67 Views  
අනේ ඩොක්ටර් දරුවා නහයට බොත්තමක් දාගෙන
,අනේ ඩොක්ටර් මගේ දරු පැටියා නහයට බොත්තමක් දාගෙනගගගග,

විශාල අදෝනාවක් සමගම ඇදිවත පිටින්ම රෝහලට දරුවා ඔසවාගෙන ආ මවක් වෛද්‍යවරයාට පැවසුවේ එවැන්නක්ග

දරුවා පරික්ෂාකර කර බැලු වෛද්‍යවරායා අදාල ප්‍රතිකාර වෙත දරුවා යොමු කරමින් පැවසුවේගමෙවන්නක්ග

උගුර කන හා නාසය ආශි‍්‍රතව දරුවන්ට සිදුවන අනතුරු අතුරින් ප්‍රමුඛස්ථානයක් ගන්නේ විවිධ ද්‍රව්‍ය භාහිරින් නාසයට ඇතුල් කර ගැනීමයිග පුංචි සන්ධියේ සිට එනම් වයස අවුග 2 සිට 11 දක්වා දරුවන් අතින් නොදැනුවත්වම සිදුවන අනපේක්ෂිත ක්‍රියාවක්ග මේ අතුරින් ඉතා අනර්තකාරී කටයුත්ත වනුයේ දරුවකු සිය මුඛය තුළට යමක් දමාගැනීමයග කුඩා බොත්තමක් හෝ මොනයම් දෙයක් හෝ සිය මුඛය තුළට දමාගැනිමේදි අනපේක්ෂිත ලෙස එය ස්වසන මාර්ගයට ඇතුලුවී සිය ජීවිතයට පවා සමුදිමට එය හේතුවක් විය හැකියිග

දරුවකු මුඛය තුළට යමක් ඇතුල්කරගත් විට එය ස්වසන මාර්ගයට හෝ ආහාර මාර්ගයට ඇතුල් විය හැකග දරුවන් මුඛයට දමා ගන්නා ද්‍රව්‍ය අතර පබලුල කාසිල බටල මකන කැබලිල කුඩා බැටරි ප්‍රමුඛ වේග මේ අතුරින් බැටරි කැබැල්ලක්ල කුඩා බොත්තමක් ස්වසන මාර්ගයට හෝ ආහාර මාර්ගයට ඇතුළු වූ විට එය දරුවාට හානි ඇතිකරවිමට සමත්වේගමෙම ආගන්තුක ද්‍රව්‍ය සිරුරට ඇතුළු වූ විට අදාල ස්ථානය අවට සෛල විනාශකොට ආහාර හා ස්වසන මාර්ග සිදුරු කරයිග

එලෙස අහිතකර ද්‍රව්‍යයක් වුවද ස්වසන මාර්ගයෙන් ඇතුළු වූ විට ස්වසනයට බාධා ඇතිවන අතර ලක්ෂණයක් ලෙස දරුවාට නොනවතින කැස්සක් හා හුස්මගැනීමේදී ශබ්දයක් ඇතිවිය හැකග මෙය ඉතා ඉක්මණින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයකිග නමුත් ආහාර මාර්ගයට ඇතුළු වූ විට කැස්සක් ඇති නොවේග නමුත් දරුවාටගේ කෙල ගිලීමෙන් අපහසුතාවයක් ඇති වේග මෙහිදි දරුවාට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන නමුත් එය ස්වසන මාර්ගයට යමක් ඇතුළු වීම තරම් ජීවිතයට තර්ජනයක් ඉක්මණින් ඇති නොකරයිග මෙම අවස්ථා දෙකෙහිදීම වෛද්‍යවරයාගේ තීරණය මත දරුවා ශල්‍යාගාරගත කොට ආගන්තුක ද්‍රව්‍ය ඉවත් කිරීමට සිදුකරයිග නමුත් කලාතුරකින් ආහාර මාර්ගයට ඇතුළු වූ යම් දෙයක් ස්වභාවික ලෙස පිටවනතුරු ඉවසා සිටිය යුතු අවස්ථාද නැතුවා නොවේග

කිසිදු හේතුවක් නොමැතිව නාසය තුළ දුගදක් හමයි නම් නාසයේ එක් පැත්තකට ස්‍රාවයක් ගලයි නම් රුධිරය වහනය වේ නම් එයින් හැඟවෙන්නේ දරුවා විසින් යම්කිසි ආගන්තුක ද්‍රව්‍යක් නාසය තුළට දමාගෙන ඇති බවයිගමෙවැනි අවස්ථාවකදි වෛද්‍යවරයා විසින් දරුවා නාසය තුලට යම් ද්‍රව්‍යක් ඇතුල්කර ගෙන ඇතැයි සිතා එය සැක හැර දැන ගැනිම පිණිස දරුවා අනිවාර්යයෙන්ම පරික්ෂාවට ලක් කළ යුතුයග දරුවාන් කුඩා බැවින් මේ පිළිබඳව බියට හෝ යම් හේතුවක් මත මේ පිළිබඳව දෙමව්පියන් දැනුවත් නොකරන බැවින් මේ පිළිබඳ කල්පනාකාරිවිම ඉතා වැදගත්යග

දරුවෙකු විසින් බොත්තමක් නාසය තුළට ඇතුල් කරවිමද ඉතා භයානක තත්ත්වයකිග එය ඉතා ඉක්මණින්ම ඉවත් නොකළහොත් නාසය තුළ ඇති මැද බිත්තිය පවා සිදුුරු විය හැකියිග කන තුලට දමන ද්‍රව්‍ය නිසා ඇසිම දුර්වලවිම මෙන්ම කනෙහි ආසාදනයන වුවද ඇතිවිය හැකගදරුවාට ඇතිවිය හැකි අනතුරු අතර පුඵන් කුරු කනට දැමිමෙන් ඇතිවන අනතුරුද ඉතා බහුලව දක්නට ලැබේග මව්පියන් පුරුද්දක් ලෙස දරුවන්ගේ කනට පුළුන් කුරු දමා කන පිරිසුදු කිරිමට පුරුදු වි සිටිග මෙය ඉතා නුසුදුසු පුරුද්දක් වන අතර එමගින් ආසාදන තත්ත්වයන් වැඩි වන අතර කනට හානි පැමිණ විය හැකි දරුවන්ට සිදුවන හදිසි අනතුරු නිරන්තරයෙන් දක්නා ලැබෙන සිදුවිම්වේගග

නිවසේ තිබෙන ඉහත සඳහන් කළ මෙවැනි ද්‍රව්‍ය භාවිතා කිරිමට දරුවාට ඉඩ සැලැස්විමෙන් දරුවා නොදැනිම එවැනි ද්‍රව්‍ය නාසයට හෝ කනට එසේත් නොමැති නම් මුඛයට දා ගැනිමට පෙළඹේගමෙවැනි අනපේක්ෂිත සිද්ධින් නිසා දරුවන්ට හදිසි අනතුරු ඇතිවිමට තිබෙන ඉඩකඩ වැඩිවේග මිට අමතරව හදිසි වැටිම් වැදිමි නිසා නාසයෙන් ලේ ගැලිම්ද කුඩා දරුවන්ට ඇතිවන තවත් අනතුරුයග මෙවැනි අවස්ථා වකදි ලේ ගැලිම නවත්වා ගැනිම සදහා අයිස් භාවිතය : නාසයේ පිටත- අනුමත කළ හැකියිගනමුත් අනතුරකදි ඇතිවිය හැකි වෙනස්කම් හෝ ඇද කුද නැවත යථා තත්ත්වයට පත්කරගැනිම සඳහාත් මෙවැනි තත්ත්වයන් සමනයට පත් කිරිම සඳහාත් වෛද්‍යවරයකුගේ උපදෙස් අත්‍යවශ්‍යවේ

curtesy : dinamina.lk


Wmqgd .ekSu weiqfrks