Home / මවකගේ සිහිනය / කුඩා දරුවන්ගේ උගුරේ යමක් සිරවීම වළක්වාගන්න නම්
කුඩා දරුවන්ගේ උගුරේ යමක් සිරවීම වළක්වාගන්න නම්
2018-11-28 01:20:00  ★ 696

කුඩාම දරුවන් ඉතාම ශෝචණීය ලෙස මිය යාමට බහුලවම බලපාන්නේ යම් යම් දේ උගුරේ සිරවීමෙන් බව මෑතකදී සිදුකළ වෛද්‍ය පර්යේසණ මගින් සනාථ වී ඇත.
කුඩාම දරුවන්ට අල බිත්තර කැරට් ආදිය කැවීමේදී පවා ඒවා ඉතාම කුඩාම ප්‍රමාණයෙන් පොඩිකර ඉතාම සුළු ප්‍රමාණවලින් කැවීමට උනන්දුවිය යුතුය. කෑම කැවීමේදී දරුවාට පෙවීමට සුදුසු ජල බඳුනක්ද සූදානම් කරගෙන කෑම කැවීම ආරම්භ කළ යුතුය.
එමෙන්ම කඩල ඇට, මුං ඇට, කවුපි, බෝංචි ඇට පවා කිහිපයක් හදිසියේ ගිල දැමීමෙන් ඒවා දරුවාගේ උගුරේ සිරවිය හැකිය. ඉදුණු කෙසෙල් ඇතුළු පලතුරු පවා කැවීමේදී ප්‍රවේශම් වන්න. ඔලිඳ ඇට, මදටිය ඇට, ජිල්බෝල හෝ වෙනත් කුඩා දේවල් දරුවාගේ ඇසුරෙන් ඈත්කර තබන්න. විශේෂයෙන්ම මව මේ සම්බන්ධව දැනුම්වත් වී සිටීම ඉතාම වැදගත් කරුණකි.
කුඩා කුඩා කොටස්වලට ගැලවිය හැකි සෙල්ලම් බඩු දරුවාට ලබාදීමෙන් වළකින්න.
පොලිතින් ආවරණ සහිත කෑම බිම, ක්‍රීඩා භාණ්ඩ මෙන්ම සිලි සිලි බෑග් ප්ලාස්ටික් බෑග් සමග දරුවන්ට සෙල්ලම් කිරීමට දීමෙන් වළකින්න.
දොර ජනෙල්වල රෙදි පටි ආදිය එල්ලී තිබේ නම් ඒවා ඉවත් කරන්න.
දරුවාගේ මුවේ සූප්පුව රඳවා කිරි බෝතලය දරුවාට අල්ලාගන්නට සලස්වා මව එතැනින් ඉවත්ව යාම කිසිසේත්ම නොකරන්න.
දරුවාට කෑම කවන විට කෑම පිඟානට අත පෙවීමෙන් දරුවා වළකන්න.
දරුවා නිදිකරවා සිටින ඉරියව්වෙන් තබා කිසිම කෑමක් කැවීමෙන් වළකින්න.
ආහාරපාන ගන්නා අතර දරුවා සෙල්ලම් කිරීමෙන් වළක්වන්න. උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

හතරවැනි තට්ටුවේ සුදු වෑන් රියදුරන් වමාරයි..
2019-12-14 02:29:00කේරළ ගංජා සමග ගොත අසංකගේ ගෝලයෙකු එස් ටී එෆ් අත්අඩංගුවට
2019-12-14 02:27:00හිටපු ජනපති මෛත්‍රී පොළොන්නරුවේ ශ්‍රීලනිප පාක්ෂික හමුවකට එක්වෙයි
2019-12-14 02:23:00ගූගල් සෙවීම් වැඩිම වචනය ‘ශ්‍රී ලංකාව‘
2019-12-14 01:23:00සීල් මත්ස්‍යයාට බාධා එපා
2019-12-14 01:21:00හාල් 100 පනී.. රතුළුණු 500 පනී.. එලවලු මිල අහසේ.. පොල් මිලත් ඉහලට..
2019-12-14 01:06:00බලධාරීන් නොසලකා හැරි සේනා මඩින දේශීය ක්‍රමයක් ගැන පරිසරවේදියෙකුගෙන් අනාවරණයක්
2019-12-14 01:04:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com