18 Views  
දරුවාගේ ශ්‍රවණාධාර කට්ටලය තනිව භාවිතා කිරීමට ඉඩ හරින්න
මිනිසෙකු ලෙස ඔබ මෙලොව උපත ලැබුවාසේම මිනිසෙකු ලෙස ජීවිතය ගත කිරීමේදී ද බොහෝ අභියෝග හමුවේ මුහුණ දීමට සිදුවිය හැකියි. ඒ නිසාවෙන්ම එම ගැටලුවලට මුහුණ දෙනවිට ඇතිවන අත්දැකීම් ද එවැනි ගැටලු ඉදිරියේදී පැමිණෙන විට ඒවාට මුහුණ දීමට තරම් ශක්තියක් අපගේ සිත් තුළ ගොඩ නඟනු ඇති. අපි හැකි සෑම විටෙකම ගැටලුවලට මුහුණ දෙනවා හැරුණු විට ඉන් පළා යාම කිසිවිටෙකවත් සිදු නොකළ යුතු වේ.

මන්දයත් ජීවිතයේදී ඔබ ගෙවා දමන සෑම මොහොතක්ම එම අභියෝග මඟින් අර්ථවත් වන නිසාවෙනි. සාමාන්‍ය නිරෝගී පිහිටීමක් ඇතිව ඉපදෙන දරුවෙකු ඔවුන්ට හමුවන සෑම අභියෝගයකටම සාර්ථකව මුහුණ දෙන්නට තරම් පරිණත බවක් ලබා ගන්නේ ඉබේටම වගේ. නමුත් ඒ සඳහා එතරම් නොසිතුවත් ඉන්ද්‍රියන්වල නිරෝගී බව ඉතාම වැදගත් වනු ඇත. නමුත් සෑම විටෙකම එසේ සිදු නොවේ. ඇතැම් දරුවන් අවාසාවන්ත ලෙස මෙලොව උපත ලබන්නේ ඔවුන්ගේ යම් යම් ඉන්ද්‍රියන්වල අඩුපාඩු ඇතිවය. නමුත් ඔවුන්ට එවන් අඩු පාඩුවලට මුහුණ දීමට සිදුවන්නේ කිසි ලෙසකත් ඔවුන්ගේ යම් වරදක් නිසාවෙන් නොවේ. ඒ නිසා ජීවිතය සාර්ථකව ජය ගැනීමට ඔවුන්ට සහාය ලබාදිය යුතු වනවා වගේම ඊට ඔවුන්ව හැඩ ගැස්සීමේ කාර්ය භාර්යය ඉතා වැදගත් වේ. විශේෂයෙන් මෙහිදී ශ්‍රවණාබාධිත දරුවන් පිළිබඳ වැඩි සැලකිල්ලලක් යොමු කර එය යුතු අතර එය ඔවුන්ගේ ඉදිරි ජීවිත මනාලෙස හැඩ ගස්වා ගැනීමට කදිම අත්වැලක් සපයාවි. සිතා බලන්න යම් ශ්‍රවණ ආබාධිත දරුවෙක් ශ්‍රවණාධාර කට්ටලක් පරිහරණය කරනවා යැයි කියා. අවම වශයෙන් ඔවුන්ට තමාගේ ශ්‍රවණාධාර කට්ටලයවත් තනිව භාවිතා කිරීමට හැකිවිය යුතු වේ. නමුත් එසේ තනිවම එය පරිහරණය කරනවා ද නැද්ද යන කරුණ ඔවුන්ගේ වයස් මට්ටම් අනුව ද වෙනස් වන බව ඔබ විශේෂයෙන් මතක තබාගත යුතු වේ.

විශේෂයෙන් ශ්‍රවණාධාරකය පිළිබඳ කථාබහ කරනවා නම් එය ක්‍රියාත්මක කිරීමට, ක්‍රියා විරහිත කිරීමට, බැටරි මාරු කිරීම මෙන්ම එහි ක්‍රියාකාරීත්වයේ කුමන හෝ වෙනසක් සිදු වී තිබේ නම් එය වෙනස හඳුනා ගැනීමට ද ඔවුන්ට හැකිවියය යුතු වේ. පාසැලක් තුළදී නම් විශේෂයෙන් ගුරුවරයාව දැනුවත් කිරීමටත් දරුවා ව යොමු කරවීම ඉතා වැදගත් වේ.

නමුත් මෙහිදී දරුවා සමඟ හිතර කාලය ගත කරන අය කවුරු හෝ වේවා විශේෂයෙන් මතක තබාගත යුත්තේ දරුවෙකුගේ අවශ්‍යතාවය හඳුනාගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක නොවීමයි. එසේ ඔබ දරුවා වෙනුවෙන් ක්‍රියාකාරී වනවාට වඩා දරුවාගේ එම අවශ්‍යතාව සන්නිවේදනය කරවීමට සැලැස්වීම මඟින් දරුවාට තම සන්නිවේදන නැත්නම් අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව වැඩි දියුණු කරගත හැකි වනවා මෙන්ම ස්වාධීනව ඒ සඳහා ක්‍රියාත්මක වීමේ හැකියාව ද වර්ධනය කරගත හැකිවනු ඇත.

curtesy : .dinamina.lk



Wmqgd .ekSu weiqfrks
Ads here
340 x 60
Rs. 4000/-