Home / මවකගේ සිහිනය / මව්කිරි ප්‍රමාණවත්ව නිපදවෙන්න මේ උපදෙස් පිළිපදින්න

මව්කිරි ප්‍රමාණවත්ව නිපදවෙන්න මේ උපදෙස් පිළිපදින්න

2018-12-07 10:51:00       693
feature-top
ගොඩක් අම්මලාට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ පොඩි බබාට මව්කිරි මදිද නැත්නම් ප්‍රමාණවත්ද කියලා හිතන එක.

ඒත් ඇත්තටම එහෙම මව්කිරි ප්‍රමාණවත්ව නිපදවන්න බැරි වෙන්නේ අම්මලාගෙන් ඉතාම සුළු ප්‍රතිශතයකට විතරයි.

මේ ලිපියෙන් කියවෙන ක්‍රම මගින් පුළුවන් මව්කිරි වැඩියෙන් නිපදවෙන සුළු උපායන් දැනගන්නට.

1. ඔබේ දරුවාට මව්කිරි දෙන වාර ගණන වැඩි කරන්න

දරුවාට මව්කිරි දෙන ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න අම්මට කිරි එරෙන ප්‍රමාණය වැඩි වෙනවා. එහිදී සිදුවන්නේ දරුවා මව් කිරි බොන කොට අම්මගේ හෝමෝන උද්දීපනය වෙලා මව් කිරි නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරිමයි.

සරලවම කියනවනම් මව්කිරි දුන්නොත් දරුවට මව්කිරි වැඩියෙන් දෙන්න ලැබෙනවා.

2. දෙතන සම්බාහනය කරන්න

දෙතන පිරිමැදීම, සම්බාහනය කිරිමෙන් මව්කිරි නිපදවීමේ ක්‍රියාවලිය වැඩි දියුණු වෙනවා. ඔබ නාන අවස්ථාවක හෝ දරුවට කිරි දෙන වෙලාවන්ටත් මේක කරන්න පුළුවන්.

3. සමබර ආහාර වේල්

දැන් කාලයේ ගොඩක් මව්වරු දරුවා බිහිකල පසු සිතන්නේ තමන්ගේ ශරීරයේ හැඩය හා බර අඩු කරගන්නා ආකාරය ගැනයි. නමුත් හොඳින් මතක තබාගත යුතු කරුණක් වන්නේ මව්කිරි දෙන අම්මලා බර අඩු කරගන්න සිතාගෙන ආහාර පාලනය කිරීම කිසිසේත් සුදුසු නෑ. ඉන් ඔබට නිපදවෙන කිරි ප්‍රමාණය අඩුවෙන්න පුළුවන්.

මව් කිරි දෙන විට ඔබ පෝෂණයෙන් යුතු කෑම ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. කබෝහයිඩ්රේට්, ප්‍රෝටින්, මේද, විටමින් හා ඛණිජ ලවන අඩංගු ආහාර මේ අතර වීම අත්‍යවශ්‍යයි.

ඔබට ශරීරයේ බර හෝ හැඩය ගැන සිතීමට අවශ්‍යමනම් ආහාර පාලනය නොකොට වෛද්‍ය උපදෙස් ලබාගන්න.

4. විවේකය හා නිරවුල් මනසක්

බොහෝ මව්වරු තම දරුවා බිහිකල පසු තමන්ගේ මනසේ නිරවුල් බව නැති කරගන්නවා. එහෙම සිදුවීම එතරම් හොඳ දෙයක්නම් නෙමෙයි. පර්යේෂණ මගින් තහවුරු කර තිබෙන විදිහට මවට විවේකයක් හා නිරවුල් මනසක් තිබීම මව් කිරි නිෂ්පාදනය වැඩි කිරීම හා අඩු කිරිමට හේතු වෙනවා.

ප්‍රමාණවත් තරම් නින්දක් ලබන්න. පීඩාවට පත් නොවී සිටීමට හැකි තරම් උත්සහ කරන්න

5. මධ්‍යසාර, කැෆේන් අඩංගු පාන සහ දුම් පානය

සාමාන්‍ය මනුස්සයෙකුටවත් සුදුසු නැති මේ දේවල්නම් කිරි දෙන මවකට කොහෙත්ම සුදුසු නෑ. ඔබ කන බොන හා ආග්‍රහණය කරන දේවල් ඔබේ දරුවාගේ මව් කිරි වලටත් එකතු වෙන බව මතක තබා ගන්න.

6. අමතර පෝෂණීය පානයන් හෝ විටමින් වර්ග ලබා ගන්න

ඔබ දරුවාට කිරි දෙන විට අමතරව විටමින් වර්ග හා පෝෂණය ලබා ගැනීම වැදගත් වෙනවා. මේ ඔබ ලබාගත් මල්ටි විටමින් වර්ග හා ඔබ ගර්භණි කාලය තුළ ලබාගත් විටමින් වර්ග දිගටම ලබා ගැනීම කළ යුතුයි.

7. මව්කිරි දීමට නොහැකි වේලාවන්වලදී, එරෙන මව්කිරි අස්කරන්න

මව්කිරි දීමට නොහැකි වේලාවන්වලදී, එරෙන මව්කිරි අස්කිරීමට හෝ ශීතකරණයක ගබඩා කර තබන්න. එමගින් ශරීරයේ කිරි නිපදවීම නොනවත්වා සිදුවීමට හුරු වෙනවා.



(under the courtesy of hirutv.lk blog web)

More News »