නමුත් දිර්ඝකාලීනව මෙලෙස උඩුබැලි අතට එනම් මෙට්ටයට පිටදී නිදීමෙන් ඇති වන අවාසිය වන්නේ පැතලි හෝ හැඩය විකෘති වූ - Tharunaya - Mother Dreams"/> දරුවා නිදි කරවන නිවැරදිම ඉරියව්ව ගැන දැනගන්න අවශ්‍යද? - Mother Dreams
117 Views  
දරුවා නිදි කරවන නිවැරදිම ඉරියව්ව ගැන දැනගන්න අවශ්‍යද?
දරුවකු යනු අපේ රටේ ඉදිරි අනාගතයිග මෙවන් මහගු වු දරු සම්පත සුරක්ෂිතව හා ආදරණීයව රැකබලා ගැනීම අප කාගේත් යුතුකම මෙන්ම වගකීමක්ද වන බව නොරහසකිග නින්ද යනු ළදරු වියේදී ඉතා වැදගත් වන සාදක අතුරින් එකකිග ඔබගේ නිවසේත් ළදරුවෙකු සිටී නම් ඔහුගේ හෝ ඇයගේ නිදන ඉරියව්ව පිළිබඳව දැන සිටීම ඉතා වැදගත් වේග ආරක්ෂාකාරී නිදන ඉරියව් මොනවාද යන ගැටලුව වර්තමානය වන විට බොහෝ මව්වරුන් පිළිතුරු සොයමින් සිටින අවස්ථාවකිග

අද වන විට අවුරුදු 01 ට අඩු ළදරුවන්ගේ හදිසි මරණ ඇති වීමේ හේතුවක් ලෙස ආරක්ෂාකාරී නොවන නිදන ඉරියව් අනුගමනය කිරීම හේතුවක් වී ඇතග මෙම අවස්ථාවන් SUDI (Sudden unexpected Death in Infancy) සහ SIDS (Sudden Infant Death Syndrome) ලෙස හදුන්වනු ලැබේග මෙම තත්ත්ව උදා වීමට පහත හේතූ බලපානු ලැබේග

    දරුවා මුනින් අතට හෝ පැත්තකට ඇලව නිදි කිරිම
    ඉතා මෘදු වූ මෙට්ටල ඇතිරිලිල සෝෆාල කොට්ට යනාදියේ දරුවන් නිදි කරවීම
    දරුවාගේ මුහුණ හෝ හිස ඇතිරිලි වලින් වසා තැබීම
    මෙම හේතුව නිසා දරුවට හුස්ම ගැනීමට අපහසු වීම හ උණුසුම වැඩිවීම සිදු විය හැක

ඉහත සදහන් කරන ලද අවදානම් තත්ත්ව නිසා දරුවකුගේ ආරක්ෂාකාරී සහ ආරක්ෂාකාරී නොවන නිදන ඉරියව් පිළිබද අවබෝධයෙන් සිටීම ඉතා වැදගත් වේග එම ඉරියව් පහත පරිදි වේග
උඩුබැලි අතට නිදීම හෙවත් පිටුපස මෙට්ටයෙහි ස්පර්ශ වන පරිදි නිදීමග (sleep on back)

මෙම ඉරියව්ව්
SIDS අවස්ථාවලින් දරුවා මුදවා ගත හැකි වඩාත් සුදුසුම නිදන ඉරියව්ව වේග මෙම ඉරියව්ව් අනුගමනය කිරිමේදී ශ්වසන මාර්ගය ඉතා හොදින් විවෘතව පවතීග ඇමරික එක්සත් ජනපදයේ ජාතික ළමා හා මානව සංවර්ධන ආයතනය (NICHD – National Institute of Child Health and Human Development) මගින්ද උඩුබැලි අතට නිදීම ආරක්ෂාකාරී ඉරියව්ව ලෙස නම් කර ඇතග

නමුත් දිර්ඝකාලීනව මෙලෙස උඩුබැලි අතට එනම් මෙට්ටයට පිටදී නිදීමෙන් ඇති වන අවාසිය වන්නේ පැතලි හෝ හැඩය විකෘති වූ හිස සහ හිස්කබලේ පිටුපස පැතලි බව ඇති වීමයිග නමුත් මෙම තත්ත්වය දරුවාට අවුරුද්දක්  පමණ වන විට කාලයත් සමගම අඩු වී යන අතර ඉතා කලාතුරකින් ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයට පත් වේග සරල උපක්‍රම කිහිපයක් මගින් මෙම තත්ත්ව වළක්වා ගත හැකි බැවින් මෙම තත්ත්ව පිළිබද බිය විය යුතු නොවේග

    දරුවා අවදි වූ විගස මදක් මුනින් අතට තැබීම
    පැතිලි වී ඇති පැත්තට විරුද්ධ දෙසට හිස හරවා තැබීමග
    නිදාගන්න අවස්ථාව හැරුණු කොට අනෙක් අවස්ථාවන් වලදී උඩුබැලි අතට තැබීම අඩු කිරීමග
    හිස හරවා තබන දිශාව මොහොතින් මොහොත වෙනස් කිරීමග

මුනින් අතට නිදීම හෙවත් උදරය මෙට්ටයෙහි ස්පර්ශ වන පරිදි නිදීමග (Sleep on stomach)

මෙම ඉරියව්ව හේතු ගණනාවක් නිසා අනුගමනය නොකළ යුතු ඉරියව්වක් බවට සනාථ කර ඇතග

    මෙයින් ළදරුවාගේ හනු පෙදෙසට ඇති කරන පීඩනය වැඩි වන අතර ශ්වසන මාර්ගය අවහිර වීම හ එම නිසා හුස්ම ගැනීමේ අපහසුතාවය ඇතිවේග
    ඇතිරිලි වලට ඉතා ළගින් මුහුණ තිබීම නිසා එකම වාතය ආශ්වාස ප්‍රාශ්වාස කිරීම සිදු වේග
    ඉතා මෘදු මෙට්ට් මත මුනින් අතට නිදීමෙන් ළදරුවෙකුගේ හුස්ම හිරවීම පවා සිදූ විය හැකග
    ළදරුවා මෙට්ටය මත ඇති විෂබීජ ද ආශ්වාස ප්‍රාශ්වාස කරයිග

ඉතා කලාතුරකින් වෛද්‍යමය හේතු මත දරුවා මුනින් අතට තැබීමට වෛද්‍යවරුන් උපදෙස් දෙනු ලැබේග වෛද්‍ය වෘතිකයන් සුළු පිරිසක් දරුවාගේ උදර අම්ලොද්ගාර හා ඉහල ශ්වසන මාර්ග විකෘති තත්වයන් වලදී මුනින් අතට නිදීම ගුණ දෙන බවට විශ්වාස කරයිග නමුත් බොහෝ වෛද්‍යවරුන් මෙම ඉරියව්වේ ඇති අවදානම නිසා එම ඉරියව්ව අනුමත නොකරයිග
පැත්තකට හරවා නිදි කරවීම 

ිසාැ_ිකැැච

අනාරක්ෂිත ඉරියව්වක් වන අතර එමගින් ළදරුවන්ට ඉතා ඉක්මනින් මුනින් අතට හැරීමට හැකි විම හේතුව වේග එම නිසා
SIDS වැනි තත්ත්ව ඇති වීම වැළක්විය නොහැකග මෙම හේතුවෙන් පැත්තකට හැරී නිදීමද නුසුදුසු වේග

නින්ද සහ ඉරියව් පිළිබද සලකා බැලීමේදී මව්කිරි පෙවීමෙන් පසු හෝ බෝතලේ කිරී පෙවීමෙන් පසු දරුවා මදක් ඉහලට ඔසවා උරහිසෙහි හිස හොව තබා ගැනීමෙන් වැඩිපුර පෙවී ඇති කිරී ඉවත් වීමල හොදින් උගුරට යාම සිදුවේග ඉන් පසුව දරුවා මදක් මුනින් අතට තබා ඉන් පසුව උඩුබැලි අතට නිදි කරවීම ඉතා සුදුසු වේග මෙලෙස නිදි කරවන ඉරියව් පිලිබදව සලකා බැලීම ඉතාම වටීග

    ඉතා මෘදු මෙට්ටල කොට්ටල සෝෆා භාවිත නොකරන්න
    දරුවා නිදන ස්ථානය අවට ඇති සෙල්ලම් බඩු ඉවත් කරන්න
    දරුවාගේ මුහුණ හෝ හිස වැසෙන පරිදි ඇතිරිලි නොදමන්නග පරිසරය සිසිල් නම් උණුසුම් ඇදුම් අන්දවා දරුවා නිදි කරවන්න
    අධික උණුසුම ඇති වන පරිදි ඇතිරිලිල ඇදුම් භාවිත නොකරන්නග කාමරයේ උෂ්ණත්වය පිලිබදව සලක බලන්න
    දරුවා නිදන ඇද අසල විදුලි පංකාල වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක නොකරන්නග සුළං සැර නිසා දරුවාට හුස්ම ගැනීමට අපහසු වන බැවිනිග කාමරය උණුසුම් නම් පමණක් ඇදේ පැත්තකින් දුරට වන්නට විදුලි පංකාවක් ක්‍රියාත්මක කරන්නග වතුර බේසමක් ඇද අසල තබන්නග :ශරීරයේ ජලය උර ගැනීමෙන් දරුවා විජලනය වන බැවිනි-

මේ අනුව දරුවා නිදන ඉරියව්ව පිලිබදව නිතර අවදානයෙන් පසු වීම අනාගතයේ පසුතැවීමට හේතු කාරණා ගෙන නොදේග

curtesy :parenting.lk