107 Views  
දරුවාගේ හිස වැදුණොත් කරන්න ඕනේ දේ දන්නවද?
පුංචි දරුවෙක් වැටුණම අම්මලා හරියට කලබල වෙනවාග විශේෂයෙන්ම මේ තත්ත්වය අපි වැඩිපුරම දකින්නේ ඒ අවස්ථාවේදී දරුවාගේ හිස වැදුණොත් තමයිග ඇත්තටම එහි අවදනමක් නැත්තේ නෑග මොකද මිනිස් සිරුරේ ප්‍රධාන පාලක මැදිරි ලෙස හඳුන්වන්න පුළුවන් අපේ මොළයට හිස වැදීම හේතුවෙන් හානි විය හැකි අවස්ථාත් තිඛෙන නිසාග නමුත් මෙවැනි දරුණු තත්ත්වයක් ඇති වීමට නම් දරුණු ලෙස හිස වැදීමක් විය යුතුයිග කෙසේ වුවද මේ පිළිබඳව මව්පියන් දැනුවත් වීම වඩාත් වැදගත් වෙනවාග
සාමාන්‍ය හිස වැදීමකදීල

එතරම් උස් නොවූ ස්ථානයකින් දරුවා ඇද වැටීමකට ලක්වී හිසේ වැදුණු ස්ථානය තඩිස්සි වන්නේ හිස තදින් වැදීමකදී හිස වටා සමෙහි ඇති රුධිර නාලිකාවලට හානි වීමෙන් රුධිරය සම මතුපිටට එකතු වීම නිසා හිස් කබලත් සමත් අතර ඉදිමුමක් ඇති වීමෙනිග මේ තත්ත්වය එතරම් භයානක තත්ත්වයක් නොවන අතරම දිනකින් දෙකකින් මගහැරී යයිග මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නොවන අතරම ඇතැම් මව්වරුන් අයිස් තබා  තැවීමල බටර් ගැල්වීම වැනි දේට පුරුදුව සිටීග
දරුණු හිස වැදීමකදීල එනම් ඉතා ඉහළ ස්ථානයකින් ඇද වැටීමකදීල

    මොළය ආවරණය වී ඇති ඩූරා පටලයත් මොළයත් අතර රුධිර වහනයක් ඇති වුවහොත් එය පෙර සඳහන් කළ පරිදිම භයානක තත්ත්වයකිග
    මොළය තුළ සිදුවන තෙරපුමක් නිසා පහළට තද වීම හේතුවෙන් කුඩා මොළය නම් වූ කොටස සුශුම්නාවට තද වීමෙන් දරුවා ජීවිත අවදානමකට පවා ලක්විය හැකියග
    හිස වැදුණු පසු තඩිස්සි වීමකින් තොරව හිස් කබල ඇතුළතින් පිපිරීමට ලක් විය හැකියග
    හිස අභ්‍යන්තරයේ තඩිස්සි වීම් ඇති විය හැකිය

හිස වැදීමකින් පසුව දවසක් පැය 24ක් නිරෝගීව සිටි දරුවෙකුල

    වේගයෙන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම
    හෘද ස්පන්දනය වේගවත් වීම
    හිසේ වේදනාවක් ගැන විටින් විට පැවසීම
    ඇවිදින ආකාරයේ වෙනසක් පෙන්වීම
    ඇඬිම
    වමනයරැක්ලාන්ත ගතියරැවලිප්පු තත්ත්වය
    නාසයෙන්රැකටින්රැකනින් අවර්ණ දියරයක් ශ්‍රාවය වීම

අංශභාග තත්ත්වය වැනි ලක්ෂණ පෙන්නුම් කරයි නම් ඒවා අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවන අවස්ථාවකදී පෙන්නුම් කරන ලක්ෂණ බැවින් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමු විය යුතු වේග

ඉහත රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවෙකු රෝහල්ගත කළ විගස අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇත්දැයි නිශ්චිතවම හඳුනා ගැනීමට ස්කෑන් පරික්ෂණ සිදු කරල අවශ්‍ය වුවහොත්ල ශල්‍යකර්මයකට යොමු කර රුධිර කැට ඉවත් කරයිග මෙවැනි තත්ත්වයකදී රුධිර වහනය හේතුවෙන් ස්නායු තෙරපුමට ලක් වී ස්නායූවලට හානි සිදු විය හැකියග

    රුධිර කැටිය සිර වන පැත්තට විරුද්ධ පස දෑත් දෙපා අප්‍රාණික වීම
    කථනය හා සම්බන්ධ ස්නායූවලට හානි වීම හේතුවෙන් ගොතය ඇති වීම
    රුධිර වහනයක් හිස පිටුපසින් සිදුවුණි නම් දෟෂ්‍යාබාධ ඇති වීම
    දීර්ඝ කාලීනව ආබාධිත තත්ත්වයට පත් වීම

තදින් හිස වැදුණු දරුවෙකු රෝහල් ගත කරන තෙක් ලබාදිය යුතු ප්‍රථමාධාරල
සාමාන්‍ය හිස වැදීමකදී ථ

    පිරිසිදු රෙදි කඩකට අයිස් දමා ගෙඩි ගැසුණු පෙදෙස විනාඩි 20 පමණ වරින් වර තැවිය හැකියග අවශ්‍ය නම් පැය දෙක තුනකට පසු නැවත අයිස් තබන්නග

හිස වැදීමකින් පසුථ

    පැයක් දෙකක් ගත වන තුරු නිදි කරවීමෙන් වළකින්න
    වමනයරැක්ලාන්තය ඇත්නම් වෛද්‍ය උපදෙස් කරා යොමු වන්න

හිස පැලී තුවාල වී ඇත්නම් ථ

    පිරිසිදු රෙදි කැබැල්ලකින් ආවරණය කරන්න
    අයිස් තබා හෝ රුධිර වහනය අවම කරන්න
    තුවාල තුළ ගල් කැබලිරැවීදුරු කටු ඇත්නම් ඒවා ඉවත් කිරීමට යාමෙන් වළකින්න

    වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂුද්‍ර ජීවී විද්‍යා අංශයේ ජ්යෙෂ්ඨ ලේඛකාධිකාරී ල වෛද්‍ය එම්ග එන් ජයවර්ධන හා සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ පුහුණු වෛද්‍ය මහේෂ් කුඹුකගේ යන වෛද්‍යවරුන් සමග සකසන ලද ලිපියකි

curtesy :parenting.lk