Home / මවකගේ සිහිනය / ගෞරවනීය මව්වරු

ගෞරවනීය මව්වරු

2018-04-19 10:01:00       578
feature-top
පරිසරයට අනුකූලව තමා සෑම නිර්මාණයක්‌ම නිමැවී ඇත්තේ. ගහ කොළ සතා සීපාවා පවා.
 
දරුවා හැදෙන්නේ ද පරිසරයේ විදියටමයි. තම නිවැසියන්ගේ ඇවතුම් පැවතුම් කෙසේද? ජීවන රටාව ඇසට පෙනෙන, කනට ඇසෙන දේ මොනවාද දරුවා ඒවාට ප්‍රතික්‍රියා දැක්‌වීම තුළින් සමාජයට අනුගත වෙයි.
 
 දරුවෙක්‌ ඉපදුනාම තමා ඇය අම්මා කෙනෙක්‌ වෙන්නේ. ඒ වුණාට හැමෝටම ඒ පදවිය හිමි වුණාට "අම්මා" යන අකුරු තුනට නිසි තැන දෙන්න හැමෝට ම බැහැ.
 
 ආර්ථික අතින් බොහෝ ධනවත්, සමාජයීය මට්‌ටම ඉතා ඉහළ, උගත්කමට බුද්ධිය එක්‌ වුණු අම්මලා මෙන්ම නිසි අධ්‍යාපනයක්‌ නොලද, ආර්ථිකය බිංදුවට ම ඇති සමාජයේ පහළ මට්‌ටමේ ඉන්න අම්මලාද අනන්තයි. අප්‍රමාණයි.
 
 ඔවුන් බලන්නේ දරුවා, අනාගතය තමන්ගේ මට්‌ටමට වඩා බොහෝ ඉහළින් තබන්නටයි.
 
 ඇය රැය නිදි වරයි. නිසි පෝෂ්‍යදායී ආහාර සොයයි. වෙදහෙදකම් කරයි. දරුවාගේ ලෝකය ලස්‌සන කරන්නට මොන තරම් වෙහෙසෙන්නීද?
 
 ඇතැම් අම්මාවරු දරුවන් ලොකු මහත්කර ඔවුන් සමාජගත වීමේදී ඇතිවෙන අපහසුතා ගැන බොහෝ තැවෙයි.
 
 අනේ· අපි දරුවා ගෙයින් එළියට යෑව්වේ නෑ. ඒකනේ පුතාට, දුවට මෙහෙම වෙලා තියෙන්නේ.
 
 බලන් ගියාම දරුවෝ එකතැනම පල්වේ. අනෙක්‌ දරුවෝ කරන දේ දිහා බලා සුසුම් හෙළන්නේ ඒ අය කරන දේ අදහා ගැනීමට බැරි නිසාය.
 
 තනියම මහ මග යැමට බෑ. අම්මා හෝ ඇගේ හොඳම නෑයා අවශ්‍යයි. සෙනඟ පිරුණු සමාජය තුළ ඔහු හෝ ඇය හුදකලා වී සිටින බව දැනෙයි.
 
 පාසලෙන් ගෙදරට, ගෙදරින් පාසලට පවුලේ සමීපතමයන් පමණයි, ඇසුරු කරන්නේ.
 
 අනේ· ඔවුන් මොන තරම් සමාජයෙන් කොණ්‌ වෙනවාද? තනි වෙනවාද?
 
 රැකියාවට ගියත් උසස්‌ අධ්‍යාපනය ලබන්නට ගියත් මේ අය බොහෝ හුදෙකලා චරිත බවට පත්වේ.
 
 තාරුණ්‍යයේ සිතුම් පැතුම් සමඟ මොන තරම් හදවතින් සටන් කරන්නේද?
 
 ඇත්තෙන්ම දරුවන් සෑම දෙයින්ම සන්නද්ධ කළ යුතුයි.
 
 දරුවන් නොමේරූ කළ හදාවඩා දැනුම් තේරුම් එන විට හැදෙන්නට ඇරිය යුතුයි. (ලණුව අතේ තබා ගෙන) මොන තරම් උගත්කම තිබුණත්, සමාජය තුළ ගැටීමේදී තනි නොවීමට දරුවන්ට මග පෙන්වාදිය යුතුයි.
 
 දෙමාපියන්ගේ වැරදි තීරණ මත දරුවන්ගේ අධි මානසිකත්වය හෝ හීනමානය ර¹ පවතී.
 
 රටේ යහපත් පුරවැසියකු කිරීමට අම්මා අත්පොත් තබන්නේ ආත්මාර්ථකාමී සිතුවිලි වලින් බැහැරට ගොස්‌ නම් ඇය ජයග්‍රහණය කළ මාතාවකි. 
 
 මෙවන් මව්වරු මොනතරම් ගෞරවනීයද?


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »