍රදාහමය ඖෂධ උණ අඩු කිරීමට අනුමත නොකෙරේ. තවද ගුද මාර්ගයෙන් ඇතුළු කරන ස්ටෙරොයිඩමය නොවන ප්‍රතිප්‍රදාහමය ඖෂධ  (NSAIDs) ද උණ පාලනයට භාවිතය අනුමත නොකෙරේ.

උණ යනු ආසාදනයක් උදෙසා ශරීරය දක්වන ස්වාභාවික ප්‍රතිචාරයකි. ඉතාම අපහසු බවත් හෝ වේදනාවක් හෝ නැතිනම් උණ පහළ දැමීම අත්‍යාවශ්‍යම දෙයක් ද නොවෙයි.  ගැහෙන සුළු උණ බොහෝවිට වෛරස  ආසාදන හේතුවෙන් ඇතිවන අතර සීමිත කාලයකින් බැස යාමද සිදුවෙයි.  එහෙත් දරුවාගේ උණ සමග පහතින් දැක්වෙන යම් තත්ත්වයක් දක්නට ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පැතීමට  අමතක නොකළ යුතුය.

1. අලුත උපන් බිලිඳෙකුට උණ ගත් විට
2. දීර්ඝ කාලයක් තිස්සේ ඖෂධ ගන්නා දරුවකුට උණ ගත් විට
3. දින 03 කට වඩා උණ පවතින විට
4. දරුණු කන් කැක්කුමක් සමග උණ ඇති විට
5.කටහඬ වෙනස් වීම සහ ගිලීිමේ අපහසුතාව සහිතව උගුර වණවීමත් සමග උණ ඇතිවිට
6. මූත්‍රා කිරීමේ අපහසුතාවක් හෝ අඳුරු පැහැයෙන් යුතු මූත්‍රා පහ කිරීමක් හෝ සමග උණ ඇතිවිට
7. උණ අඩු කළ පසුවද ඉවසිය නොහැකි හිසරදයක් ඇතිවිට
8. විශේෂයෙන්ම වමනය සහිතව උදර ප්‍රදේශය යම් නිශ්චිත ප්‍රදේශයක වේදනාවක් ඇතිවිට
9.අත් පා වේදනාවක් හෝ හන්දි ඉදිමීමක් සහිතව උණ ඇති විට
10.උණ සමග සමේ රතු පැහැ ලප (පැල්ලම්) ඇති විට
11. උණ සමග ඇඟ මලානික වූ සීතල වූ හෝ තෙත් වූ බවක් සහිත වූ විට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය.


උපුටා ගැනීම රිවිර පුවත්පත ඇසුරෙනි

More News »