Home / මවකගේ සිහිනය / දරුවන්ගේ 'කිරිදත්' රැක ගත යුතු වන්නේ ඇයි?

දරුවන්ගේ 'කිරිදත්' රැක ගත යුතු වන්නේ ඇයි?

2018-05-01 11:10:00       259
feature-top
දරුවකුට මුලින්ම පැමිණෙන දත් 'කිරිදත්' ලෙස හඳුන්වන බව අපි දනිමු. මේවා ස්ථිර නොවේ. මේවා වැටී දරුවන්ට ස්ථිර දත් පැමිණෙන්නේ වයස අවු: 07 ක් පමණ වූ විටය.

කිරිදත් ස්ථිර නොවන නිසා ඒවා ආරක්ෂා කර ගැනීම එතරම් වැදගත් නොවන බව ඇතැම් දෙමාපියන්ගේ මතයයි. නමුත් කිරිදත් ආරක්ෂා කර ගැනීම ඉතාම අවශ්‍යය.

කිරිදත් ආරක්ෂා කර ගත යුතු වන්නේ ඇයි?

වඩා වැදගත් වන්නේ රෝග වලට ගොදුරු වී ප්‍රතිකාර ගැනීම නොව රෝග වලින් ආරක්ෂා වීමය.

දත් වල වේදනාවක් ඇතිවීම දරුවන්ට දරා ගැනීමට අපහසුය. එමනිසා එවැනි තත්ත්වයක් ඇති නොවීමට සැලකිලිමත් විය යුතුය.

දරුවන්ගේ වර්ධනය සඳහා අවශ්‍ය පෝෂණ කොටස් ශරීරයට උරා ගැනීමට ආහාර කුඩා කැබලි වලට කැඩිය යුතුය. ඒ සඳහා දත් ශක්තිමත් විය යුතුවේ.

ස්ථිර දත් පැමිණෙන තෙක් ඒ සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණය පවත්වාගෙන යාමට කිරිදත් අවශ්‍ය වේ.

දත් දුර්වර්ණ වීම, කැඩී යාම, මුහුණේ පෙනුම අඩුවීමට හේතුවන බැවින් දත් නිරෝගී වීම බාහිර අලංකාරය සඳහා ද අවශ්‍ය වේ.‍
 

දත් ආරක්ෂා කර ගන්නේ කෙසේද?

දත් ශක්තිමත් වීම සඳහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථය කැල්සියම්ය. එම නිසා කැල්සියම් අඩංගු ආහාර දරුවන්ට ලබා දිය යුතුය.

නමුත් දත් දිරා යාමේ ප්‍රධාන හේතුව සීනි සහිත කෑම නිතර නිතර ආහාරයට ගැනීමයි. එම නිසා එවැනි ආහාර දරුවන්ට ලබා දීම අවම කළ යුතු අතර ඒ වෙනුවට පළතුරු වර්ග ආහාරයට ගැනීමට දරුවන්ට හුරු කළ හැකිය.

දත් නිසි ලෙස පිරිසිදු නොකිරීමද දත් දිරා යාමට ‍තවත් හේතුවක් වේ. එමනිසා කුඩා කාලයේ සිටම දරුවන්ට දිනකට දෙවරක් දත් මැදීමට හුරු කළ යුතුය. කුඩා දරුවන් රාත්‍රියට කිරි භීමෙන් අනතුරුවද දරුවන්ගේ දත් තෙත පුළුන් කැබැල්ලකින් පිස දැමීමට පුළුවන.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »